ඔබට වෙනත් භාෂාවකින් පොත් පත් අවශ්‍යද?
සභාවේ නැති, වෙනත් භාෂාවකින් පොත් පත් කියවීමට කැමති අයව ඉඳහිට අපට දේවසේවයේදී මුණගැසෙනවා. ඔබට ඉන්ටනෙට් පහසුකම් හා ප්‍රින්ටරයක් තිබෙනවා නම් භාෂා 400කින් පමණ අපේ ප්‍රකාශන මුද්‍රණය කරගත හැකි බව ඔබ දැන සිටියාද? ඒ සඳහා පියවර මෙයයි.
• www.watchtower.org නමැති අපේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.
• වෙබ් අඩවියේ මුල් පිටුවේ දකුණු පසින් භාෂා කිහිපයක් අඩංගු ලැයිස්තුවක් දිස්වෙයි. තවත් භාෂා අවශ්‍ය නම් එහි දැක්වෙන ලෝක ගෝලය ක්ලික් කරන්න.
• ඔබට වුවමනා භාෂාව තෝරාගත් පසු එම භාෂාවෙන් මුද්‍රණය කළ හැකි පොත් පත් ලැයිස්තුව දිස් වෙයි. එම පිටුව නිර්මාණය කර තිබෙන්නේ ඔබ තෝරාගත් භාෂාවෙන් නිසා සමහරවිට ඔබට එය නොතේරෙන්න පුළුවන්.
• පසුව ඕනෑම ප්රකාශනයක් මත ක්ලික් කරන්න. එවිට ප්රකාශනය තිරය මත දිස් වෙයි. ඉන්පසු එය මුද්‍රණය කරගත හැකියි.
එම වෙබ් අඩවියේ තිබෙන්නේ ප්‍රකාශන කිහිපයක් පමණයි. එම පුද්ගලයා දිගටම උනන්දුවක් දක්වයි නම් අවශ්‍ය ප්‍රකාශන සභාව මාර්ගයෙන් ඉල්ලුම් කිරීම වඩාත් සුදුසුයි.