ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 2/12 14 පි.
  • නෙත් යුවළක මාහැඟි බලේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නෙත් යුවළක මාහැඟි බලේ
  • 2012 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • “ඇසකට ඇසක්” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • ඔබේ ඇස සරලව තබාගන්න
    2004 අපගේ රාජ්‍ය සේවාව
  • මුහුණ දෙස බලා කතා කරන්න
    2006 අපගේ රාජ්‍ය සේවාව
  • ඔබේ ජීවිතය සරලද?
    2010 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 2/12 14 පි.

නෙත් යුවළක මාහැඟි බලේ

● ඇස මිනිසාට ගෙන දෙන්නේ සුන්දරත්වයක්. නමුත් එහි ඇති බලය එම සුන්දරත්වය අභිභවා යයි. ඇස මොන තරම් බලවත් ඉන්ද්‍රියක්ද කියා එක් පොතක සඳහන් මේ දෙයින් පැහැදිලියි. “මොළයට සම්බන්ධ සියලු ස්නායු තන්තුවලින් සියයට 40ක්ම ඇසේ දෘෂ්ටි විතානයට සම්බන්ධයි.”—Visual Impact, Visual Teaching.

යේසුස් ක්‍රිස්තුස් මිනිසාගේ ඇස “ශරීරයට පහනක්” කියා පැවසීම මොන තරම් යෝග්‍යද! ඔහු එසේ පැවසීමට හේතුව මෙසේ විස්තර කරනවා. “ඔබේ ඇස වෙනතකට යොමු නොකර එකම දෙයක් කෙරෙහි යොමු කර තැබුවොත් එයින් ඔබේ මුළු ජීවිතයම ආලෝකවත් වෙයි. නමුත් ඔබේ ඇස වෙනතකට ගොස් දුෂ්ට දේවලට යොමු වෙයි නම් ඔබේ මුළු ජීවිතයම අඳුරු වෙයි.” (මතෙව් 6:22, 23) යේසුස් ඉන් පෙන්නුවේ අප දකින දේ අපේ සිතුවිලිවලට, හැඟීම්වලට සහ ක්‍රියාවලට බලපාන බවයි. එනම් හොඳ සිතුවිලිවලින් ජීවිතය ආලෝකවත් වන අතර නරක සිතුවිලිවලින් ජීවිතය අඳුරු වෙයි.

උදාහරණයකට යේසුස් පැවසූ මේ දේ බලන්න. ‘කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ අනාචාරයේ හැසිරී ඇත. එහෙයින් ඔබේ දකුණු ඇස නිසා ඔබ වරදක් කිරීමට පෙලඹෙනවා නම් එය උගුලා අහකට විසි කරන්න.’ (මතෙව් 5:28, 29) යේසුස් ඉන් කාවැද්දුවේ කෙනෙකු නුසුදුසු දේවලට තමාගේ ඇස යොමු කළොත් ඔහු තුළ වැරදි ආශාවන් ඇති වී, දෙවිගේ අනුමැතිය අහිමි කරවන ක්‍රියාවල නියැලීමට පවා ඔහු පෙලඹිය හැකි බවයි.—යාකොබ් 1:14, 15.

නුසුදුසු ආශාවක් පාලනය කරගැනීම මොන තරම් වැදගත්ද! එය ඇසක් උගුලා දමනවා හා සමාන වේදනාකාරී දෙයක් වුණත් එසේ කිරීමට වෑයම් කළ යුතුයි. ඊට හේතුව තාවකාලික වින්දනයක් නිසා සදාකාල ජීවනය තරම් වටිනා ආශීර්වාදයක් අහිමි වීමට ඉඩ තිබීමයි.

අප දකින දේවල් නිසා අපට තණ්හාවක්ද ඇති විය හැකියි. බයිබලයේ මෙසේ අනතුරු අඟවා තිබෙනවා. ‘තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාව පැමිණෙන්නේ පියාණන්ගෙන් නොව මේ ලෝකයෙන්ය. මේ ලෝකයත් එහි පවතින ආශාවනුත් නැති වී යන්නේය. නමුත් සදහටම පවතින්නේ දෙවිගේ කැමැත්ත කරන පුද්ගලයාය.’—1 යොහන් 2:16, 17.

බයිබලයේ අපට අනවශ්‍ය ලෙස සීමා දමා තිබෙනවා කියා ඔබ සිතනවාද? ඇත්තෙන්ම නැහැ. එහි ඇති උපදෙස් අදාළ කරගැනීමෙන් ජීවිතයේ බොහෝ ප්‍රශ්න ගැටලු අවම කරගැනීමටත් අපේ ප්‍රීතිය පවත්වාගැනීමටත් හැකියි. (ගලාති 6:7, 8) “සන්තෝෂවත් වන්නේ දෙවි පවසන දේ අසා එය පිළිපදින අය” කියා යේසුස් පැවසුවා. (ලූක් 11:28) එසේ කරන අයට සැමදාටම මේ පොළොව මත සතුටින් ජීවත් වීමේ බලාපොරොත්තුව තිබෙනවා. නමුත් දුරාචාරයට සහ වස්තුවට ආශා වන අයට ජීවිතයත් සතුටත් අහිමි වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න