සේවයේ දක්ෂ වීමට ඉන්ටකොම්වලින් සාක්ෂි දරන්න
ඒක වැදගත් ඇයි? ගේට්ටු කණුවේ හරි බිත්තියේ හරි තියෙන ඉන්ටකොම් දුරකථනවලින් කතා කරන එක අපිට අභියෝගයක් වෙන්න පුළුවන්. එතකොට යහපත් ක්රියා කරන්න තියෙන උද්යෝගය අඩු වෙයි. සමහර අයට ශුභාරංචිය කියන්න පුළුවන් එකම විදිහ ඒකයි. (රෝම 10:14) ඉන්ටකොම් එකෙන් සාක්ෂි දරලා ලබපු හොඳ අද්දැකීම් තියෙනවා. (ඉංග්රීසි ‘2011 වාර්ෂික පොත’ 65-66 පි. සහ ‘2000 වාර්ෂික පොත’ 54 පි. 3 ඡේ. බලන්න.) මේ යෝජනා බලන්න.
මාසය තුළ මෙය අත්හදා බලන්න
පවුලේ නමස්කාරයේදී දෙන්නෙක්ට පුළුවන් මූණ නොබලා ඉන්ටකොම් එකෙන් කතා කරනවා කියලා හිතාගෙන පෙරහුරු කරන්න.