ජයග්‍රහණය සහ ඛේදවාචකය
“ඉකුත් වසර 30 තුළ ක්ෂය රෝගයේ කතන්දරය ජයග්‍රහණයක් සහ ඛේදවාචකයක් වී තිබේ—එනම් රෝගය පාලනය කර, අවසානයේදී තුරන් කරදැමීමට ක්‍රම සැපයූ විද්‍යාඥයන්ගේ ජයග්‍රහණය මෙන්ම ඔවුන්ගේ සොයාගැනීම් ඵලදායි ලෙස පාවිච්චියට ගැනීමට බෙහෙවින් අසමත් වීමේ ඛේදවාචකයයි.”—ජේ. ආර්. බිග්නල්, 1982.
ක්ෂය රෝගය (ටීබී) දීර්ඝ කාලයක් පුරා මරණය කැඳවමින් සිටියි. යුරෝපීයයන් දකුණු අමෙරිකාවට නැවෙන් ගමන් කිරීමට දිගු කලකට පෙර එය පෙරූහි ඉන්කාවරුන්ට පීඩා කළා. ඵාරාවෝ තේජශ්‍රීයෙන් පාලනය කළ සමයේදී එය මිසරවරුන්ට පහර දුන්නා. ආදි බබිලෝනියේ, ග්‍රීසියේ හා චීනයේදී ටීබීවිශාල ලෙස හා සුළුවෙන් පීඩා කර ඇති බවට පුරාණයේ ලියවිලි පෙන්නුම් කරයි.
දහඅටවන සියවසේ සිට 20වන සියවසේ මුල් කාලය වන තෙක්, බටහිර ලෝකයේ මරණවලට ප්‍රධාන හේතුකාරකය ටීබීවුණා. අන්තිමට 1882දී, ජර්මානු වෛද්‍ය රොʹබට් කොක්, තමා රෝගයට වගකිව යුතු බැසිලය සොයාගත් බවට නිල වශයෙන් නිවේදනය කළා. ජීවත් වන පුද්ගලයන්ගේ පෙණහලු ආශ්‍රිත පටකවල ටියුබ’කියුල තුවාලවල ලක්ෂණ තිබේදැයි සියුම් පරීක්ෂාවක් කිරීමට හැකි කරවමින් වසර දහතුනකට පසු විල්හෙල්ම් රෝන්ට්ජන් X කිරණ සොයාගත්තා. ඉන්පසු, 1921දී, ප්‍රංශ විද්‍යාඥයන් ටීබීවලට එරෙහි විය හැකි එන්නතක් නිපදෙව්වා. රෝගයට එරෙහි විය හැකි එකම එන්නත, එය සොයාගත් විද්‍යාඥයන්ගේ නම්වලින්ම නම් කළ බීසීජී (බැසිලස් කැල්මට්-ගුවරින්) හැටියට පවතියි. කෙසේනමුත්, ටීබීනිරතුරුවම සෑහෙන ගණනක් ඩැහැගත්තා.
අන්තිමේදී, ප්‍රතිකාරයක්!
වෛද්‍යවරුන් ටීබීරෝගීන්ව ළය රෝහල්වලට යැව්වා. මේ රෝහල් සාමාන්‍යයෙන් පිහිටුවා තිබුණේ රෝගීන්ට විවේක ගත හැකි මෙන්ම නැවුම් වාතය ආශ්වාස කළ හැකි තැනක් වන කඳුවලයි. පසුව, 1944දී, එක්සත් ජනපදයේ වෛද්‍යවරුන් ටීබීවලට එරෙහි වීමට තරම් ප්‍රබල පළමු ප්‍රතිජීවකය වශයෙන් ස්ට්‍රෙප්ටොමයිසීන් සොයාගත්තා. ඉන්පසු නොපමාව වෙනත් ප්‍රති-ටීබීඖෂධ වර්ධනය වුණා. අන්තිමේදී, ටීබීරෝගීන්ව ඔවුන්ගේ නිවෙස්වල සිටියදීම වුවත් සුව කළ හැකි වුණා.
ආසාදනය වීමේ සංඛ්‍යාවන් අඩුවීමත් සමඟම අනාගතය ඊටත් වඩා හොඳ වෙන බවක් පෙනෙන්න තිබුණා. ළය රෝහල් වසා දැමූ අතර, ටීබීපර්යේෂණ සඳහා අරමුදල් ක්‍රමයෙන් අතුරුදහන් වුණා. වැළඳීමට පෙර පූර්වෝපායන් ගැනීමේ වැඩසටහන් නවතා දැමූ අතර, විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් නව වෛද්‍ය අභියෝගයන් වෙත යොමු වුණා.
සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ, ජීවිත ගණනාවක් තවමත් ටීබීමගින් බිලිගනිමින් තිබුණා වුවත්, ස්ථිරයෙන්ම දේවල් හොඳ අතට හැරෙයි. ටීබී, ඉතිහාසයේ යමක් බවට පත් වුණා. ජනයා සිතුවේ එසේ නමුත්, ඔවුන්ට වැරදී තිබුණා.
මාරාන්තික යළි මතුවීමක්
එක්දාස් නවසිය අසූගණන්වල මැදභාගයේදී, ටීබී, භයානක මෙන්ම මාරාන්තික යළි මතුවීමක් සිදු කරන්න පටන්ගත්තා. පසුව, 1993 අප්‍රියෙල්වලදී, ටීබී“සමස්ත ලෝක හදිසිතාවක්” බවට ජගත් සෞඛ්‍ය සංවිධානය (ජසෞසං) ප්‍රකාශ කරනු ලැබුවා; “එහි පැතිර යෑම මැඩපැවැත්වීමට ඊළඟ දශකයේදී කඩිනම් ක්‍රියාමාර්ගයක් නොගතහොත් මිලියන 30කට වැඩි ජීවිත ගණනක් බිලිගනු ඇත” කියාද පැවසුවා. ජගත් සෞඛ්‍ය සංවිධානය, ඉතිහාසයේ එවැනි ප්‍රකාශයක් සිදු කළේ පළමු වතාවටයි.
එතැන් පටන්, රෝගයේ පැතිර යෑම මැඩපැවැත්වීමට කිසිම “කඩිනම් ක්‍රියාමාර්ගයක්” ගෙන නැහැ. ඇත්තවශයෙන්ම, තත්වය තවත් දරුණු වී තිබේ. ඉතිහාසයේ වෙනත් හැම වසරකටම වඩා 1995දී ටීබීමගින් විනාශ වූ ජන සංඛ්‍යාව වැඩි බව මෑතකදී ජසෞසං වාර්තා කළා. ඊළඟ වසර 50 තුළදී බිලියන භාගයක පමණ ජනතාවක් ටීබීමගින් රෝගී විය හැකි බවටත් ජසෞසං අනතුරු ඇඟෙව්වා. බොහෝවිට-අසාධ්‍ය, බහුඖෂධවලට ඔරොත්තු දෙන ටීබීවලට ගොදුරු වන ජනයා වැඩි වෙමින් පවතින්න යනවා.
මාරාන්තික යළි මතුවීම මන්ද?
ඉකුත් 20 වසර තුළදී ලෝකයේ බොහෝ ප්‍රදේශවල ටීබී-පාලන වැඩසටහන් පිරිහී නැතහොත් අතුරුදහන් වී තිබීම එක් හේතුවක්. මෙය රෝගය ඇති අයගේ රෝග ලක්ෂණ හඳුනාගැනීමත්, ප්‍රතිකාර කිරීමත් ප්‍රමාද කිරීමට මඟ පාදා ඇත. ප්‍රතිඵලයක් වශයෙන්, මියයන ගණන හා රෝගයේ පැතිර යෑම වැඩි වී තිබේ.
ටීබීයළි හදිසියේම නැඟී සිටීමට තවත් හේතුවක් තමයි, ජනයා තදබද වී ඇති නගරවල, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ විශාල ජනාකීර්ණ නගරවල ජීවත් වන දුගී, මන්දපෝෂිත ජන සංඛ්‍යාව වැඩිවීම. ටීබීදුගී ජනගහනයකට සීමා වී නැති අතරතුර, ඕනෑම කෙනෙක්ට ටීබීබෝවීමට හැකි කරවමින්, සෞඛ්‍යාරක්ෂාව නොමැති මෙන්ම තදබදව ජීවත් වීමේ තත්වයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට ආසාදනය යැවීම වඩාත් පහසු කරවනවා. රෝගයට එරෙහිව සිටීමට නොහැකි වන සේ ජනතාවගේ ප්‍රතිශක්තිකරණ පද්ධති ඉතා දුර්වල කිරීමට ඇති ඉඩ කඩද ඒවා මගින් වැඩිවර්ධනය කරයි.
එච්අයිවී සහ ටීබී—ද්විත්ව ගැටලුවක්
ඒඩ්ස් වෛරසයක් වන එච්අයිවී සමඟ ටීබීමාරාත්මක මිත්‍රත්වයක් ඇති කරගෙන තිබීම ලොකුම ගැටලුවක්. තක්සේරු කර ඇති අන්දමට 1995දී ඒඩ්ස්-ආශ්‍රිත හේතුකාරකයන්ගෙන් මියගිය මිලියනයක ජනතාවකගෙන් සමහරවිට තුනෙන් එකක් මියගියේ ටීබීවලින්. මීට හේතුව ටීබීවලට එරෙහි වීම සඳහා ශරීරයේ ඇති හැකියාව එච්අයිවී මගින් දුර්වල කරන නිසයි.
බොහෝ ජනයා තුළ ටීබීආසාදනය අසනීප ඇති කරන තරමටම කෙදිනකවත් වැඩිවර්ධනය වන්නේ නැහැ. මන්ද? මහාභක්ෂාණු ලෙසින් හැඳින්වෙන සෛල තුළ ටීබීබැසිලය සිර වී ඇති නිසයි. එහිදී, පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින්, විශේෂයෙන්ම ටී වසා සෛල හෝ ටී සෛල මගින් ඒවා අගුලු ලා තිබේ.
ටීබීබැසිලය, සිර වන සේ වැසෙන පියන් සහිත කූඩවල ආරක්ෂිතව රඳවා ඇති නයි වගෙයි. කූඩ වනාහි මහාභක්ෂාණු වන අතර, පියන් ටී සෛල වේ. කෙසේනමුත්, ඒඩ්ස් වෛරසය මේ දර්ශනයට එළඹෙන විට, එය වේගයෙන් කූඩවලට පහර දී කූඩවලින් පියන් ගළවා දමයි. එය සිදු වෙද්දී, බැසිලයන් ඉවතට පනින අතර, ශරීරයේ ඕනෑම කොටසක් විනාශ කිරීමට නිදහස්ව සිටියි.
එමනිසා, සෞඛ්‍යසම්පන්න ප්‍රතිශක්තිකරණ පද්ධති ඇති අයට වඩා, ඒඩ්ස් රෝගීන් ක්‍රියාශීලී ටීබීවර්ධනය කිරීමට ඇති ඉඩ කඩ බෙහෙවින් වැඩියි. “එච්අයිවී ඇති ජනයා වැඩි වශයෙන් ගොදුරු වෙනවා” කියා ස්කොට්ලන්තයේ ටීබීවිශේෂඥයෙක් පැවසුවා. “ලන්ඩන්වල සායනයක එච්අයිවී රෝගීන් දෙදෙනෙක් කොරිඩෝරයක ඉඳගෙන සිටියදී ටීබීරෝගියෙක් රැගත් ට්‍රොලිය ඔවුන් පසු කර ගිය විට ඔවුන්ට රෝගය වැළඳුණා.”
මෙලෙස, ටීබීවසංගතය වැඩි කිරීමට ඒඩ්ස් උපකාර වී තිබේ. එක සංඛ්‍යා ලේඛනයකට අනුව, වසර 2000 වන විට, ක්ෂය රෝගීන් මිලියන 1.4කට හේතුව වනු ඇත්තේ ඒඩ්ස් වසංගතයයි; එය නොතිබුණා නම් එසේ නොවනු ඇත. ටීබීවැඩිවර්ධනය වීමට ප්‍රධාන සාධකයක් වන්නේ ඒඩ්ස් රෝගීන් බෙහෙවින් රෝගයට ගොදුරු වීම පමණක් නොව, නමුත් ඒඩ්ස් නැති අය ඇතුළු අන්‍යයන්ටත් ටීබීපැතිර වීමට ඔවුන්ට හැකිවීමයි.
බහුඖෂධවලට ඔරොත්තු දෙන ටීබී
ටීබීවලට එරෙහිව සටන් කිරීම වඩාත් අසීරු කරන අවසාන සාධකයක් තමයි ඖෂධවලට ඔරොත්තු දෙන ටීබීබැක්ටීරියා වර්ග මතුවීම. ප්‍රතිජීවකවලට පෙර යුගයේ සිදු වූවාක් මෙන්, රෝගය යළි සුව කිරීමට නොහැකි කරවමින් මේ බලවත් බැක්ටීරියා වර්ග තර්ජනය කරයි.
පරස්පර විරෝධී දෙයක් වන්නේ, නිසි පාලනයකින් තොරව ප්‍රති-ටීබීඖෂධ දීම, බහුඖෂධවලට ඔරොත්තු දෙන ටීබීවලට ප්‍රධාන හේතුකාරකය වීමයි. ටීබීවලට දෙනු ලබන බලපෑමෙන් යුත් ප්‍රතිකාරයක් අඩුම තරමින් මාස හයක්වත් දිවෙන අතර, රෝගීන් වරද්දන්නේ නැතුව නොකඩවාම ඖෂධ හතරක් ගැනීම අවශ්‍යයි. රෝගියාට දවසකට පෙති දොළහක් තරම් ප්‍රමාණයක්වත් ගිලින්න සිදු විය හැකියි. රෝගීන් නොකඩවාම ඖෂධ ගන්නේ නැත්නම් හෝ ප්‍රතිකාරය සම්පූර්ණ කරන්නේ නැත්නම්, මැරීමට අසීරු හෝ නොහැකි ටීබීබැක්ටීරියා වර්ග වර්ධනය වෙනවා. පිළිගත් ටීබීඖෂධ හතකටම ඇතැම් බැක්ටීරියා වර්ග ඔරොත්තු දෙයි.
බහුඖෂධවලට ඔරොත්තු දෙන ටීබීරෝගීන්ට ප්‍රතිකාර කිරීම අසීරු දෙයක් පමණක් නොව වියදමත් අධික වැඩක්. එවැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීම, වෙනත් ටීබීරෝගීන්ට ප්‍රතිකාර කිරීමට වඩා 100 වාරයකට ආසන්නව මිල අධිකයි. උදාහරණයක් වශයෙන්, එක්සත් ජනපදයේ, එක්කෙනෙකුට ප්‍රතිකාර කිරීමට ගෙවන්ට වන වෛද්‍ය බිල රුපියල් 1,50,00,000 ඉක්මවිය හැකියි!
ලොව පුරා මිලියන 100ක පමණ ජනතාවක් ඖෂධවලට ඔරොත්තු දෙන ටීබීබැක්ටීරියා වර්ගවලින් ආසාදනය වී සිටිය හැකි බව ජසෞසං තක්සේරු කරන අතර, මේවායින් සමහරක් ප්‍රති-ටීබීඖෂධවලින්වත් සුව කළ නොහැකියි. මේ මාරාත්මක බැක්ටීරියා වර්ග ඉතා පොදු බැක්ටීරියා වර්ග හා සමානව පැතිරෙනසුලුයි.
වැළඳීම වළක්වාගැනීම සහ සුවය
මේ සමස්ත ලෝක හදිසිතාවට එරෙහිව සිදු කරමින් තිබෙන්නේ කුමක්ද? රෝගය පාලනය කිරීමට හොඳම ක්‍රමය තමයි මුල් අවදියේදීම ආසාදිත රෝගීන්ව සොයාගෙන සුව කිරීම. මෙය දැනටමත් අසනීප අයට උපකාර කරනවා පමණක් නොව, නමුත් වෙනත් අයට රෝගය පැතිරවීමද නවත්වයි.
ටීබීවලට ප්‍රතිකාර නොකර හරිද්දී, එය ඊට ගොදුරු වී ඇති අඩකට වඩා මරා දමයි. කෙසේනමුත්, ඖෂධ කීපයකට ඔරොත්තු දෙන බැක්ටීරියා වර්ගයක් මගින් නොවේ නම් එය සෑදි තිබෙන්නේ, නිසි පරිදි ප්‍රතිකාර කළ විට සෑම ටීබීරෝගියෙකුම පාහේ සුව වේ.
අපි දැක ඇති පරිදි, බලපෑමෙන් යුත් ප්‍රතිකාරයක් සඳහා රෝගීන් මුළු ඖෂධ මාලාවම සම්පූර්ණ කිරීම අවශ්‍යයි. ඔවුන් නිතර එසේ නොකරයි. නොකරන්නේ මන්ද? ප්‍රතිකාරය පටන්ගෙන සති කීපයකින් සාමාන්‍යයෙන්ම කැස්ස, උණ සහ වෙනත් රෝග ලක්ෂණ අතුරුදහන් වෙනවා. එබැවින්, රෝගීන් බොහෝදෙනෙකු තමන් සුව වී ඇතැයි නිගමනය කරමින් ඖෂධ ගැනීම නතර කරනවා.
මේ ගැටලුවට එරෙහිව සිටීමට, ජසෞසං මගින් ඩොට්ස් නමින් හැඳින්වෙන වැඩසටහනක් හඳුන්වා දෙන අතර, එය “නිරීක්ෂණයට ලක් ප්‍රතිකාරය, කෙටිකාලීන-ඖෂධ මාලාව” ලෙසින් දැක්වේ. මේ නමේ සඳහන් පරිදි, සෞඛ්‍ය සේවකයන්, තම රෝගීන් අඩුම තරමින් ප්‍රතිකාරයේ පළමු මාස දෙක පුරාවත් සෑම ඖෂධ මාත්‍රාවක්ම ගිල දමනවාද කියා බලාසිටියි. එහෙත්, මෙය සැමවිටම පහසු නැත්තේ මන්දයත්, ටීබීවලින් පහර ලැබ සිටින බොහෝදෙනෙකු ජීවත් වන්නේ සමාජයේ කොහේ හරි කොනක නිසයි. ඔවුන්ගේ ජීවිත බොහෝවිට වියවුල හා ගැටලුවලින් පිරී තිබෙන බැවින්—සමහරුන්ට නිවසක්වත් නැති බැවින්—ඔවුන් තම ඖෂධ ගැනීම නිරතුරුව බලාසිටීම කළ හැකි දෙයක් නොවෙන්න පුළුවන්.
එසේනම් මිනිස්වර්ගයාට බලපා තිබෙන මෙම වසංගතය සම්පූර්ණයෙන් මර්දනය වෙයි කියා මොනයම් හෝ බලාපොරොත්තුවක් තබාගත හැකිද?
[5වන පිටුවේ කොටුව]
ටීබී තොරතුරු පත්‍රිකාව
විස්තරය: ටීබීසාමාන්‍යයෙන් පෙණහලුවලට පහර දී එය ක්‍රම ක්‍රමයෙන් විනාශ කරන රෝගයක් නමුත්, ශරීරයේ වෙනත් කොටස්වලට, විශේෂයෙන් මොළයට, වකුගඩුවලට හා අස්ථිවලට පැතිර යා හැකියි.
රෝග ලක්ෂණ: පෙණහලු ටීබීමගින් කැස්ස, බර අඩුවීම සහ කෑම අරුචිය, රාත්‍රියේදී අධික ලෙස දාඩිය ගැලීම, දුර්වලකම, කෙටි ආශ්වාස ප්‍රශ්වාසයන් සහ පපුවේ වේදනා ඇති කළ හැකියි.
හඳුනාගන්න ආකාරය: පුද්ගලයෙකුට බැසිලය ඇතුල් වී ඇද්දැයි දැක්වීමට සම මත සිදු කරන ටියුබ’කියුලින් පරීක්ෂාවකට හැකියි. පෙණහලුවලට හානියක් සිදු වී ඇද්දැයි හෙළි කිරීමට පපුවේ X කිරණ ඡායා පිටපතකට හැකියි; එය ක්‍රියාශීලී ටීබීආසාදනයක් තිබෙනවා නම් පෙන්නුම් කරයි. ටීබීබැසිලයන් සොයාගැනීමට ඉතා විශ්වාසදායක මාර්ගය වන්නේ රෝගියාගේ කෙළ රැගෙන විද්‍යාගාරයක සිදු කරන පරීක්ෂණයයි.
පරීක්ෂා කළ යුත්තේ කාවද: ටීබීරෝග ලක්ෂණ තිබෙන අයව හෝ ටීබීරෝගියෙකුට කිට්ටුවෙන් නිතර ගැවසී ඇති—විශේෂයෙන්ම ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොමැති කාමරවල සිටින අයව.
එන්නත: බීසීජී නමින් ප්‍රසිද්ධ එකම එන්නතයි තිබෙන්නේ. එය දරුවන්ට දරුණු ටීබීඇතිවීම වළක්වන නමුත්, තරුණයන්ට හා වැඩිහිටියන්ට බලපෑමක් වන්නේ අල්ප වශයෙන්. හිතකර තත්වයන් යටතේ, මේ එන්නත වසර 15කට පමණ ආරක්ෂාවක් සපයයි. බීසීජී ආරක්ෂා කරන්නේ ආසාදනය නොවූ අයව පමණයි; දැනටමත් ආසාදනය වී ඇති අයට එහි ප්‍රයෝජනයක් නැහැ.
[6වන පිටුවේ කොටුව]
ටීබී සහ විලාසිතාව
පුදුමයක් මෙන් පෙනිය හැකි වුවත්, 19වන සියවසේදී, ටීබීරෝගයේ ලක්ෂණ, සංවේදිතාව, කලාත්මක චරිත ස්වභාවයන් වැඩි කරන බව ජනයා විශ්වාස කළ නිසා එය පරමාදර්ශී යමක් මෙන් සැලකුවා.
නාට්‍ය හා නව කතා ගත්කරුවෙකු වූ ප්‍රංශ අලෙක්සාන්ඩ’ ඩ්‍යූමාස්, 1820 ගණන්වල මුල් කාලය ගැන මෙම්වාර්ස්හි (ආත්ම චරිතකථනයන්හි) මෙසේ ලිව්වා: “පපුවේ අමාරුවලින් වේදනා විඳීම විලාසිතාවක්ව තිබුණා; හැමදෙනාම ක්ෂය රෝගයෙන් පහර ලැබ සිටියා; විශේෂයෙන්ම කවියන්; අවුරුදු තිහ වෙන්න ඉස්සෙල්ලා මැරෙන එක හොඳයි කියලා සිතීම මෝස්තරයක් බවට පත් වුණා.”
ඉංග්‍රීසි කවියෙකු වූ ලෝඩ් බයිරන් මෙසේ පැවසූ බවට වාර්තා වේ: “[ටීබීවලින්] ක්ෂය වී මියයෑමට මම කැමතියි . . . එතකොට කාන්තාවන් සියලුදෙනාම ‘බලන්න අසරණ බයිරන් දිහා, ඔහු මැරෙන කොට කොයිතරම් ලස්සනද!’ කියලා කියාවි.”
පෙනෙන විදිහට ටීබීවලින් මියගිය අමෙරිකානු ලේඛක හෙන්රි ඩේවිඩ් තරෝ මෙසේ ලිව්වා: “දිරාපත් වීම හා රෝගය බොහෝවිට ලස්සනයි, හරියට . . . ක්ෂයරෝගී උණෙන් මූණ රතු වෙලා දිලිසෙනවා වගෙයි.”
මේ චිත්තාකර්ෂණීය ටීබීපිළිබඳව අදහස් ප්‍රකාශ කරමින්, ද ජර්නල් ඔෆ් දි අමෙරිකන් මෙඩිකල් අසෝසිඒෂන් මෙසේ සඳහන් කළා: “රෝගය සඳහා වූ මෙම තේරුම්ගැනීමට දුෂ්කර ස්නේහය, විලාසිතා ලෝකයේ රුචිකත්වයන් තුළ පැතිර ගියා; ස්ත්‍රීන් සුදුමැලි, දුර්වල පෙනුමක් ඇති කරගන්න මහන්සි ගනිමින් සුදුපාට පෙනුමක් ඇති කරන ආලේපන පාවිච්චි කළ අතර, සැහැල්ලු කපු ඇඳුම්වලට කැමැත්තක් දැක්වුවා—එය බොහෝදුරට අදදින අග්නි මාන්ද්‍යයෙන් පෙළෙන පෙනුමක් ඇති නිරූපිකාවන් විසින් ඈඳාගැනීමට උත්සාහ කරන ආටෝපය වගෙයි.”
[7වන පිටුවේ කොටුව]
ටීබී බෝවීමට පහසුද?
“ක්ෂය රෝග බැක්ටීරියාවෙන් මිදී හැංගෙන්න තැනක් නෑ” කියා ජසෞසං සමස්ත ලෝක ටීබීවැඩසටහනේ අධ්‍යක්ෂක වෛද්‍ය. අරාටා කෝචි අනතුරු අඟවයි. “කැස්සකින් හෝ කිවිසුමකින් වාතයට මුසු වී ඇති ටීබීවිෂබීජයක් ආශ්වාස කිරීමෙන් පමණක්ම ඕනෑම කෙනෙකුට ටීබීවැළඳිය හැකියි. පැය ගණනක්, අවුරුදු ගණනක් පවා වාතයේ රැඳී සිටීමට මේ විෂබීජවලට හැකියි. අපි සැවොම ඉන්නේ අවදානමෙයි.”
කෙසේවුවත්, කෙනෙක් ටීබීවලින් රෝගී වීමට පෙර, දේවල් දෙකක් සිදු විය යුතුයි. පළමුව, ඔහු හෝ ඇය ටීබීබැක්ටීරියාවෙන් ආසාදනය විය යුතුයි. දෙවනුව, ආසාදනය රෝගය දක්වා වර්ධනය විය යුතුයි.
රෝගය බෙහෙවින් පතුරන තැනැත්තෙක් සමඟ කෙටි වෙලාවක් ගැවසීමෙන් රෝගය බෝවිය හැකි වුවත්, ටීබීපැතිර යෑමට බොහෝවිට ඉඩ කඩ ඇත්තේ, තදබද වූ තත්වයන් යටතේ ජීවත් වන පවුල් සාමාජිකයන් අතර නිතර නිතර ගැවසෙන්න සිදු වන අවස්ථාවන් වැනි තත්වයන් යටතෙයි.
බැසිලයන් ආශ්වාස කළ පුද්ගලයෙක් ආසාදනයට ලක් වෙන අතර, එය පපුවේදී ගණනින් වැඩි වේ. කෙසේවුවත්, 10දෙනෙකුගෙන් 9දෙනෙක් තුළ ආසාදනය පැතිර යෑම ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් නවත්වන අතර, ආසාදනය වූ පුද්ගලයා අසනීප වන්නේ නැහැ. කෙසේවුවත්, සමහරවිට, එච්අයිවී, දියවැඩියාව, පිළිකා රස චිකිත්සක ප්‍රතිකාර හෝ වෙනත් හේතුකාරකයන් මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දරුණු ලෙස දුර්වල වී ඇත්නම් උදාසීන බැසිලයන් ක්‍රියාශීලී විය හැකියි.
[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
නියූ ජර්සි වෛද්‍ය පාසැල—ජාතික ක්ෂය රෝග මධ්‍යස්ථානය
[7වන පිටුවේ පින්තූරය]
ඒඩ්ස් වෛරසය මගින් මුදාහරින ටීබීබැසිලයන් හරියට කූඩවලින් මිදී යන නයි වගෙයි