ඔබේ දූරකථන පුරුදු ගැන කුමක් කිව හැකිද?
“පවුලේ ලැදියාව, සෞඛ්‍යය හා වැඩට ආශාවීමට අමතරව, කරුණාවන්ත වචන හුවමාරු කිරීම තරම්, අපේ ආත්ම අභිමානය ගොඩනංවන හා නඟාසිටුවන, ජීවිතයට ඉමහත් ප්‍රසන්නබවක් ගෙනෙන වෙනත් යමක් ඇද්ද?”
අමෙරිකානු කර්තෘවරියක හා ගුරුවරියක වූ නැසීගිය ලූසි එලියට් කිලර් එම ප්රශ්නය ඇසීමෙන්, මිනිසාගේ මැවීමේදී ඔහුට දුන් ප්‍රේමනීය හැකියාවක් වන වාචික අදහස් හුවමාරුවෙන් ලබාගත හැකි පෞද්ගලික සතුට හා සෑහීම කෙරෙහි උසස් වටිනාකමක් තබමින් සිටියාය.—නික්මයාම 4:11, 12.
ඉකුත් දශක 12 පුරා මිනිසාගේ අදහස් හුවමාරුව නොකඩවා වැඩිදියුණු කරගැනීමට, ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් විසින් දූරකථනය සොයාගැනීම බෙහෙවින් දායක වී ඇත. අදදින, බිලියන සංඛ්‍යාත ලෝවැසියන්, දූරකථනය, වැඩකටයුත්තක් සඳහා හෝ සතුට සඳහා භාවිත කළත්, එමගින් මිනිසුන් අතර වටිනා සබඳකමක් ඇති කරයි.
දූරකථනය හා ඔබ
දූරකථන භාවිතය ඔබේ ජීවිතයේ ගුණය වැඩි කරන්නේ කෙතරම් දුරකටද? මෙම ප්‍රශ්නයට ඔබේ උත්තරය රඳා පවතින්නේ, උපකරණයට වඩා එයින් කතා කරන ජනයා මත බවට ඔබ එකඟ නොවනු ඇද්ද? ඇත්තෙන්ම, ඔබේ දූරකථන පුරුදු ගැන කුමක් කිව හැකිද යන ප්රශ්නය අප විසින් ඇසීම කාලෝචිතය.
මානසික ආකල්පය, කතාවේ ගුණය හා සවන් දීමේ හැකියාව වැනි අංග, දූරකථන පුරුදුවලින් පියවේ. දූරකථනයක් භාවිත කරන ආකාරය හා හිරිහැර කිරීමට කරන දූරකථන ඇමතුම් සම්බන්ධයෙන් කටයුතු කරන මාර්ගද ඊට අදාළ වේ.
අන්‍යයන් ගැන කල්පනාකාරිව සැලකිලිමත් වීම
සෑම මිනිස් හුවමාරුවකදීම සැබෑ වන්නාක් මෙන්, හොඳ දූරකථන පුරුදු හටගැනීමටද අන්‍යයන් ගැන සැලකිලිමත් වීම අවශ්‍යය. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණත් බලාපල්ලා.”—පිලිප්පි 2:4.
ඔබට පෙනී ගොස් ඇති “දුර්වල දූරකථන පුරුදු සම්බන්ධයෙන් වඩාත්ම පොදු උදාහරණ මොනවාද?” යන ප්රශ්නය, පළපුරුදු දූරකථන ස්විච් පුවරු ක්රියාකරවන්නියකගෙන් විමසූ විට ඇය කියා සිටියේ, ඇගේ ලැයිස්තුවේ මුලින්ම මෙවැනි පුද්ගලයන් සිටි බවය. එනම් “අමතන්නා, ‘මේරි කතා කරන්නේ’ යයි පැවසීම (ඔබ මේරිලා කී දෙනෙක් දන්නවාද?), නැතහොත් ඊටත් වඩා නරක දෙයක් වන්නේ, ‘මමයි කතා කරන්නේ’ හෝ ‘පුළුවන් නම් කියන්න මේ කතා කරන්නේ කවුද කියලා’” යනාදියයි. නොසැලකිලිමත්ව, සමහරවිට යහපත් අදහසකින් කරන එවැනි ඇමතීම් ව්‍යාකූලත්වය හා නොඉවසුම් ගතිය ඇති කළ හැක. ක්‍රියාකරවන්නිය තවදුරටත් මෙසේ පැවසුවාය: “ඔබව පැහැදිලිව හඳුන්වා දෙමින්, ඇමතීම ලබන තැනැත්තා කෙරෙහි සැලකිලිමත් වෙමින්, කතා කිරීමට පහසු වේලාවක්දැයි අසමින්, ඇමතීමට සතුටුදායක ආරම්භයක් නොදෙන්නේ මන්ද?”
ඔබේ මුහුණේ ඉරියව් දැකිය නොහැකි වුවත්, ඔබේ ආකල්පය පැහැදිලි වනු ඇති බව මතක තබාගන්න. ඒ කෙසේද? ඔබේ කටහඬේ ස්වරය මගිනි. නොඉවසීම, කලකිරීම, කෝපය, උදාසීනබව, අවංකභාවය, ප්‍රීතිමත්බව, උපකාරවත්බව සහ උණුසුම්භාවය යන සියල්ල හෙළි වේ. කෙනෙකුට බාධා කළ විට කරදරයක් මෙන් හැඟීම ස්වාභාවික ප්‍රතික්‍රියාව විය හැකි බව සැබෑවකි. හොඳ පුරුදු රැකීමේ අටියෙන්, මෙවැනි අවස්ථාවකදී ටිකක් නැවතී, පිළිතුරු දීමට පෙර ඔබේ කටහඬට “මදහසක්” මුසු කිරීමට වෑයම් කරන්න. එකඟ නොවන ස්වරයක් භාවිත නොකර, එකඟ නොවීමට හැකියාවක් තිබේ.
කල්පනාකාරි සැලකිල්ල හා කටහඬේ ප්‍රසන්න ස්වරයක සම්මිශ්‍රණයකින් ‘ඕනෑ කරන වර්ධන වීම සඳහා යහපත් දේම කීමටත්,’ එමෙන්ම ‘අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන දේ’ ප්‍රකාශ කිරීමටත් සැලැස්විය හැක.—එපීස 4:29.
කතාවේ ගුණය
එසේය, අප භාවිත කරන වචනවල ආකාරය වැදගත් වේ. ඔබ මතු නීතිවලට එකඟ වෙනවාද, ඒවා පිළිපදිනවාද? ස්වාභාවිකව, පැහැදිලිව සහ තේරුම්ගත හැකි ආකාරයෙන් කතා කරන්න. අපැහැදිලිව කතා නොකරන්න. දුරබැහැරක සිට අමතනවා වුවත්, උස් හඬින් කතා නොකරන්න. අපැහැදිලිව වචන ශබ්ද නොකරන්න. වචන නිසි ලෙස උච්චාරණය නොකර හෝ අක්ෂර පන්නමින් කරන අපිළිවෙළ කතාවෙන් වළකින්න; කලබලයට පත් විය හැකි සහ නුරුස්සනභාවය ඇති කළ හැකි “නුසුදුසු ශබ්ද” සහ කියන දේ නවතා ආපසු කීමෙන් වළකින්න. නිරස, ඒකාකාරි ස්වරයක් භාවිත කිරීමද මඟහරින්න. සුදුසු සේ අර්ථය අවධාරණය කිරීම සහ කටහඬ පාලනය මගින් කතාව අර්ථවත්, අලංකාරවත් හා ප්‍රාණවත් එකක් කරවයි. දූරකථන සංවාදයක යෙදී සිටින අතරතුර ආහාර ගැනීමෙන්, කථික ගුණාංගය ඔපනංවන්නේ හෝ හොඳ පුරුදු පිළිබිඹු කරන්නේ නැති බව මතක තබාගන්න.
වචන තේරීමද සැලකිල්ලට ගැනීම වටී. විචක්ෂණ බුද්ධිය අවශ්‍ය වේ. පහසුවෙන් තේරුම්ගත හැකි පැහැදිලි, සරල වචන භාවිත කරන්න. වචනවල අර්ථ නිරූපණයන් ඇත. ඒවා කරුණාවන්ත හෝ නපුරු, මෘදු හෝ දැඩි, දිරිගන්වනසුලු හෝ අධෛර්ය කරවනසුලු විය හැක. තවදුරටත්, කෙනෙකුට වාදයට බර නොවී හාස්‍ය ඇති කිරීමට, ගරු සරු නැතුව හෝ රළු ලෙස කතා නොකර කෙළින් කීමට හා කාරණය මඟ නොහැර උපායශීලී වීමට හැක. “කරුණාකර” සහ “ඔබට ස්තුතියි” වැනි ආචාරසම්පන්න ප්‍රකාශයන් සැමවිටම පිළිගැනේ. ප්‍රේරිත පාවුල් මතු දැක්වෙන පරිදි ලිවූ විට ඔහුගේ මනසේ තිබුණේ කාරුණික, සැලකිලිමත් හා ඔබින වචනයි: “නුඹලා එකිනෙකාට උත්තරදිය යුතු කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.”—කොලොස්සි 4:6.
හොඳ සවන්දෙන්නෙකු වන්න
සාකච්ඡාවේ දක්ෂයෙකු වීමේ රහස තමාට පවසන මෙන් තම පියාගෙන් ඉල්ලා සිටි යෞවනයෙකු ගැන කතන්දරයක් තිබේ. “මේ අහන්න පුතා,” පිළිතුර විය. “මම අහගෙනයි ඉන්නේ,” යෞවනයා පැවසීය. “මට තව කියන්න.” “වෙන කියන්න දෙයක් නෑ,” පියා පිළිතුරු දුන්නේය. ඇත්තෙන්ම, උනන්දුමත්, අනුකම්පාසහගත සවන්දෙන්නෙකු වීම හොඳ දූරකථන පුරුදු සඳහා වට්ටෝරුවේ වැදගත් ද්‍රව්‍යයකි.
සරල නීතියක් පිළිපැදීමට අසමත් වීමෙන් ඔබ දූරකථන කරදරකාරයෙකු ලෙස සලකනු ලැබීම ප්‍රතිඵලය විය හැක. ඒ කුමක්ද? සංවාදය මුළුමනින්ම තමන්ටම පවරා නොගන්න. උදාහරණයක් වශයෙන්, ඔබ කළ එතරම් වැදගත්කමක් නැති සාකච්ඡාවක් ගැන කෙළවරක් නැතුව, සිදු වූ සෑම වචනයක්ම පැවසීමෙහි හෝ සුළු සෞඛ්‍ය ගැටලු පැවසීමට මුළු පෞද්ගලික ඉතිහාසයම දිගු වේලාවකට විස්තර කිරීමෙහි හෝ නිමග්නව නොසිටින්න. මේ අවස්ථාවේදී, අපට නැවත වරක්, ශ්‍රාවක යාකොබ්ගෙන් අදාළ වන ලුහුඬු බයිබල් ප්‍රතිපත්තියක් තිබේ. “සවන් දීමට ඉක්මන් වන්න, නමුත් කතා කිරීමට ප්‍රමාද වන්න.”—යාකොබ් 1:19, ජෙරූසලම් බයිබල්.
සලකා බැලිය යුතු අවසාන දේවල්
දූරකථන පුරුදු පිළිබඳ විෂයට අදාළව පැනනඟින අවසාන ප්‍රශ්න දෙක වෙත දැන් අපි යොමු වෙමු. දූරකථනය භාවිතයේදී ගත යුතු ක්‍රියා මාර්ග ගැන කුමක් කිව හැකිද? පිළිගත නොහැකි දූරකථන ඇමතුම් සම්බන්ධයෙන් කටයුතු කරද්දී යම් යෝජිත මාර්ග දර්ශක තිබේද?
දූරකථනයෙන් කතා කරන විට, අනික් කෙළවරේ කටහඬ වරින් වර ඈතින් ඇසෙන සේ ශබ්දය අඩු වන බවක් ඔබට කෙදිනක හෝ දැනී තිබේද? රිසීවරයේ, කතා කිරීමට යොදාගන්නා කොටස, ඔබේ තොල්වලින් සෙන්ටිමීටර් 2ක් පමණ දුරකින් තබාගෙන කතා කිරීමට මෙය ඔබට මතක් කළ යුතුය. ඊට අමතරව, පසුබිමේ ශබ්දය පාලනය කිරීම කාරුණික දෙයකි. ඔබ ඇමතුමක් කරන විට, වැරදි අංකයක් කරකැවීමෙන් වැළකීමට පරෙස්සමින් අංක කරකවන්න; ඔබේ ඇමතුම අවසන් කළ විට, රිසීවරය මෘදු ලෙස රඳවනය මත තබන්න.
හිරිහැර කිරීම සඳහා දෙන ඇමතුම්වලට ඔබ ගොදුරු වන්නෙකු වී සිටීද? කනගාටුදායක ලෙස, ඒවා වැඩි වන බවක් පෙනෙන්ට තිබේ. නොහොබිනා, කාමුක අදහස් හුවා දක්වන හෝ අශික්ෂිත භාෂාව පාවිච්චි වේ නම් කළ යුතු එකම දෙය—රිසීවරය තැබීමයි. (එපීස 5:3, 4, සසඳන්න.) ඇමතුම දෙන තැනැත්තෙකු තමාව හඳුන්වා දීම ප්‍රතික්ෂේප කරන විටද එලෙසම කළ යුතු වේ. ඇමතුමක් සම්බන්ධයෙන් ඔබට යම් සැක මතු වේ නම්, හෞ ටු රයිට් ඇන්ඩ් ස්පීක් බෙටර් යන ප්රකාශනය නිර්දේශ කරන්නේ, “‘කවුද කතා කරන්නේ’ කියා නාඳුනන කෙනෙකු ඇසූ විට පිළිතුරු නොදෙන්න” කියාය. එමෙන්ම නාඳුනන කෙනෙකු සමඟ ඔබේ සැලසුම් ගැන සාකච්ඡා නොකරන්න.
හොඳ දූරකථන පුරුදු පවත්වාගැනීමේදී නීති රීති සහිත දිගු ලැයිස්තුවක් අවශ්‍ය නොවන බව අවසානයේදී දැනගන්ට ලැබීම කෙතරම් හොඳ දෙයක්ද! ජනයා අතර සිදු වන සියලු කටයුතුවලදී, ප්‍රසන්න හා විපාකදායී සබඳතා ඇති වන්නේ රන් අණ වශයෙන් පොදුවේ හඳුන්වන දෙය අදාළ කරගැනීමෙනි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ පැවසූසේක: “එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරපල්ලා.” (මතෙව් 7:12) කතා කිරීමේ දීමනාව මිනිසාට උරුම කර දුන් තැනැත්තාණන්ව සතුටු කිරීමටද ක්‍රිස්තියානියෙකුට ආශාවක් තිබේ. ගීතිකාකරු මෙසේ යාච්ඤා කළේය: “මාගේ පර්වතයද මිදුම්කාරද වූ ස්වාමිනි, මාගේ මුඛයෙහි වචන හා සිතෙහි භාවනාද ඔබ ඉදිරියෙහි පිළිගැන්මට සුදුසු වේවා.”—ගීතාවලිය 19:14.