සමස්ත ලෝක විසඳුමක්—විය හැකි දෙයක්ද?
ක්ෂය රෝගය (ටීබී) සමස්ත ලෝක විසඳුමක් අවශ්‍ය සමස්ත ලෝක ගැටලුවක් බවට ප්‍රවීණයන් එකඟ වෙයි. සෑම සතියකම මිලියන සංඛ්‍යාත ජනකායක් අන්තර් ජාතික සීමා හරහා ගමන් කරන හෙයින් කිසිම රටකට තනිවම ටීබීපාලනය කළ නොහැකියි.
අන්තර් ජාතික සහයෝගීතාවක් තිබීම, එනම් ටීබීවලින් දරුණු ලෙස පහර ලැබ තිබෙන දිළිඳු ජාතීන්ට ධනවත් ජාතීන් උපකාර කිරීම අවශ්‍යයි කියා බොහෝදෙනෙකු විශ්වාස කරයි. වෛද්‍ය. අරාටා කෝචි පවසන ආකාරයට, “තමන්ගේම රටවල් සටන් කිරීමේ භූමි බවට පත් වන්න පෙර, ඌන-සංවර්ධිත රටවලට ක්ෂය රෝගය සමඟ සටන් කිරීමට උපකාර කිරීම ධනවත් රටවලට වාසිදායකයි.”
නමුත් වැඩි හදිසිතාවක් ඇති ප්‍රමුඛතාවන් හා ගැටලු හැටියට තමන් දකින දෙයින් ආකූලව සිටින පොහොසත් රටවල් ටීබීවලින් බේරාගැනීමට ඉක්මන් වී නැහැ. සමහර දිළිඳු රටවල්ම සෞඛ්‍යය කෙරෙහි සැලකිලිමත් වීම අතපසු කරන අතර, ඒ වෙනුවට බොහෝවිට තම යුධායුධවලට මුදල් වගුරුවයි. වර්ෂ 1996 මැදභාගය වන විට, ඩොට්ස් උපක්‍රම මගින් ප්‍රතිකාර කළේ ලෝකයේ ටීබීරෝගීන්ගෙන් සියයට 10කට පමණයි; වසංගතය දරුණු වීම වැළැක්වීමට මේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවේ.
ජසෞසං මෙසේ නිරීක්ෂණය කරයි: “ටීබීසුව කිරීමට අවශ්‍ය දැනුම සහ මිල අඩු ඖෂධ දශක ගණනක් පුරා පැවතී තිබේ. දැන් ලෝකයට අවශ්‍යව තිබෙන්නේ, ලෝකය පුරා බලපෑමෙන් යුක්තව මේ ඖෂධ ප්‍රයෝජනයට ගත හැකි බවට සහතික වනු ඇති, යමක් කිරීමට හැකියාවක් හා දයානුකම්පාව ඇති, බලයේ සිටින ජනයා විසින් වහාම පියවර ගැනීමයි.”
සිදුවීමට නියමිත ජයග්‍රහණය
මේ ගැටලුව විසඳයි කියා, බලය සහ යමක් කරන්න හැකියාව තිබෙන මනුෂ්‍යයන් දෙස අපිට විශ්වාසයෙන් බැලිය හැකිද? ආනුභාව ලත් බයිබල් ගීතිකාකරු මෙසේ ලීවා: “අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්.” එසේනම්, අපිට විශ්වාසය තැබිය හැක්කේ කවරෙකු කෙරෙහිද? ශුද්ධ ලියවිලි පදය තවදුරටත් මෙසේ ප්‍රකාශ කරයි: ‘යාකොබ්ගේ දෙවි උපකාරකොට ඇත්තාවූ, තමාගේ දෙවි වූ යෙහෝවා කෙරෙහි තමාගේ බලාපොරොත්තුව ඇත්තාවූ තැනැත්තේ වාසනාවන්තය. ඔහු අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැව්වේය.’—ගීතාවලිය 146:3, 5, 6.
පොළොවේ නිර්මාතෘ හා මැවුම්කරු හැටියට, යෙහෝවා දෙවිට මේ රෝගය කෙළවර කිරීමට බලය හා ප්‍රඥාව යන දෙකම තිබේ. ඔහුට දයානුකම්පාව තිබෙනවාද? යෙහෝවා තම ආනුභාව ලත් දිවැසිවරයෙක් මගින් මෙසේ පොරොන්දු වෙයි: “මිනිසෙක් තමාට සේවය කරන තම පුත්‍රයාට දයානුකම්පාව පෙන්වන්නාක් මෙන් මමද [මාගේ සෙනඟ] වෙත දයානුකම්පාව පෙන්වන්නෙමි.”—මලාකී 3:17, NW.
බයිබලයේ අවසාන පරිච්ඡේදය ප්‍රේරිත යොහන්ට දුන් දර්ශනයක් විස්තර කරයි. ඔහු “දොළොස් ආකාරයක ඵල දරන, මාස්පතා ඵල දෙන, [ජීවන-වෘක්ෂ]” දැක්කා. මේ සංකේත ගස් සහ ඒවායේ ඵල, කීකරු මිනිසුන්ට පොළොව මත සදහටම ජීවත් වීමට හැකි කරවන දිව්‍යමය සැපයුම් පෙන්නුම් කරයි.—එළිදරව් 22:2.
යොහන් තවදුරටත් මෙසේ ලිව්වා: “[වෘක්ෂවල] කොළ ජාතීන්ගේ සුවවීම පිණිසය.” සංකේත කොළවලින් පෙන්නුම් කරන්නේ, මිනිස්වර්ගයාව ආත්මිකවත්, ශාරීරිකවත් සුව කරන්න යන්නාවූ දෙවිගේ ආශීර්වාදයි. මේ අනුව, දෙවිගේ පාලනය යටතේ ධර්මිෂ්ඨ අලුත් ලෝකයේදී ටීබීසම්පූර්ණයෙන්ම හා සදහටම මර්දනය කරනු ඇතැයි අපිට සහතික විය හැකියි.—එළිදරව් 21:3, 4.
[8, 9 යන පිටුවේ පින්තූරය]
දෙවි මිනිස්වර්ගයා සඳහා තිරසාර සුවයක් පොරොන්දු වෙයි