රෝග නොමැති ලොවක්
“මැලේරියා රෝගය ඕනෑම කෙනෙකු සිතුවාටත් වඩා හපනෙකි,” යනුවෙන් ප්‍රතිශක්තිවේදී වෛද්‍ය ඩැන් ගෝර්ඩන් පවසයි. “අප තවමත් ඊට ප්‍රතිකාරයක් ලබාගැනීමට උත්සාහ කරමින් සිටිනවා.”
අපට තවමත් [ක්ෂය රෝගයේ රෝග බැක්ටීරියාවේ] පරිවෘත්තීය ක්‍රියාවලිය පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් නොමැත, යනුවෙන් හවර්ඩ් හියූස් වෛද්‍ය ආයතනයේ බැරී බ්ලූම් කියයි. “ඕනෑම ඖෂධයක් ක්‍රියා කරන ආකාරය අප මුළුමනින්ම දන්නේ නැහැ. අප ඇත්ත වශයෙන්ම දන්නේ නැහැ.”
උපදංශය මැඩපැවැත්වීම සඳහා “ආරක්ෂිත ලිංගික සංවාසය” ව්‍යාපාරවල අසාර්ථකත්වය නිරීක්ෂණය කරමින් “දැනුම අනිවාර්යයෙන්ම හැසිරීමෙහි වෙනසක් ඇති කරන්නේ නැත,” යනුවෙන් රෝග පාලක මධ්‍යස්ථානවල නියෝජිතයෙක් ශෝකය පළ කරයි. ඉහත සඳහන් ප්‍රකාශවලින් අඟවන්නාක් මෙන්, මැලේරියාව, ක්ෂය රෝගය සහ උපදංශයට එරෙහිව කර තිබෙන සටන් නිෂ්ඵලභාවයක් ගෙනදෙන ඒවා බවට පත්වී ඇත. මෙම රෝග සඳහා අනාගතයේදී වැඩි දියුණු වූ පිළියම් සොයා ගනු ලැබේද?
සමහර විට එසේ විය හැකිය. එසේ වුවත් මිනිසාහට සමහර රෝග සමඟ සටන් කර ජයගෙන අනෙක් ඒවා කටයුතු කිරීමට පහසු තත්ත්වයකට පත්කළ හැකි නමුත්, ඔහුට රෝගවලට එරෙහිව තිබෙන සටනෙන් සම්පූර්ණයෙන්ම ජයගැනීමට නොහැකි වීමට මූලික හේතුවක් තිබේ.
රෝගවලට මූල කාරකය
රෝගවලට එරෙහිව කෙරෙන සටන වනාහි හුදෙක් පරපෝෂිතයන් සහ විෂබීජවලට එරෙහිව කරනු ලබන සටනකට වඩා වැඩි යමකි. රෝග වනාහි අපගේ ප්‍රථම මනුෂ්‍ය පියාගෙන් අපට උරුම වූ පාපයේ විපාකයක් වන බව බයිබලය පැහැදිලි කරයි. (රෝම 5:12) පාපය වනාහි මිනිසාට සිය මැවුම්කරුවාණන් සමඟ තිබූ සම්බන්ධයට හානි සිදු කළා පමණක් නොව නමුත් ඔහුව මානසිකව, චිත්ත වේගීව සහ කායිකව පිරිහීමටද මඟ පෑදීය. එබැවින්, පාරාදීස පොළොවක් මත සම්පූර්ණත්වයෙන් දිගටම ජීවත්වීම වෙනුවට, මනුෂ්‍යයෝ අසම්පූර්ණ වී මරණය ඔවුන්ව ගොදුරු කර ගන්නා තෙක් පිරිහී යන්නට වූහ.—උත්පත්ති 3:17-19.
හොඳම වර්ගයේ බෙහෙත් තිබුණත්, මිනිසාට ඔහුගේ පව්කාර තත්ත්වය හෝ එහි විපාක වෙනස් කිරීමට නොහැක. මෙම උභතෝකෝටික ප්රශ්නය මානව වර්ගයා “නිෂ්ඵලභාවයට යටත්” [“අතිශයින් සීමා,” ෆිලිප්ස්] කරයි. (රෝම 8:20) ඇරත් රෝගවලින් ජය ගැනීම සම්බන්ධයෙන් මෙය සැබෑවක් වේ. වෛද්‍ය ක්ෂේත්රයේ ජීවිත බේරා ගැනීම සම්බන්ධයෙන් වූ ප්‍රගතිය, බොහෝවිට ජීවිතයට-තර්ජන ඇති කරන්නාවූ සමාජයේ බිඳ වැටීම මගින් නිෂ්ප්‍රභ කෙරේ.
“අප මහත් ගැටලුවකට අසු වී සිටින බව පෙනේ” යනුවෙන් ඩිස්කවර් සඟරාවේ ජෙරල්ඩ් එම්. ලෝවන්ස්ටයින් ලියයි. අධි ජනගහණ වර්ධනය සහ පරිසරයේ පිරිහීම හේතුවෙන්, “රෝගවලින් ජයගෙන මිනිස් ජීවිතය දීර්ග කිරීමෙහි අප කොතරම් දුරට සාර්ථකත්වය ලබනවාද, අප විසින්ම විනාශය ඉක්මන් කිරීමට ඇති හැකියාවද ඒ තරමටම වැඩි වේ.”
සැබෑ සුවය
රෝගවලට සැබෑ සුවයක් ඇති කළ හැක්කේ මිනිසාට නොව නමුත් මැවුම්කරුවාණන්ටය. ගීතිකාකරු මෙසේ පැවසුවේ එබැවිනි: “අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්.” බයිබලය තවදුරටත් මෙසේ පවසයි: “තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW ] කෙරෙහි තමාගේ බලාපොරොත්තුව ඇත්තාවූ තැනැත්තේ වාසනාවන්තය [සන්තෝෂවත්ය, NW ]. උන්වහන්සේ අහසත් පොළොවත් . . . මැවූසේක.” (ගීතාවලිය 146:3, 5, 6) අසනීප මුලිනුපුටා දැමීමට බලය ඇත්තේ දෙවියන්වහන්සේට පමණි. එමෙන්ම බයිබලයට අනුව, එසේ කිරීම උන්වහන්සේගේ අරමුණ වේ. එම කාලය ළංවෙමින් පවතියි.
පවතින්නාවූ මෙම දේවල පිළිවෙළේ අවසානයේ සහ නව ලොවක් පැමිණීමට ඉතා ආසන්නයේ අප ජීවත් වෙමින් සිටින බවටවූ සාක්ෂි බොහොමයකින් එකක් “වසංගත” වනු ඇති බව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පුරෝකථනය කළ සේක. එමෙන්ම රෝග උග්‍ර කරන්නාවූ තත්ත්වයන්වල එනම් යුද්ධ, සාගත සහ නොපනත්කම ආදියේ වැඩිවීමක්ද උන්වහන්සේ පුරෝකථනය කළ සේක.—ලූක් 21:11; මතෙව් 24:3, 7, 12; 2 තිමෝති 3:1-5, 13.
යේසුස්වහන්සේ පොළොවේ සිටි කාලයේදී ආශ්චර්යවත් ආකාරයකින් අසනීප වූවන් සුව කළ සේක, එමගින් උන්වහන්සේ පහත සඳහන් අනාවැකියේ ඉටුවීම ආරම්භ කළ සේක: “උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය.” (යෙසායා 53:4; මතෙව් 8:17) එමගින් දෙවියන්වහන්සේ සමස්ත ලෝක පරිමාණයකින් ඉතා ඉක්මනින් ඉටු කරන්නට අරමුණු කරන්නාවූ දෑ යේසුස්වහන්සේ කුඩා පරිමාණයකින් නිරූපනය කළ සේක. යේසුස්වහන්සේ සම්බන්ධයෙන් බයිබලය මෙසේ පවසයි: එවිට “බොහෝ සමූහයෝ කොරුන්, අන්ධයන්, ගොළුවන්, අබ්බාගාතයන් හා වෙනත් බොහෝ දෙනා රැගෙන යේසුස්වහන්සේ ළඟට ඇවිත්, උන්වහන්සේගේ පාමුල ඔවුන් තැබුවෝය; උන්වහන්සේ ඔවුන්ට සුවකළ සේක. ඒ නිසා ගොළුවන් කථාකරන බවත් අබ්බාගාතයන් සුවවී ඉන්න බවත් කොරුන් ඇවිදින බවත් අන්ධයන්ට ඇස් පෙනෙන බවත් සමූහයෝ දැක, පුදුම” වූවෝය.—මතෙව් 15:30, 31.
එම ආශ්චර්යයන් දුටුවා වූ ජනයා දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ, මන්දයත් යේසුස්වහන්සේට එම ආශ්චර්යයන් සිදුකිරීමට බලය දුන්නේ දෙවියන්වහන්සේ බව ඔවුන් වටහා ගත් බැවිනි. යේසුස්වහන්සේට යොදා ගැනීමට අවසර තිබූ බලය, අපගේ ගරුබිය උපදවන විශ්වය මැවීමේදී භාවිතා කරනු ලැබූ බලයට සමාන විය. එය දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය, එනම් උන්වහන්සේගේ ක්‍රියාකාරී බලය විය.—උත්පත්ති 1:1, 2; එළිදරව් 4:11.
‘තමා ලෙඩින් යයි කිසි වැසියෙක් නොකියන’ කාලයක් ගැන අනාගත වක්තෘ යෙසායා ලීවේය. (යෙසායා 33:24) එමෙන්ම එළිදරව් 21:4, 5 මෙසේ ප්‍රකාශ කරයි: “[දෙවියන්වහන්සේ] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය. . . සිංහාසනය පිට වැඩහුත් තැනැන්වහන්සේ කථාකොට: බලව සියල්ල අලුත්කරමියි කීසේක.”
අප ජීවත්වෙමින් සිටින්නේ වෙනස්වීමක් සිදුවන කාලයක බව බයිබලය පෙන්වයි. (1 යොහන් 2:15-17) ඉතා ඉක්මනින් අසනීප, ශෝකය, අපරාධ, සැහැසියාව සහ මරණය ඇති මෙම ලෝකය අතීතයේ තිබූ යමක් වනු ඇත. දෙවියන්වහන්සේ එයත් එහි ව්‍යසනයන් සියල්ලත් ඉවත්කර, “ධර්මිෂ්ඨකම වාසයකරන” නව ලොවකට මඟ සලසා දෙන සේක. (2 පේතෘස් 3:11-13) පැමිණෙන්නට තිබෙන්නා වූ එම නව ලොවට “පාරාදීසය” යනුවෙන් යේසුස්වහන්සේ යොමු දැක්වූයේ එය ආරම්භයේදී තිබූ පාරාදීසමය ඒදන් උයනට සමාන වන්නට යන හෙයිනි, එහි එකම වෙනස වනුයේ එය සමස්ත ලෝක ප්‍රමාණයකින් තිබීමය.—ලූක් 23:43; උත්පත්ති 2:7, 8.
එබැවින් හුදෙක් තාවකාලික සුවවීමක් මත නොව, නමුත් අසම්පූර්ණකම, රෝග සහ මරණයෙන් නිත්‍ය ගැලවීමක් මත ක්‍රිස්තු භක්තිකයන්ට බලාපොරොත්තුව තැබිය හැක. ඔවුහු දෙවියන්වහන්සේගේ පොරොන්දුවේ සම්පූර්ණ ඉටුවීම කෙරෙහි බලාපොරොත්තු තබති: “මම වනාහි නුඹ සුවකරන්නාවූ ස්වාමීන්වහන්සේය [යෙහෝවඃවහන්සේය, NW ].” “මම [සැබවින්ම, NW ] නුඹ මධ්‍යයෙන් රෝග ඉවත්කරන්නෙමි.”—නික්මයාම 15:26; 23:25. g93 12⁄8
[9 පිටුවෙහි ඇති පින්තූරය]
මළවුන් නැගිටුවන්නටත් රෝගීන් සුව කිරීමටත් යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගෙන් බලය ලැබූ සේක