දැනුම මිනුම
මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?
ක්‍රියා 8:26-40 දක්වා කියවන්න. පින්තූරය බලා අඩු පාඩු මොනවාද කියා සොයන්න. ඒවා නම් කරන්න.
1. ․․․․․
2. ․․․․․
3. ․․․․․
සාකච්ඡා කිරීමට:
ඉතියෝපියානු නිලධාරියා කියවමින් සිටි දේ ඔහුට නොතේරුණේ ඇයි? එය තේරුම් ගැනීමට ඔහුට හැකි වුණේ කොහොමද? ඔබට ඔහුව අනුකරණය කළ හැක්කේ කෙසේද?
සිඟිති ඔබට වැඩක්
මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූර විස්තර කරන්න.
මෙම කලාපයෙන්
ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.
8වන පිටුව ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම කුමක් කළ යුතුද? එෆීස 5:․․․
9වන පිටුව අප සෝදිසියෙන් සිටිය යුත්තේ කුමක් ගැනද? ලූක් 12:․․․
10වන පිටුව ඔබේ සතුරා බඩගිනිව සිටිනවා නම් ඔබට කුමක් කළ හැකිද? රෝම 12:․․․
20වන පිටුව අලංකාරය සම්බන්ධයෙන් අපි වැඩි අවධානයක් දිය යුත්තේ කුමකටද? 1 පේතෘස් 3:․․․
විනිශ්චයකාරයෙක් වූ යෙප්තා ගැන ඔබ දන්නේ කුමක්ද?
විනිශ්චයකාරයෝ 11:1–12:7 දක්වා කියවා පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
4. ․․․․․
ඊශ්‍රායෙල් ගෝත්‍ර 12න් ඔහු අයත් වන්නේ කුමන ගෝත්‍රයටද?
හෝඩුවාව: ගණන් කතාව 26:29.
5. ․․․․․
ඔහු ඊශ්‍රායෙල්වරුන්ව ගලවා ගත්තේ කුමන ජාතියෙන්ද?
6. ․․․․․
ඔහු ජීවත් වුණේ යාකොබ්ගේ (ඊශ්‍රායෙල්ගේ) පුත්‍රයා වූ යෝසෙප්ගේ කාලයට පසුවද?
සාකච්ඡා කිරීමට:
තම පියා දෙවිට දුන් පොරොන්දුව ඉටු කිරීමට යෙප්තාගේ දියණිය සහය දුන්නේ ඇයි? ඇයව ආදර්ශයට ගන්න ඔබට හැක්කේ කෙසේද?
◼ පිළිතුරු 28වන පිටුවේ
31වන පිටුව සඳහා පිළිතුරු
1. ෆිලිප් සිටියේ තනිවමයි.
2. ඉතියෝපියානු නිලධාරියා ගමන් කළේ අශ්වයෙකු පිට නොව අශ්ව රථයකයි.
3. එම සිද්ධිය සිදු වුණේ නගරයක නොව ජනාවාස නොවූ ප්‍රදේශයකයි.
4. මනස්සේ.—ගණන් කතාව 26:29; විනිශ්චයකාරයෝ 11:1.
5. අම්මොන්.—විනිශ්චයකාරයෝ 11:4.
6. ඔව්.