ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 9/8 3-5 පි.
  • වාහන නොමැති ලොවක්?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වාහන නොමැති ලොවක්?
  • 1996 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ලෝක ව්‍යාප්ත වාහන තදබදය
  • දූෂණය වීමේ තර්ජනය
  • පිළිගත හැකි විසඳුම් සොයමින්
    1996 පිබිදෙව්!
  • නියම විසඳුම සොයාගැනීම
    1996 පිබිදෙව්!
  • සුන්දර ජීවිතයක් සොයා යන ගමන
    1999 පිබිදෙව්!
  • ආ, පිරිසිදු වාතය කොතරම් හොඳද!
    1996 පිබිදෙව්!
තව තොරතුරු
1996 පිබිදෙව්!
g96 9/8 3-5 පි.

වාහන නොමැති ලොවක්?

මෝටර් රථ නොමැති ලොවක් ගැන ඔබට සිතාගත හැකිද? එසේ නැතහොත් ඉකුත් සියවස පුරා, මේවා තරම් ජනයාගේ ජීවන-රටා සහ හැසිරීම මූලික වශයෙන් වෙනස් කළ වෙනත් කිසිදු නිර්මාණයක් නම් කිරීමට ඔබට හැකිද? වාහන නොමැතිව, වාහන නැවැත්වීමට පහසුකම් ඇති නවාතැන්, වාහනයෙන්ම ගොස් අවශ්‍ය දේ ලබාගත හැකි අවන්හල්, වාහනයේ සිටම නැරඹිය හැකි චිත්‍රපට ශාලා නොතිබෙනු ඇත. ඊටත් වඩා වැදගත්ව, බස් රථ, මෝටර් රථ හෝ ට්‍රක් රථ නොමැතිව, ඔබ රැකියාවට යන්නේ කොහොමද? පාසැලට යන්නේ කොහොමද? ගොවියන් හා නිෂ්පාදකයන් තම වෙළඳ බඩු වෙළඳපොළට ගෙන යන්නේ කොහොමද?

“එක්සත් ජනපදයේ සෑම ව්‍යාපාර හයකින් එකක්ම නිෂ්පාදනය, බෙදාහැරීම, සර්විස් කිරීම හෝ මෝටර් රථ භාවිතය මත රඳාපවතින” බව ප්‍රකාශ කරන ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා මෙසේද පවසයි: “වාහන හා සම්බන්ධ ව්‍යාපාරවල විකුණුම් හා ආදායම, රටේ තොග ව්‍යාපාරයෙන් පහෙන් එකකට හා එහි සිල්ලර වෙළඳාමෙන් හතරෙන් එකකට වගකියයි. වෙනත් රටවල් සඳහා මෙම ප්‍රමාණයන් යම් ආකාරයකින් කුඩාය. එහෙත් ජපානය හා බටහිර යුරෝපයේ රටවල් ශීඝ්‍රයෙන් එ.ජ. මට්ටමට ළඟා වෙමින් පවතී.”

කෙසේනමුත්, මෝටර් රථ නොමැති ලෝකයක් වඩාත් හොඳ ස්ථානයක් වනු ඇතැයි ඇතැමෙක් පවසති. ඔවුන් මෙසේ පවසන්නේ ප්‍රධාන වශයෙන්ම හේතු දෙකක් නිසාය.

ලෝක ව්‍යාප්ත වාහන තදබදය

රථය ගාල් කිරීමට ඉඩ කඩ සොයමින් ඔබ නොකඩවා රථය පදවා ඇත්නම්, මෝටර් රථ කෙතරම් වාසිදායක වුවත්, ප්‍රදේශයක වුවමනාවට වඩා මෝටර් රථ තිබෙනවා නම්, එය අවාසිදායක බව ඔබට කිසිවෙකු පැවසීමට අවශ්‍ය නැත. එසේ නැතහොත් ඔබ කෙදිනක හෝ දරුණු වාහන තදබදයකට අසු වී තිබේ නම්, ඉදිරියට ඇදී යෑමට නිර්මාණය කර ඇති නමුත් එක තැන නවතාගෙන සිටීමට සිදු වී තිබෙන වාහනයක සිර වී සිටීම කෙතරම් කලකිරවන අද්දැකීමක්දැයි ඔබ දන්නෙහිය.

වර්ෂ 1950දී, සෑම 4දෙනෙකුගෙන් එක් අයෙකුට මෝටර් රථයක් තිබුණේ එක්සත් ජනපදයට පමණි. වර්ෂ 1974 වන විට බෙල්ජියම, ප්‍රංශය, ජර්මනිය, මහා බ්‍රිතාන්‍ය, ඉතාලිය, නෙදර්ලන්තය සහ ස්වීඩනය එම ප්‍රමාණයටම පැමිණ තිබිණ. එහෙත් ඒ වන විට එ.ජ. සෑම 2දෙනෙකුගෙන් 1 අයෙකුට අඩුම තරමින් 1 මෝටර් රථයක්වත් තිබෙන තරමට එම සංඛ්‍යාව වැඩි වී තිබිණ. දැන්, ජර්මනියේ හා ලක්සම්බර්ග්හි සෑම වැසියන් 2දෙනෙකුට 1 මෝටර් රථයක් පමණ තිබේ. බෙල්ජියම, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍ය, ඉතාලිය සහ නෙදර්ලන්තය සිටින්නේ බොහෝ පිටුපසින් නොවේ.

ලෝකයේ කොතැනක වුවත් තිබෙන විශාල නගර රථගාල් බවට පත්ව ඇත. උදාහරණයක් වශයෙන්, ඉන්දියාව නිදහස ලැබූ අවදියේදී, එහි අගනුවර වන නවදිල්ලිය මෝටර් රථ හා ට්‍රක් රථ 11,000ක් තිබෙන බවට උදම් ඇනීය. වර්ෂ 1993 වන විට සංඛ්‍යාව 22,00,000 ඉක්මවීය! මෙය අතිශයින් වැඩිවීමක් වුවත්, ටයිම් සඟරාවට අනුව, “සියවසේ නිමාවේදී එම සංඛ්‍යාව දෙගුණ වේයයි අපේක්ෂා කෙරේ.”

මේ අතරතුර, නැඟෙනහිර යුරෝපයේ තිබෙන වාහන ප්‍රමාණය බටහිර යුරෝපයේ මෙන් හතර ගුණයකින් අඩු වුවත්, වාහන මිල දී ගත හැකි අය මිලියන 400ක් පමණ සිටිත්. මේ දක්වා එහි ඇති බයිසිකල් මිලියන 400 සඳහා ප්‍රසිද්ධ වී තිබෙන චීනයේ තත්වය වර්ෂ කිහිපයක් තුළ වෙනස් වනු ඇත. වර්ෂ 1994දී වාර්තා කළ පරිදි, සියවසේ අවසානය වන විට, වාර්ෂිකව මෝටර් රථ මිලියන 1.3 සිට මිලියන 3 දක්වා ඉහළ නංවමින් “වාහන නිෂ්පාදනයේ ශීඝ්‍ර වැඩිවීමක් සඳහා එහි රජය සැලසුම් යොදමින් සිටියි.”

දූෂණය වීමේ තර්ජනය

“බ්‍රිතාන්‍යයේ නැවුම් වාතාශ්‍රය නැති වී ගොස් ඇත,” යයි 1994 ඔක්තෝබර් 28වනදා ද ඩේලි ටෙලිග්‍රාෆ් පැවසීය. සමහරවිට මෙය වැඩි කොට කීමක් විය හැකි නමුත්, සැලකිලිමත් වීමට තරම් එහි යම් සත්‍යතාවක් ගැබ්ව තිබේ. ඊස්ට් ඇංග්ලියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටුවර්ට් පෙන්කෙට් මෙසේ අනතුරු ඇඟවීය: “වාහන, අප අවට මුළු වායුගෝලයේම රසායනික තත්වය වෙනස් කරමින් තිබෙනවා.”

කාබන් මොනොක්සයිඩ් දූෂණය අධික ප්‍රමාණයකින් සිදුවීම හේතුවෙන් ෆයිව්තවුසන්ඩ් ඩේස් ටු සේව් ද ප්ලැනට් (පෘථිවිය බේරාගැනීමට තව දවස් 5000යි) නම් පොත පවසන්නේ, “ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙයි, අවබෝධය හා කල්පනා ශක්තියට බාධා පමුණුවයි, නිතැතින් ප්‍රතිචාරය දැක්වීමේ ක්‍රියාවලිය අඩපණ වෙයි, එමෙන්ම අලසකම ඇති කරවයි” කියාය. තවද ජගත් සෞඛ්‍ය සංවිධානය මෙසේ පවසයි: “යුරෝපයේ හා උතුරු අමෙරිකාවේ නගරවල වසන සියල්ලන්ගෙන් අඩක් පමණ කාබන් මොනොක්සයිඩ්වල පිළිගත නොහැකි අධි මට්ටම්වලට නිරාවරණය වෙති.”

වාහනවලින් පිට කරන දෑ හේතුවෙන් ඇති වන පාරිසරික හානි සඳහා ඩොලර් බිලියන ගණනක් යෙදවීමට සිදු වනවාට අමතරව, ඒ හේතුවෙන් ඇතැම් ස්ථානවල වාර්ෂිකව බොහෝදෙනෙකු මියයන බවටද තක්සේරු කර ඇත. මෝටර් රථ මගින් වාතය දූෂණය වීමෙන් වාර්ෂිකව බ්‍රිතාන්‍ය ජාතිකයන් 11,000ක් පමණ මියයන බව 1995 ජූලිවලදී රූපවාහිනී පුවත් වාර්තාවක් පැවසීය.

වර්ෂ 1995දී, එක්සත් ජාතීන්ගේ දේශගුණික සම්මේලනය බර්ලින්වල පවත්වනු ලැබිණ. රටවල් 116කින් පැමිණි නියෝජිතයෝ යමක් කිරීමට අවශ්‍ය බවට එකඟ වූහ. එහෙත් බොහෝදෙනෙකුගේ බලාපොරොත්තු සුන් කරවමින්, විශේෂිත ඉලක්ක ඇති කරගැනීමේ කටයුත්ත සහ නිශ්චිත නීති පිහිටුවා ගැනීම නැතහොත් නියත වැඩසටහන් සැලසුම් කිරීම කල්දමන ලදි.

ෆයිව්තවුසන්ඩ් ඩේස් ටු සේව් ද ප්ලැනට් නම් පොත 1990දී පැවසූ දේ සලකා බලද්දී, මෙම ප්‍රගති හීනතාව අපේක්ෂා කළ හැක්කක් විය. “පාරිසරික විනාශයට එරෙහිව සටන් කිරීමට ගන්නා පියවර පිළිගත හැක්කේ, ඒවා ආර්ථිකය පිළිබඳ කටයුතුවලට බාධාවක් නොවනවා නම් පමණක් බව නවීන කාර්මික සමාජයේ දේශපාලනික හා ආර්ථික බලය තීරණය කරයි.”

මෙලෙස, “වායුගෝලයෙහි හටගන්නා කාබන් ඩයොක්සයිඩ් සහ වෙනත් හරිතාගාර වායු, ක්‍රම ක්‍රමයෙන් ග්‍රහයා තුළ උණුසුම වැඩි කරනු ඇත. බොහෝ විද්‍යාඥයන් පවසන පරිදි නියඟ, අයිස් තට්ටු දියවීම, මුහුදු මට්ටම් ඉහළ යෑම, වෙරළබඩ ප්‍රදේශ මුහුදට යටවීම, වඩාත් දරුණු කුණාටු සහ වෙනත් දේශගුණික විපත්ති සිදුවීම” ප්‍රතිඵලය විය හැකි බවට ටයිම් මෑතකදී අනතුරු ඇඟවීය.

දූෂණ ගැටලුවේ බැරෑරුම්කම, යමක් කළ යුතුමයයි තරයේ ඉල්ලා සිටියි. එහෙත් කුමක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න