යහපත් ක්‍රිස්තියානීන් වෙමු
අවුරුද්දකට කරලා බලමුද?
මොකක් ගැනද මේ කියන්නේ? ස්ථාවර පුරෝගාමි සේවය ගැන. ඒකෙන් ඔයාට හුඟක් ආශීර්වාද අද්දකින්න ලැබෙයි.—හිතෝ 10:22.
පුරෝගාමි සේවය කළොත් . . .
දක්ෂ විදිහට සේවයේ හවුල් වෙන්නත් සේවයෙන් වැඩි සතුටක් ලබන්නත් ඔයාට පුළුවන්
යෙහෝවා දෙවිත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න පුළුවන්. නිතරම අනිත් අයත් එක්ක දෙවි ගැන කතා කරද්දී දෙවිගේ කැපීපෙනෙන ගුණාංග ඔයාට නිතරම මතක් වෙයි
දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන එකෙන් සැබෑ තෘප්තියක් අද්දකින්නත් අනිත් අය වෙනුවෙන් දේවල් කරන එකෙන් සතුටක් ලබන්නත් ඔයාට පුළුවන්.—මතෙ 6:33; ක්‍රියා 20:35
චාරිකා සතියේ පවත්වන පුරෝගාමි රැස්වීමට, එක්දින චාරිකා සමුළුවට කලින් පවත්වන පුරෝගාමි රැස්වීමට වගේම පුරෝගාමි පාසැලට සහභාගි වෙන්නත් ඔයාට පුළුවන්
හුඟක් බයිබල් පාඩම් පවත්වන්න ඔයාට අවස්ථාව ලැබෙයි
සේවයේ යන අයත් එක්ක වැඩි කාලයක් ගත කරන්න ලැබෙන නිසා එයාලව දිරිගන්වන්නත් එයාලගෙන් දිරිගැන්වීම් ලබන්නත් පුළුවන් වෙනවා.—රෝම 1:11, 12