දේවසේවය සඳහා දෙවි ලබා දෙන පුහුණුව
1. දෙවි මිනිසුන්ට යම් පැවරුම් ලබා දෙන විට ඒත් සමඟම ලබාදෙන්නේ කුමක්ද?
1 දෙවි, මිනිසුන්ට යම් කාර්යයක් පවරන විට එය සාර්ථකව නිම කිරීමට අවශ්‍ය උපකාරය හා මඟ පෙන්වීම් සපයනවා. උදාහරණයකට විශාල නැවක් සාදන්න කියා නෝවාට පැවසූ විට ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම්ද ලබා දුන්නා. (උත්. 6:14-16) ඊශ්‍රායෙලයේ සිටි වැඩිමහල්ලන් හා පාරාවෝ වෙතට දෙවිගේ පණිවිඩය රැගෙන යෑමට මෝසෙස්ට පැවරුමක් දුන් විට දෙවි මෙවැනි සහතිකයක්ද ඔහුට දුන්නා. “ඔබ කතා කරන විට මම ඔබ සමඟ සිටිමි. ඔබ පැවසිය යුතු වචන මම ඔබට කියා දෙන්නෙමි.” (නික්. 4:12) අපටද ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ පැවරුමක් දෙවි දී තිබෙනවා. එය කරන ආකාරය ගැන මඟ පෙන්වීම්ද දෙවි ලබා දෙනවා. ඔහු එය කරන්නේ සේවා පාසැල හා සේවා රැස්වීම මගිනුයි. අපට ඉන් ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද?
2. සේවා පාසැලෙන් අපට ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද?
2 සේවා පාසැල: සෑම රැස්වීමකටම සහභාගි වීමට පෙර අදාළ සතියට නියමිත කොටස්වලට සූදානම් වී පැමිණෙන්න. එම තොරතුරු යොදාගනිමින් ශිෂ්‍යයන් කතා ගොඩනඟා ඇති ආකාරය තේරුම්ගන්නා විට ඔබේ ඉගැන්වීමේ හැකියාවද දියුණු කරගැනීමට ඔබට හැකි වෙයි. (හිතෝ. 27:17) රැස්වීමට පැමිණෙන විට සේවා පාසැල පොත රැගෙන එන්න. සෑම කතාවක් අවසානයේදී පාසැල මෙහෙයවන්නා එම පොතට අවධානය යොමු කරන විට ඔබ අදාළ කරගැනීමට අදහස් කරන කරුණු ලකුණු කරගන්න. පිටුවේ ඇති හිස් තීරුවේ කෙටි සටහන් ගන්න. මෙම පාසැලෙන් හොඳින්ම ප්‍රයෝජන ගත හැක්කේ ඊට ඇතුල් වීමෙනුයි. ඔබ දැනටමත් එහි ශිෂ්‍යයෙක් නම් පැවරුමක් ලැබුණු විට හොඳින් සූදානම් වන්න. ලැබෙන උපදෙස් අදාළ කරගන්න. දේවසේවයේදී ඔබ ඉගෙනගත් දේවල් ක්‍රියාත්මක කරන්න.
3. සේවා රැස්වීමෙන් ප්‍රයෝජන ගැනීමට හැකි ක්‍රම මොනවාද?
3 සේවා රැස්වීම: රැස්වීම්වලදී ඉදිරිපත් කරන යෝජනා මතක තබාගත හැකි කදිම ක්‍රමයක් වන්නේ සාකච්ඡා කරන තොරතුරු නිවසේදී හොඳින් සූදානම් වී පැමිණීමයි. අප කෙටි පිළිතුරු දෙන විට තවත් බොහෝදෙනෙකුට ඒ සඳහා අවස්ථාව ලැබෙයි. ඉදිරිපත් කරන නිරූපණවලට කිට්ටු අවධානයක් දෙන්න. ඒ වගේම දේවසේවයේදී වඩාත් බලපෑමෙන් යුක්තයි කියා ඔබට හැඟෙන ඕනෑම යෝජනාවක් ක්‍රියාත්මක කරන්න. විටින් විට භාවිත කිරීමට සිදු වන රාජ්‍ය සේවාවේ පළ වන අතිරේක වැනි ලිපි ළඟ තබාගන්න.
4. දෙවි ලබා දෙන පුහුණුවෙන් අප හොඳින් ප්‍රයෝජන ගත යුත්තේ ඇයි?
4 දෙවි නෝවාට හා මෝසෙස්ට දුන් පැවරුම් හා සමානව ලොව පුරා ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අපට දී තිබෙන පැවරුමද අභියෝගාත්මක එකක්. (මතෙ. 24:14) නමුත් අපි නිතරම අපගේ ශ්‍රේෂ්ඨ උපදේශක වන යෙහෝවා දෙවිගේ උපකාර පතා ඔහු ලබා දෙන පුහුණුවෙන් ප්‍රයෝජන ගන්නවා නම් එම පැවරුම සාර්ථකව ඉටු කළ හැකි බව ස්ථිරයි.—යෙසා. 30:20.