වල්ගා තරු ගැටුම!
වර්ෂ 1994 ජූලි මාසයේ සතියක්ම, ෂූමාකර්-ලෙවි 9 නම් වල්ගා තරුවේ කැබලි 20ක් පමණ බ්‍රහස්පති ග්‍රහයා මත ගැටීම දැකගැනීම කෙරෙහි ලොව වටා තරු නරඹන්නන්ගේ අවධානය යොමු වී තිබිණ. වල්ගා තරු නිරීක්ෂකයන්ව මවිතයට පත් කරනු ලැබිණ. එක් තාරකා ශාස්ත්‍රඥයෙකු එම දසුන හැඳින්වූයේ, “සියවස තුළ අඹරේ නාටකය” හැටියටය. මෙම සිද්ධිය බලාපොරොත්තු වූ දෙය ඉක්මවා ගියේ මන්ද?
මුලින්ම, පැයට කිලෝමීටර 2,00,000ක වේගයකින් ගමන් කළ වල්ගා තරුවේ කැබලි, කිසිවෙකු කලින් කියා නොතිබූ අන්දමට පිපිරී ගියේය. මෙම කැබලි බ්‍රහස්පතිගේ වායුගෝලයට ඇතුල් වන විට තත්පර කිහිපයකට පැවතුණු කාන්තිමත් ආලෝකධාරා පිට කෙරිණ. පසුව, අධික ලෙස උණු වී ඇති වායූන් වායුගෝලයෙන් පිට වී විශාල පිපිරීම් ඇති කරවන ගිනි බෝල බවට පත් විය. මේවායින් ඇති වූ විශාලතම පිපිරීම් මොහොතකට සූර්යයාගේ මතුපිට උෂ්ණත්වයට වඩා ටිකක් වැඩි විය! ඉන්පසු ඊළඟ විනාඩි 10 සිට 20 දක්වා කාලය තුළ විශාල වල්ගයක් කිලෝමීටර 3200ක් පමණ ඉහළට නැඟී ගියේය.
තවදුරටත්, එය දෘෂ්ටියෙන් මැකී යනු ඇති බවට මුල් නිරීක්ෂණවලට අනුව සිතුවත්, එය බොහෝදුරට හොඳ අතට හැරුණේය. ගැටීම් සිදු වූයේ බ්‍රහස්පතිගේ අඳුරු පැත්තේ බැවින් කාන්තිමත් ආලෝකය සහ වල්ගයන් ඉතා පහසුවෙන් සොයාගත හැකි විය. සමහර අවස්ථාවලදී, මෙම වල්ගයන් බ්‍රහස්පතිගේ ක්ෂිතිජයට ඉහළින් විහිදී ඇති හැටි පෙනුණු අතර, විනාඩි දහයක පමණ කාලයක් තුළ ගැටී, බ්‍රහස්පතිගේ භ්‍රමණය හේතුවෙන් එය පෘථිවියට කෙළින්ම පෙනෙන්ට විය. තවත් විනාඩි දහයකින් එම ගැටුණු ප්‍රදේශ හිරු එළියට නිරාවරණය විය. ඒ සමඟම, මෙම වල්ගා විසුරුවා හරිනු ලැබූ අතර, ඒ වෙනුවට විශාල අඳුරු ලප ග්‍රහයා මත තිබිණ. මෙම ලපවලින් විශාලම එක පෘථිවිය මෙන් දෙගුණයකි; තාරකා ශාස්ත්‍රඥයන් විසින් කලින් මේවා ගැන කියා නොතිබුණත්, මේවා, දැකගත හැකි වූ පැහැදිලිම අංගලක්ෂණ අතර විය.
ගැලීලියෝ ගගන යානය එම ගැටීමේ ඍජු දර්ශන සැපයීය. පෘථිවිය වටා භ්‍රමණය වන හබල් ගගන දූරේක්ෂය, දෘශ්‍යමාන හා පාරජම්බුල ආලෝකයේ තරංග ආයාම මාර්ගයෙන් එම ගැටුම් නිරීක්ෂණය කළේය. වෙනත් නිරීක්ෂණාගාර, වල්ගා තරු ගැටීම්වල බලපෑම විවිධ තරංග ආයාම අනුව මැන බැලුවේය; එම තරංග ආයාම සුවිශේෂ ලෙස තෝරාගෙන තිබුණේ වටිනා තොරතුරු ලබා දීමේ අරමුණෙනි. එමෙන්ම දක්ෂිණ ධෘවයට හිරු උදා නොවූ බැවින්, මුළු කාලය පුරාම එක්ස්ප්ලෝරර් අධෝරක්ත කිරණ විපරම් දූරේක්ෂකයෙන් නිරීක්ෂණය කිරීමට හැකි විය.
තරු නරඹන්නන්, කලාතුරකින් දැකිය හැකි වූ රසවත් දසුනකින් ආස්වාදයක් ලැබ තිබේ. මීළඟ වල්ගා තරු ප්‍රදර්ශනය සිදු වන්නේ කවදාද? දැනටමත් පියවි ඇසට පෙනෙන හේල් බොප් වල්ගා තරුව, මෙම සියවසේදී දැකිය හැකි දීප්තිමත්ම වල්ගා තරුව විය හැකිය. එය අපගේ පෘථිවි ග්‍රහයාට කිලෝමීටර මිලියන 198කට ආසන්නයෙන් පසු කර යනු ඇත. උතුරු අර්ධ ගෝලයේ සිටින වල්ගා තරු නිරීක්ෂකයන්ට, එය 1997 අප්‍රියෙල් මාසයේදී දැකීමට ඕනෑ වනු ඇත. මේ සියල්ල, ස්වර්ගික “ආලෝකවල පියාණන්වහන්සේ” වන යෙහෝවඃවහන්සේ මැවූ, ක්‍රියාශීලී, වෙනස් වන විශ්වයක අප ජීවත් වන බව අපහට මතක් කරවයි.—යාකොබ් 1:17; ගීතාවලිය 115:16.
[30වන පිටුවේ පින්තූරය]
වල්ගා තරුවේ කැඩී බිඳී ගිය කැබලි බ්‍රහස්පති මත ගැටුණු තැන් අඳුරු ලපවලින් සලකුණු කෙරේ
[හිමිකම් විස්තර]
Hubble Space Telescope Comet Team and NASA