ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජනවාරි 7 පි.
  • ආදරය පෙන්වන්න හොඳ අවස්ථාවක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආදරය පෙන්වන්න හොඳ අවස්ථාවක්!
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දෙවිගේ සෙනඟට ප්‍රීතිමත් අවස්ථාවක් වන සමුළු
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • එක්රැස්වීම්හි දී ප්‍රීතිවෙමින් සහ දෙවියන් වහන්සේ පසසමින්
    යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙ—ලොව පුරා එක්සත් ව දෙවියන් වහන්සේගේ කැමැත්ත කරමින් සිටිති
  • යෙහෝවාගේ සාක්ෂිකරුවන් ජාත්‍යන්තර සමුළු පවත්වන්න යනවා
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වර්ෂ 2003 ජාත්‍යන්තර සමුළු
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජනවාරි 7 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ආදරය පෙන්වන්න හොඳ අවස්ථාවක්!

ජාත්‍යන්තර සමුළුකදී පිටරටින් ආපු සහෝදර සහෝදරියන් ෆොටෝ එකක් ගන්නවා.

අපේ සමුළුවලින් අපි මේ තරම් සතුටක් ලබන්නේ ඇයි? අතීතයේ ඊශ්‍රායෙල්වරු පවත්වපු උත්සවවලදී වගේම අපේ සමුළුවලදිත් සහෝදර සහෝදරියන් දහස් ගාණක් එක්ක එකට එකතු වෙලා යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. සමුළුවලදී අපි ඉගෙනගන්න දේවල් දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙනවා. අපේ පවුල්වල අයත් එක්ක, යාළුවොත් එක්ක ආශ්‍රය කරන්න ලැබෙන එකත් අපිට ලොකු සතුටක්. සමුළු ගැන අපේ හිතේ තියෙන අගය නිසා දවස් තුනටම සහභාගි වෙන්න අපි පෙලඹෙනවා.

සමුළුවලදී අපිටම ප්‍රයෝජන ගන්න එක ගැන හිතනවා වෙනුවට අනිත් අයට ආදරය පෙන්වන්න පුළුවන් විදි ගැන අපි හිතන්න ඕනේ. (ගලා 6:10; හෙබ්‍රෙ 10:24, 25) තව කෙනෙක් වෙනුවෙන් දොරක් ඇරගෙන ඉන්න එකෙන්, අවශ්‍ය ප්‍රමාණයට විතරක් පුටු වෙන් කරන එකෙන් අපි පෙන්වන්නේ අනිත් අය ගැන අපි සැලකිලිමත් කියලයි. (ෆිලි 2:3, 4) අලුත් යාළුවන් ඇති කරගන්නත් සමුළු හොඳ අවස්ථාවක්. අපිට පුළුවන් වැඩසටහන පටන්ගන්න කලින්, ඉවර වුණාට පස්සේ, දවල් කෑම වෙලාවෙදි අපි දන්නේ නැති අය ළඟට ගිහිල්ලා එයාලව අඳුරගන්න. (2කොරි 6:13) ඒ වගේ ඇති කරගන්න යාළුකම් ජීවිත කාලෙටම වුණත් තියෙන්න පුළුවන්. අපි අතර තියෙන සැබෑ ආදරය දකිද්දී තවත් අය දෙවියන්ට නමස්කාර කරන්න පෙලඹෙන එක ඒ හැම දේටම වඩා වටිනවා.—යොහ 13:35.

‘“ප්‍රේමය සදාතනිකයි” - ජාත්‍යන්තර සමුළු’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ‘“ප්‍රේමය සදාතනිකයි” - ජාත්‍යන්තර සමුළු’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. ජාත්‍යන්තර සමුළුවකදී පිටරටින් ආපු අය සහ ඒ රටේ අය එකිනෙකාව පිළිගන්නවා.

    2019 ජාත්‍යන්තර සමුළුවලට වෙනත් රටවලින් ආපු අයට ආදරය පෙන්වලා තියෙන්නේ කොහොමද?

  • ‘“ප්‍රේමය සදාතනිකයි” - ජාත්‍යන්තර සමුළු’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. ඒ රටේ අය පිටරටින් ආපු අයත් එක්ක ෆොටෝ එකක් ගන්න සූදානමින් ඉන්නවා.

    දෙවියන්ගේ සෙනඟ අතර තියෙන ආදරය මේ තරම් කැපිලා පේන්නේ ඇයි?

  • ‘“ප්‍රේමය සදාතනිකයි” - ජාත්‍යන්තර සමුළු’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. කොරියාවේ සහෝදර සහෝදරියන් පිරිසක් සමුළුවට එන අයව පිළිගන්න බෝඩ් එකක් අල්ලන් ඉන්නවා.

    ආදරය ගැන පාලක මණ්ඩලයේ සහෝදරයන් කිව්වේ මොනවාද?

  • ‘“ප්‍රේමය සදාතනිකයි” - ජාත්‍යන්තර සමුළු’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. ‘නව ලොව පරිවර්තනයේ’ පිටපතක් අතේ තියාගෙන සතුටින් අතේ තියන් ඉන්න ගැහැණු ළමයෙක්.

    සමුළුවලදී අනිත් අයට ආදරය පෙන්වන්න ඔයාට පුළුවන් කොහොමද?

    ජර්මනියේ සහ දකුණු කොරියාවේ පීඩා තිබුණු කාලවලදී සහෝදරයන්ට එකමුතුව ඉන්න ආදරය උදව් වුණේ කොහොමද?

  • අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න