ජූලි 27න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 27න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 60 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 7වෙනි පරි. 10-19 ඡේ. සහ 93වෙනි පිටුවේ කොටුව (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 රාජාවලිය 15-17 (විනා. 8යි)
අංක 1: 1 රාජාවලිය 15:16-24 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: භාර්යාවන්ට බයිබලයේ තියෙන මඟ පෙන්වීම් මොනවාද?—igw 26 පි. 3-4 ඡේ. (විනා. 5යි)
අංක 3: දෙවියන් හැම යාච්ඤාවකටම සවන් දෙනවද?—w13 8/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: “ගොස් . . . ගෝලයන් වෙන්න උපකාර කරන්න.”—මතෙ. 28:19, 20.
විනා. 10: ඔබ සේවයේ දක්ෂ වීමට උත්සාහ කරනවාද? සාකච්ඡාවක්. 2014 පෙබරවාරි ‘රාජ්‍ය සේවාවේ’ “සේවයේ දක්ෂ වීමට” කියන කොටසේ පළවෙනි ඡේදය සලකා බලන්න. ඒකේ මේ ලිපි මාලාවේ අරමුණ පැහැදිලි කරලා තියෙනවා. කලින් ලිපි කීපයක් කෙටියෙන් සලකා බලන්න. මේ ලිපිවලින් ලැබුණු ප්‍රයෝජන ගැන සබයෙන් අහන්න. “මාසය තුළ මෙය අත්හදා බලන්න” යන කොටසේ දීලා තියෙන යෝජනා හැම මාසයකම අදාළ කරගන්න විශේෂ අවධානයක් දෙන්න කියලා දිරිගන්වන්න.
විනා. 10: ‘දේවවචනයට හැඳින්වීමක්’ කියන පොතෙන් ප්‍රයෝජන ගන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න. සාකච්ඡාවක්. මේ ප්‍රශ්නවලින් ප්‍රයෝජන ගන්න ශිෂ්‍යයාට උදව් කරන්න පුළුවන් විදිහ සලකා බලන්න. (1) බයිබල් පද හොයාගන්නේ කොහොමද? (2) 19වෙනි ප්රශ්නය: බයිබලයට ඇතුළත් වන පොත්වල තියෙන්නේ මොනවාද? (3) 20වෙනි ප්රශ්නය: බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද? පාඩමෙන් පස්සේ ඒකෙන් එකක් ගැන ශිෂ්‍යයා එක්ක ප්‍රචාරකයා සාකච්ඡා කරන විදිහ කෙටියෙන් නිරූපණය කරන්න.
විනා. 10: “දක්ෂ ලෙස උගන්වන්න ලැබුණු මෙවලම්.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 125 සහ යාච්ඤාව