සේවයේ දක්ෂ වීමට බාධා ජය ගන්න
ඒක වැදගත් ඇයි? ස්වාභාවික විපතක් සිදු වෙන්න ළඟයි කියලා ඔබ දැනගත්තා කියලා හිතන්න. එතනින් ඉවත් වුණේ නැත්නම් ජීවිත අනතුරේ. ඔබේ අසල්වැසියෙකුට ඒ අනතුර ගැන කියන්න ගියත් ඔහුට ඒක අහන්න වෙලාවක් නැහැ කියලා කිව්වොත් ඔබ මොකද කරන්නේ? ජීවිතය ගලවගන්න ඔහුට උදව් කරන එක අත්හරිනවාද? නෑ. අපේ ප්රදේශයේ ඉන්න හුඟක් අයත් අපේ පණිවිඩේ ප්රතික්ෂේප කරනවා. අපේ පණිවිඩේ ජීවිත ගලවන වටිනා එකක් කියලා ඒ අය දන්නේ නෑ. සමහරවිට අපි ඔවුන්ව මුණගැහෙන්න යන වෙලාවේ ඔවුන් කාර්යබහුලව ඉන්න ඉඩ තියෙනවා. (මතෙ. 24:37-39) කටකතා අහලා අපි ගැන වැරදියට හිතාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. (මතෙ. 11:18, 19) අපි හා අනිත් ආගම්වල අය අතරේ වෙනසක් නැහැ කියලා හිතන්නත් ඉඩ තියෙනවා. (2 පේතෘ. 2:1, 2) නිවැසියා මුල් අවස්ථාවේදී අකමැති වුණ නිසාම උත්සාහය අත්හරින්න හොඳ නෑ.
මාසය තුළ මෙය අත්හදා බලන්න
කැමති නැහැ කියලා කිව්ව නිවැසියාගේ ගෙදරින් පිට වෙලා එද්දී, ඊට වඩා හොඳින් ප්රතිචාරය දක්වන්න පුළුවන්කම තිබුණේ කොහොමද කියලා ඔබ එක්ක සේවයේ යන කෙනාත් එක්ක කතා කරන්න.