ච’නොබිල් ඛේදාන්තය හමුවෙහි ස්ථිර බලාපොරොත්තුව
යුක්රේනයේ පිබිදෙව්! වාර්තාකරුගෙනි
ඉතිහාසයේ මෙතෙක් සිදු වූ දරුණුතම න්‍යෂ්ටික බලාගාර අනතුර 1986 අප්‍රියෙල් 26වනදා, යුක්රේනයේ ච’නොබිල්හිදී සිදු වුණා. “මිනිසා විසින් සොයාගෙන තිබෙන අතිප්රබල බලශක්ති පාලනය කරන්න තවමත් ඔහුට නොහැකි” බවට මේ ඛේදවාචකය කුරිරු සිහිගැන්වීමක් වන බව, මෙය සිදු වී වසරක් ගතවීමෙන් පසු, එවකට සෝවියට් දේශයේ ජනාධිපතිව සිටි මිහායිල් ගොර්බචොව් සඳහන් කළා.
ච’නොබිල් ව්‍යසනයේ වැදගත්කම අවධාරණය කරමින්, 1987 පෙබරවාරි මාසයේ පළ වූ ෆිසිකොලොජි ටුඩේ (වත්මන් මනෝවිද්‍යාව) නමැති ජර්මන් සංස්කරණය මෙසේ වාර්තා කළා: “ච’නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදු වූ දරුණු විනාශය, . . . නවීන ශිෂ්ටාචාර ඉතිහාසයෙහි සැලකිය යුතු වෙනසක් සිදු කළා. ඒ වගේම, එය සියවස් ගණනාවක් පුරා අපට දැඩි ලෙස බලපාන්න යන මහ විපතක්.” “මේ තාක් කල් සිදු කළ න්‍යෂ්ටික පරීක්ෂණ සහ බෝම්බ පුපුරුවා හැරීම් මගින් පිට කර තිබෙන විකිරණ තරම් විශාල ප්‍රමාණයක විකිරණ, වායුගෝලයට, මතුපිට පසට සහ ජලයට [මුදාහැර තිබුණා]” කියා ද නියූ යෝක් ටයිම්ස් පැවසුවා.
“සෝවියට් දේශයේ පිහිටි න්‍යෂ්ටික බලාගාරයෙන් විකිරණ කාන්දු වීමේ ප්‍රතිඵලයක් හැටියට, ලොව පුරා ගණන් බලා තිබෙන ආකාරයට ඊළඟ වසර 50 ඇතුළත මිනිසුන් 60,000ක් පිළිකාවෙන් මියයන බවටත්, තවත් 5,000ක් ජානවල සිදු වන බරපතළ ආබාධවලින්ද 1,000ක් දක්වා පිරිසක් උපතේදී සිදු වන ආබාධ හේතුවෙන් හටගන්නා වේදනාවන්ගෙන්ද පෙළෙන” බවටත්, හානෝෆෙර්ෂ් ආල්ගමයින නමැති ජර්මන් පුවත්පත අනාවැකි පළ කළා.
ච’නොබිල් ඛේදවාචකය මගින් බිය, කාන්සාව සහ සියදහස් ගණනක් ජීවිත මහත් දොම්නසට පත් කර තිබෙන අවිනිශ්චිත හැඟීමක් ඇති කළා. ඒත්, මේ මහත් ඛේදාන්තය හමුවෙහි සමහර අය ස්ථිර බලාපොරොත්තුවක් ඇතුව ප්‍රීතිය භුක්ති විඳිමින් සිටිනවා. වික්ට’ හා අනා සහ ඔවුන්ගේ දූවරුන් දෙදෙනා වන යීලනා හා ආන්යා යන අයගෙන් සමන්විත රූඩ්නික් පවුල සලකා බලන්න. වර්ෂ 1986 අප්‍රියෙල් මාසයේදී රූඩ්නික් පවුල ජීවත් වෙමින් සිටියේ, ච’නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිට කිලෝමීටර් 3කටත් වඩා අඩු දුරකින් පිහිටි ප්රිපට්වලයි.
අනතුර සිදු වූ දවස
මේ ඛේදවාචකය සිදු වූ සෙනසුරාදා උදෑසන, හානියට පත් න්‍යෂ්ටික බලාගාරයෙන් විකිරණ පිටවීම වැළැක්වීමට ගිනි නිවන භටයන් කළ වීර ක්‍රියාව නිසා, මීටත් වඩා දරුණු විදිහට සිදුවීමට තිබූ විනාශයක් වළක්වාගත්තා. විකිරණ ශරීරගත වීමෙන් ගිනි නිවන භටයන් පැය කිහිපයක් ඇතුළත රෝගි වූ අතර, බොහෝදෙනෙක් පසුව මියගියා. වර්ෂ 1970 ගණන්වලදී ච’නොබිල් බලාගාරයේ ප්‍රධාන නියෝජ්‍ය ඉන්ජිනේරුවරයා වූ ග්රිගෝර්යයි මෙඩ්වෙඩෙෆ්, බ’න්ඩ් සෝල්ස් (දැවුණු ප්‍රාණ) නමැති තමාගේ පොතේ මෙසේ විස්තර කළා: “විකිරණ මුසු වූ වලාපටලය, මෙම බලාගාරය හා නගරය වෙන් කරන කුඩා පයින් ගස් වගා කර තිබූ වතුයාය හරහා ගසාගෙන ගිය අතර, මේ කුඩා කැලෑව මතට අළුවලින් යුත් විකිරණ වැසි පතිත වුණා.” වාර්තාවල සඳහන් වන අන්දමට, වාෂ්ප බවට පත් වූ විකිරණ ද්‍රව්‍ය ටොන් විශාල ගණනක් වායුගෝලයට පිට වුණා!
වැසියන් 40,000කට වඩා වැඩියෙන් ජීවත් වන නගරයක් වන ප්රිපට්හි ජීවිතය, ඒ සෙනසුරාදා දිනයේද වෙනදා මෙන් සාමාන්‍ය විදිහටම ගත කරමින් සිටි බව දක්නට තිබුණා. දරුවන් වීදිවල සෙල්ලම් කළ අතර, මිනිසුන් මැයි 1වනදාට යෙදී තිබූ සෝවියට් දේශයේ නිවාඩු දින උත්සවය සැමරීමට සූදානම් වෙලා සිටියා. අනතුර ගැන කිසිම නිවේදනයක්වත් එහි තිබෙන භයානකකම ගැන කිසිම අනතුරු ඇඟවීමක්වත් කර තිබුණේ නැහැ. අනා රූඩ්නික් ඇගේ තුන් හැවිරිදි දුව වන යීලනා එක්ක පිටත ඇවිදමින් ඉන්න කොට අනාගේ සුළු පියාව ඔවුන්ට මුණගැසුණා. ඔහුට මේ අනතුර ආරංචි වෙලා තිබුණා. විකිරණ මගින් සිදු වන අනතුර ගැන කනස්සල්ලට පත් වූ ඔහු, ඉක්මනින්ම කිලෝමීටර් දහසයක් ඈතින් පිහිටා තිබූ ඔහුගේ ගෙදරට ඔවුන්ව පිටත් කර හැරියා.
විකිරණ මුසු වූ වලාකුළු වායුගෝලයේ ඉහළට නැඟ, යුක්රේනය, බෙලරුසියාව (දැන් බෙලරස්), රුසියාව, සහ පෝලන්තය යන රටවල් මෙන්ම ජර්මනිය, ඔස්ට්‍රියාව සහ ස්විට්සර්ලන්තය හරහා ගසාගෙන ගියා. පසු දින සඳුදා, විකිරණවල මට්ටම ඉහළ ගිය බව වාර්තා වූ විට, ස්වීඩනයේ සහ ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් කනස්සල්ලට පත් වුණා.
එහි අයහපත් ප්‍රතිඵල
සෝවියට් දේශයේ සොල්දාදුවන්, ගිනි නිවන භටයන්, ඉදි කිරීම් ක්ෂේත්රයේ විශේෂඥයන් සහ තවත් අයව ච’නොබිල්වලට යවනු ලැබුවා. මේ කණ්ඩායමට අයත් වූ 6,00,000කට ආසන්න පිරිස, “සමථයකට පත් කරන්නන්” හැටියට ප්‍රසිද්ධ වුණා. යකඩ හා කොන්ක්‍රීට්වලින් සෑදූ තට්ටු දහයක් උසැති, මීටර් 2ක් ඝනකම් වූ විශාල පෙට්ටියකින් හානියට පත් වූ බලාගාරය වැසීමෙන්, යුරෝපයේ ඇතිවීමට තිබූ දරුණු විනාශයක් ඔවුන් වැළැක්වූවා.
අනතුර සිදුවීමෙන් පසු, ඊළඟ දවස් කිහිපය ඇතුළත අසල ප්‍රදේශවල සිටි මිනිසුන්ව එම ප්‍රදේශවලින් ඉවත් කිරීම ආරම්භ කළා. “අපිට තිබූ හැම දෙයක්ම—රෙදි පිළි, මුදල්, ලියකියවිලි, ආහාර—අත්හැර අපේ ගෙවල්වලින් යන්න අපිට සිදු වුණා” කියා වික්ට’ පැහැදිලි කළා. “අපි හුඟක් කනස්සල්ලට පත් වුණේ, අනාට අපේ දෙවන දරුවාව හම්බ වෙන්න හිටිය නිසයි.”
මිනිසුන් 1,35,000කට වෙනත් ප්‍රදේශවලට යන්න සිදු වුණා; බලාගාරයට කිලෝමීටර් 30කට ආසන්න දුරක් ඇතුළත පදිංචි වී සිටි හැම කෙනෙකුවම ඒ ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කළා. රූඩ්නික් පවුල තමාගේ නෑදෑයන් ළඟට ගියා. කොහොම වුණත්, රූඩ්නික් පවුලේ අයගෙන් ඔවුන්ටත් විකිරණවල බලපෑම ඇති වෙයිද කියා මේ නෑදෑයන් බය වුණා. “ඔවුන් මහත් අපහසුතාවකට පත් වූ අතර, අන්තිමේදී පිට වී යන්න කියා ඔවුන් අපෙන් ඉල්ලා සිටියා” කියා අනා පැවසුවා. පලාගිය අනිත් අයටද ඒ හා සමාන වේදනාකාරි අද්දැකීම් තිබුණා. අන්තිමේදී, 1986 සැප්තැම්බර් මාසයේදී, රූඩ්නික් පවුල රුසියාවේ මොස්කව් නගරයට නිරිතදිගින් කිලෝමීටර් 170ක් පමණ ඈතින් පිහිටි කලූගවල පදිංචි වුණා.
“ආපහු ගෙදර යන එක ගැන බලාපොරොත්තු තියන්න බැරි බව අන්තිමේදී අපිට තේරුණා” කියා අනා පැවසුවා. “අපි ඉපදී හැදී වැඩුණු, අපේ සොඳුරු නිවස, අපේ මුල් නිවස අපිට නැති වුණා. ඒක හරිම ලස්සන ප්‍රදේශයක්; මල් හා තණ පිට්ටනිවලින්ද එහි තිබූ කුඩා ගංගාවේ වැවෙන මානෙල් මල්වලින්ද භූමිය වැහිලා තිබුණා. ඒ ප්‍රදේශයේ තිබූ කැලෑව බෙරිවලින් හා බිම්මල්වලින් සරුවට වැඩී තිබුණා.”
දූෂණයට ලක් වුණේ, යුක්රේනයේ සුන්දරත්වය විතරක් නොවෙයි, ඒත් සෝවියට් සංගමයේ ධාන්‍යාගාරය හැටියට එම නගරයෙන් සිදු වූ දෙයද හානියට පත් වුණා. ඒ ශරත් සෘතුවේදී ලැබෙන්න තිබූ රටේ අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයකට විෂ මුසු වී තිබුණා. ඒ හා සමානව, ස්කැන්ඩිනේවියානු රටවල, මුව මස්වලින් සියයට 70ක් පරිභෝජනයට නුසුදුසුයි කියා ප්‍රකාශ කළා; එයට හේතුව වුණේ, ඒ සත්තු විකිරණ මුසු වූ ලයිකන ආහාරයට ගැනීමයි. ඒ වගේම, විෂ වී තිබේයයි ඇති වූ බිය නිසා, ජර්මනියේ සමහර ප්‍රදේශවල එළවළු ඒවා වගා කර තිබූ තැන්වලම නරක් වෙන්න ඉඩහැරියා.
විකිරණවලින් ඇති වන සෞඛ්‍යමය බලපෑම්
මිනිසුන් 5,76,000දෙනෙක්ව විකිරණවලට නිරාවරණය වූ බව, මෙම අනතුර සිදු වී අවුරුදු පහක් ගතවීමෙන් පසු නිකුත් කළ නිල සංඛ්‍යා වාර්තාවල සඳහන් වෙනවා. පිළිකා හා පිළිකා නොවන රෝග ඇති කරවන සිද්ධීන් ඒ මිනිසුන් අතර වැඩි බවට වාර්තා වෙනවා. විශේෂයෙන්ම බාලයන්ට මෙය බලපෑවා. “ච’නොබිල් න්‍යෂ්ටික බලාගාරයෙන් පිට වූ විකිරණ විශාල ප්‍රමාණයකට නිරාවරණය වූ වයස අවුරුද්දක් වූ දරුවන්ගෙන් සියයට 40කට, වැඩිහිටි වයසේදී තයිරොයිඩ් පිළිකාව සෑදී තිබෙන” බව යුරෝපයේ සිටින තයිරොයිඩ් විශේෂඥයන් විශ්වාස කරනවා කියා නියූ සයන්ටිස්ට් සඟරාවේ 1995 දෙසැම්බර් 2වනදා කලාපයේ වාර්තා වුණා.
අනා ගර්භණිව සිටි කාලයේදී විකිරණවලට නිරාවරණය වී තිබූ නිසා, ඇගේ කුසේ සිටින දරුවාව ගබ්සා කරන්න කියා වෛද්‍යවරුන් ඈට බල කර සිටියා. වික්ට’ සහ අනා එය ප්‍රතික්ෂේප කළ විට, දරුවා අංගවිකලව ඉපදුණත්, දරුවාව රැකබලා ගන්නා බවට පොරොන්දු වන ප්‍රකාශයකට අත්සන් කරන්න ඔවුන්ට සිදු වුණා. ආන්යා අංගවිකලව ඉපදුණේ නැති වුණත්, දුර නොපෙනීම, ශ්වසන ආබාධ සහ හෘත්සනාල රෝග ඈට තියෙනවා. මීට අමතරව, රූඩ්නික් පවුලේ සෙසු සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්වය, එම විපත සිදු වූ දා සිට පිරිහෙමින් පවතිනවා. වික්ට’ට මෙන්ම යීලනාටද හෘද රෝග වැළඳී තිබෙන අතර, ච’නොබිල් අනතුරෙන් රෝගී වූ අයගේ නාම ලේඛනයට ඇතුළත් බොහෝදෙනාගෙන් කෙනෙක් අනා.
ඉතා දරුණු ලෙස විකිරණ ශරීරගත වූයේ, හානියට පත් වූ න්‍යෂ්ටික බලාගාර වසා දැමීමට මැදිහත් වූ සමථයකට පත් කළ අයගෙයි. පිරිසිදු කරන්න හවුල් වූ දහස් ගණනක් එදා සිට ඔවුන්ගේ සාමාන්‍ය ආයු කාලයට කලින් මියගිය බව පැවසෙනවා. බේරී ජීවත් වූ අයගෙන් බොහෝදෙනෙක් ස්නායු පද්ධතියේ හා මනෝ තනුක රෝගවලින් පෙළෙනවා. විෂාදය පුළුල් ලෙස පැතිරිලා; සියදිවි හානි කරගැනීම අසාමාන්‍ය දෙයක් නොවෙයි.
බරපතළ සෞඛ්‍ය ගැටලුවලින් වේදනා විඳින, බේරී ජීවත් වෙන අයගෙන් කෙනෙක් අන්ශල්. මේ විපත සිදු වන අවස්ථාවේදී, ඈ ජීවත් වෙමින් සිටියේ, ච’නොබිල්වලට කිලෝමීටර් 80ක් දුරින් පිහිටි, යුක්රේනයේ අගනුවර වන කියේව්වලයි. ඒත් පසුව, සමථයකට පත් කළ අයට අවශ්‍ය ද්‍රව්‍ය සපයමින් ඈ කාලය ගත කළේ අලුත්වැඩියා කටයුතු සිදු වූ බලාගාර ප්‍රදේශයෙයි. කියේව් අසල පිහිටි ඉර්පෙන්වල ජීවත් වන ජීවිතය ගළවාගත් තවත් කෙනෙක් වන ස්වයේට්ලන්ට පිළිකාවක් සෑදුණු අතර, ඇයව ශල්‍යකර්මයකට භාජන කළා.
ආපසු හැරී බැලීම
මේ ඉතා අවාසනාවන්ත අනතුර සිදු වී අවුරුදු දහයක් ගත වූ පසු, එනම් 1996 අප්‍රියෙල් මාසයේදී, මිහායිල් ගොර්බචොව් මෙසේ පිළිගත්තා: “ඒ වගේ තත්වයකට මුහුණ දෙන්න අපි සූදානම් වෙලා සිටියේ නැහැ.” ඒ අතරතුර රුසියාවේ ජනාධිපති යෙල්ට්සින් මෙසේ අදහස් දැක්වුවා: “ඉතා බරපතළ මෙන්ම පහ කර දැමීමට ඉතා අසීරු ඵල විපාකවලින් යුත් මේ වගේ අතිමහත් අවාසනාවන්ත සිද්ධියක් මනුෂ්‍යවර්ගයා මින් පෙර කවදාවත් අද්දැක නැහැ.”
සැලකිල්ලට යොමු කළ යුතු දෙයක් නම්, සයන්ටිෆික් අමෙරිකන් නමැති ජර්මන් සංස්කරණය, ච’නොබිල් විපතේ ප්‍රතිඵල මධ්‍යම ප්‍රමාණයේ න්‍යෂ්ටික යුද්ධයක ප්‍රතිඵල හා සැසඳීමයි. මේ ඛේදවාචකය හේතුවෙන් මියගිය අයගේ ගණන 30,000ක් පමණ වන බව සමහරු තක්සේරු කරනවා.
පසුගිය වසරේ මෙම අනතුරේ දහවන සංවත්සරය යෙදී තිබූ කාලයේදී, පුවත්පත් වාර්තාවක සඳහන් වූ දෙයකට අනුව, මිනිස් ජීවිතයට සුදුසු නැති කිලෝමීටර් 29ක කලාපයක් තවමත් බලාගාරය අවට තිබෙනවා. කෙසේවෙතත්, “නැවතත් එම ප්‍රදේශයට ගොස් ජීවත් වෙන්න තීරණය කළ වැසියන් 647දෙනෙක් සොරෙන් ඒ ප්‍රදේශයට ඇතුල් වෙලා සිටිනවා; එම ප්‍රදේශයට ඇතුල්වීම සඳහා නිලධාරීන්ට අල්ලස් දීලා තියෙනවා; එහෙම නැත්නම් කිසිම බාධාවක් නැතුව නිදහසේ ඒ ප්‍රදේශයට ආපසු ගොස් තියෙනවා.” එය තවදුරටත් මෙසේ නිරීක්ෂණය කළා: “න්‍යෂ්ටික බලාගාරයේ සිට කිලෝමීටර් 10ක වට ප්‍රමාණයක වාසය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. එම වට ප්‍රමාණයට වටා තිබෙන කිලෝමීටර් 20ක් පළල තවත් ප්‍රදේශයකට තමයි, මිනිසුන් සිය ගණනක් ආපසු ඇවිත් තියෙන්නේ.”
විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු බිය හමුවෙහි නිසැකකම
කලක් ච’නොබිල් අසල ජීවත් වූ දහස් ගණනකට, ජීවිතය ඉතාමත් අසීරු දෙයක් වී තිබෙනවා; තවමත් එය එහෙමමයි. එම ප්‍රදේශයෙන් ඉවත් කළ අයගෙන් සියයට 80ක් තමන්ගේ අලුත් නිවෙස්වල ජීවත් වන්නේ අසන්තෝෂයෙන් බව ඔවුන් සම්බන්ධයෙන් සිදු කළ එක් අධ්‍යයනයකින් අනාවරණය වී තියෙනවා. ඔවුන්ට කනගාටුව, වෙහෙස, අපහසුතාව, කෝපයක් හා තනිකමක් දැනෙනවා. ච’නොබිල්හි නිකම්ම න්‍යෂ්ටික අනතුරක් විතරක් වුණේ නැහැ—එය අතිමහත් ප්‍රමාණයකින් සිදු වූ සමාජීය හා මානසික අර්බුදයක්. පූර්ව-ච’නොබිල් නැතහොත් පසු-ච’නොබිල් හැටියට බොහෝදෙනෙක් සිද්ධීන්වලට යොමු දැක්වීම පුදුමයක් නොවෙයි.
බොහෝදෙනෙකුට වෙනස්ව, රූඩ්නික් පවුලේ අය මේ තත්වය සමඟ ඉතා හොඳින් කටයුතු කරනවා. ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා; එහි ප්‍රතිඵලයක් හැටියට, ධර්මිෂ්ඨ නව ලොවක් සම්බන්ධයෙන් දේවවචනයේ සඳහන් පොරොන්දු කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් වර්ධනය කරගත්තා. (යෙසායා 65:17-25; 2 පේතෘස් 3:13; එළිදරව් 21:3, 4) පසුව, 1995දී, වික්ට’ සහ අනා වතුර බව්තීස්මය මගින් දෙවිට කළ ඔවුන්ගේ කැපවීම සංකේතවත් කළා. පසුව ඔවුන්ගේ දියණිය වන යීලනාද බව්තීස්ම වුණා.
වික්ට’ මෙසේ පැහැදිලි කරනවා: “බයිබලය පාඩම් කිරීමෙන්, අපේ මැවුම්කරු වන යෙහෝවා දෙවි සහ පොළොව මත මිනිස්වර්ගයා සඳහා ඔහුගේ අරමුණු ගැන දැනගන්න අපිට පුළුවන් වුණා. දේවරාජ්‍යය පැමිණෙන විට, ඒ වගේ භයානක අනතුරු ආයේ කවදාවත් වෙන්නේ නැහැ කියල අපි දන්න නිසා, අපි තවදුරටත් විෂාදයෙන් පෙළෙන්නේ නැහැ. ච’නොබිල් නගරය ළඟ තියෙන අපි හුඟාක් ප්‍රිය කරන අපේ නිවස වටේ තියෙන ගම් පළාතේ ඇති පාළු ගතිය නැති වෙලා, එය සුන්දර පාරාදීසයක කොටසක් බවට පත් වන කාලය එන තුරු අපි බලා ඉන්නවා.”
ධර්මිෂ්ඨ නව ලොවක් පිළිබඳ දෙවිගේ පොරොන්දු ගැන දැඩි විශ්වාසය තබා තිබෙන අන්ශල් හා ස්වයේට්ලන්, විකිරණ ශරීරගත වීමෙන් සිදු වූ තමන්ගේ රෝගී තත්වයන් තිබුණත් එම ප්‍රීතිමත් බලාපොරොත්තුවම ඇතුව සිටිනවා. “මැවුම්කරු හා ඔහුගේ අරමුණු ගැන දැනුමක් නැත්නම් ජීවිතය අසීරු එකක් වෙනවා, ඒත් යෙහෝවා සමඟ කිට්ටු සබඳතාවක් ඇතුව සිටීම, ඒකාන්තව දේවල් දෙස බලන්න මට උපකාර වුණා. පූර්ණ කාලීනව බයිබලය ගැන දේශනා කරන කෙනෙක් හැටියට දිගටම ඔහුට සේවය කිරීම මගේ ආශාවයි” කියා අන්ශල් පැවසුවා. ස්වයේට්ලන් ඊට මෙසේ එකතු කළා: “මගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් මට විශාල උපකාරයක්.”
“කාලයත් හදිසි කාරණාත්” නිසා ඇති වන හදිසි අනතුරු, මිනිස්සු කොතැන ජීවත් වුණත්, ඔවුන් කවුරු වුණත් ඒවා ඔවුන්ට බලපාන බව මෙවැනි අයට බයිබලය පාඩම් කිරීම මගින් අනාවරණය කර තියෙනවා. (දේශනාකාරයා 9:11) ඒත් ඔවුන් අද්දකින කරදර මොනතරම් හානිකර විය හැකි වුණත්, යෙහෝවා දෙවිට ප්‍රතිසංස්කරණය කරන්න බැරි හානියක්වත්, සුව කරන්න බැරි පීඩාවක්වත් යථා තත්වයට ගෙනෙන්න බැරි පාඩුවක්වත් නැති බවද බයිබල් ශිෂ්‍යයන් දැනගෙන තිබෙනවා.
දෙවිගේ පොරොන්දු ගැන විශ්වාසය ඇති කරගැනීමෙන් දීප්තිමත් බලාපොරොත්තුවක් සමඟින් ප්‍රීතිය භුක්ති විඳින්න ඔබට පුළුවන් වෙන්නේ කොහොමද? හිතෝපදේශ නමැති බයිබල් පොතේ ලේඛකයා එයට මෙසේ උත්තර දෙනවා: “නුඹේ විශ්වාසය [යෙහෝවා] කෙරෙහි තිබෙන පිණිස මම අද ඒවා නුඹට, එසේය, නුඹට දැන්නුවෙමි.” (හිතෝපදේශ 22:19) ඔව්, නිතිපතා බයිබල් පාඩමක් පැවැත්වීම මගින් ඔබ දැනුම ලබාගැනීම අවශ්‍යයි. මෙය කිරීම සඳහා ඔබට උදව් කරන්න, ඔබ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුටු වෙයි. නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩම් වැඩසටහනක් ඔවුන් ඉදිරිපත් කරනවා; එය ඔබට පහසු වේලාවක හා ස්ථානයකදී සපයාවි.
[26වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“ඉතා බරපතළ මෙන්ම පහ කර දැමීමට ඉතා අසීරු ඵල විපාකවලින් යුත් මේ වගේ අතිමහත් අවාසනාවන්ත සිද්ධියක් මනුෂ්‍යවර්ගයා මින් පෙර කවදාවත් අද්දැක නැහැ.” රුසියානු ජනාධිපති යෙල්ට්සින්
[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
ච’නොබිල්හි නිකම්ම න්‍යෂ්ටික අනතුරක් විතරක් වුණේ නැහැ—එය අතිමහත් ප්‍රමාණයකින් සිදු වූ සමාජීය හා මානසික අර්බුදයක්
[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Tass/Sipa Press