යහපත් ක්‍රිස්තියානීන් වෙමු
පුරෝගාමියෙක් විදිහට යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න
යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න ඊශ්‍රායෙල්වරුන්ට ඕන තරම් හේතු තිබුණා. දෙවියන් එයාලව ඊජිප්තුවෙන් පිටතට ගෙනල්ලා පාරාවෝ සහ එයාගේ හමුදාව අතිනුත් බේරගත්තා. (නික් 15:1, 2) යෙහෝවා දෙවියන් දිගටම අපි වෙනුවෙන් හුඟක් යහපත් දේවල් කරනවා. ඒ වෙනුවෙන් අගය පෙන්වන්න පුළුවන් කොහොමද?—ගීතා 116:12.
එක විදිහක් තමයි සහායක පුරෝගාමි සේවයේ නැත්නම් ස්ථාවර පුරෝගාමි සේවයේ හවුල් වෙන එක. ඒ දේට ඔයාගේ හිතේ ආසාවක් ඇති කරන්න කියලත් ඒක කරන්න ශක්තිය දෙන්න කියලත් යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලන්න. (ෆිලි 2:13) සහායක පුරෝගාමි සේවය තමයි හුඟක් අය මුලින්ම කරන්න පටන්ගන්නේ. ඔයාටත් පුළුවන් මාර්තු, අප්‍රියෙල් මාසවලදී නැත්නම් චාරිකා සතිය යෙදෙන මාසවලදී පැය 30ක් හරි 50ක් හරි කරලා සහායක පුරෝගාමි සේවය කරන්න. සහායක පුරෝගාමි සේවය කරලා සතුටක් ලබද්දී ස්ථාවර පුරෝගාමි සේවය කරන්නත් ඔයාගේ හිතේ ආසාවක් ඇති වෙයි. පූර්ණකාලීන රැකියාවක් කරන අය, අසනීප තත්වයන් මැද ඉන්න අය පවා ස්ථාවර පුරෝගාමි සේවය කරනවා. (mwb16.07 8) යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න අපි අපේ උපරිමයෙන් වෑයම් කරන්න ඕනේ. මොකද ඔහු ඇත්තටම අපේ ප්‍රශංසාව ලබන්න වටිනවා.—1ලේක 16:25.
‘මොංගෝලියාවේ සේවය කරන එක කුස උපන් සහෝදරියන්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
ඒ සහෝදරියන් තුන්දෙනාට පුරෝගාමි සේවය පටන්ගන්න ජය ගන්න වුණේ මොන අභියෝගද?
එයාලා අද්දැකලා තියෙන ආශීර්වාද මොනවාද?
ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්ත නිසා තවත් මොන වගේ විදිවලින් සේවය කරන්නද එයාලට අවස්ථාව ලැබුණේ?
එයාලගේ ආදර්ශය අනිත් අයට බලපෑවේ කොහොමද?