යුද්ධයෙන් මියයන ගණනකට සමාන ගණනක් මියයයි
විසිතුන්-හැවිරිදි ම’ලින්ගේ බර අඩු වී, ඉක්මනින් වෙහෙසට පත් වන බවක් දැනුණු විට, එය මෑතකදී තමාට ඇති වූ ගර්භිණීභාවය හා සම්බන්ධ යමක් විය හැකියයි ඈ අනුමාන කළා. ඇයට නිරතුරුව පවතින කැස්සක්ද තිබුණු අතර, ඇය ඇගේ වෛද්‍යවරයාට ඒ බව සඳහන් කළා. එය උඩු ස්වසන මාර්ගයේ ආසාදනයක් බව පැවසූ ඔහු ප්‍රතිජීවක නිර්දේශ කළා. පසුව, රාත්‍රි කාලයේදී දාඩිය ගලන්න පටන්ගත් විට ම’ලින් ඇත්තෙන්ම කනස්සල්ලට පත් වුණා. ඇය ඇගේ වෛද්‍යවරයා වෙත යළි ගිය විට, ඇයට පපුවේ X කිරණ ඡායා පිටපතක් ගැනීමට විධිවිධාන යෙදුවා.
X කිරණ පිටපතේ පෙන්නුම් කළේ වහාම ක්‍රියාත්මක විය යුතු බව වුවත්, දූරකථනයෙන් ම’ලින්ව ඇමතීමට හැකිකමක් තිබුණේ නෑ. “දොස්තර මගේ අම්මට කතා කරලා මට ලොකු අසනීපයක් තියෙන බව කියලා තිබුණා” කියා ම’ලින් පැවසුවා. “මගේ අම්මා මාව හොයාගෙන ඇවිත් ඉක්මනටම [දොස්තර] ළඟට යන්න කියලා මට කිව්වා. ඔහු මාව රෝහලට යැවූ අතර එහෙදී මගේ තව X-කිරණ ඡායා පිටපතක් ගත්තා; ඔවුන් මාව එහෙ නවත්වගත්තා.”
තමාට ක්ෂය රෝගය (ටීබී) තිබෙන බව දැනගැනීමෙන් ම’ලින් කම්පනයට පත් වුණා. ඇය මියයයි කියා ඇය සිතූ නමුත්, ප්‍රති-ටීබීඖෂධ ප්‍රතිකාරයෙන් පසු වැඩි කල් නොගොස් ඇය යථා තත්වයට පැමිණියා.
ටීබීතිබීමෙන් ම’ලින් පුදුමයට පත්වීම තේරුම්ගත හැකි දෙයක්. වෘත්තියේ නිපුණ සෞඛ්‍ය සේවකයන් බොහෝදෙනෙක් පවා, සංවර්ධිත ලෝකයේ ටීබීමර්දනය කර ඇතැයි මෑතක් වන තුරුම විශ්වාස කළා. “හුඟ කාලෙකට ඉස්සෙල්ලා ටීබීමුළුමනින්ම නැති කර දැමුවායි කියා මම හිතුවා” යයි ලන්ඩනයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක චිකිත්සක සහයිකාවක් පැවසුවා. “නමුත් මම මෙහේ වැඩ කරන්න ආවහම, එය තවමත් යහතින් ජීවත් වන බවත්, නගරය තුළ ශීඝ්‍රයෙන් වැඩෙමින් පවතින බවත් දැනගත්තා.”
ටීබීඅතුරුදහන් වී තිබුණු තැන්වල, යළිත් එය හිස ඔසවා ඇත; එය තිබුණු තැන්වල තවත් දරුණු ලෙස වර්ධනය වී ඇත. මර්දනය කරනවා වෙනුවට, යුද්ධයට හා සාගතයට සමානව ටීබීමරුවෙක් වී සිටියි. සලකා බලන්න:
◼ නවීන වෛද්‍යකර්මයේ විස්මිතයන් තිබියදී වුවත්, ඉකුත් වසර සීය පුරා ටීබීමගින් මිලියන 200ක පමණ ජනතාවක් වළපල්ලට යවා තිබේ.
◼ බිලියන දෙකක ජනතාවක්—ලෝක ජනගහනයෙන් තුනෙන් එකක්—දැනටමත් බැක්ටීරියා වර්ගයක් වන ටීබීබැසිලයෙන් ආසාදනය වී ඇත. ඊට අමතරව, හැම තත්පරයකදීම තවත් පුද්ගලයෙක් ටීබීවලින් ආසාදනය වී සිටියි!
◼ පරිණත ටීබීතිබෙන ජනයාගේ සංඛ්‍යාව, 1995දී මිලියන 22ක් පමණ වුණා. මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් මියගිය අතර, ඔවුන්ගෙන් වැඩිහරියක් සංවර්ධනය වෙමින් පවතින ලෝකයෙනුයි.
ටීබීසමඟ සටන් කළ හැකි ප්‍රබල ඖෂධ තිබුණත්, මේ රෝගය මානව සංහතියට නිරතුරුවම වසංගතයක් වී තිබෙන්නේ මන්ද? කවදා හෝ එය මර්දනය කරාවිද? එයින් ඔබව ආරක්ෂා කරගැනීමට යම් මඟක් තිබේද? මතු ලිපි මේ ප්‍රශ්නවලට උත්තර සපයයි.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
නියූ ජර්සි වෛද්‍ය පාසැල—ජාතික ක්ෂය රෝග මධ්‍යස්ථානය