ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 6/10 1 පි.
  • ඔබේ ජීවිතය සරලද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබේ ජීවිතය සරලද?
  • 2010 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ඔබේ ඇස සරලව තබාගන්න
    2004 අපගේ රාජ්‍ය සේවාව
  • දෙවිට සේවය කරන්න උදව් වෙන සරල ජීවිතයක්
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • විශේෂ එක්රැස්වීම් දවසේ වැඩසටහනේ පුනරීක්ෂණය
    2005 අපගේ රාජ්‍ය සේවාව
  • නෙත් යුවළක මාහැඟි බලේ
    2012 පිබිදෙව්!
තව තොරතුරු
2010 අපගේ රාජ්‍ය සේවාව
km 6/10 1 පි.

ඔබේ ජීවිතය සරලද?

1. ඇස වෙනතකට යොමු නොකරන්න කීමෙන් අදහස් කරන්නේ මොකක්ද?

1 “ඔබේ ඇස වෙනතකට යොමු නොකර එකම දෙයක් කෙරෙහි යොමු කර තැබුවොත් එයින් ඔබේ මුළු ජීවිතයම ආලෝකවත් වෙයි.” (මතෙ. 6:22) ඉන් යේසුස් අදහස් කළේ අපේ ඇස වෙනතකට යොමු නොකර එකම දෙයකට එනම් දෙවිගේ කැමැත්තට මුල් තැන දීම සඳහා යොමු කිරීමයි. අපි එසේ කරන විට දේවසේවයට බාධා වන ජීවිතයේ අනවශ්‍ය දේවලට කාලය යොමු කරන්නේ නැහැ.

2. අපේ සිතුම් පැතුම් වෙනස් විය හැක්කේ මොන හේතු නිසාද? ඉන් මිදෙන්න අපට උපකාරවත් වෙන්නේ මොකක්ද?

2 ඔබවම සෝදිසි කර බලන්න: අනිත් අය ළඟ තිබෙන දේවල් නිසා හෝ වෙළඳ දැන්වීම්වලින් පෙන්වන දේවල් නිසා හෝ අපේ සිතුම් පැතුම් වෙනස් වෙන්න ඉඩ තිබෙනවා. බොහෝ කාලයක්, මුදලක් හා වෑයමක් දරා යමක් මිල දී ගැනීමට සිදු වන විට හෝ යම් කාර්යයක් කිරීමට පෙර ‘රාජ්‍යයට මුල් තැන දෙන්න මේක උදව්වක් වෙයිද’ කියා කල්පනා කර බලන්න. එසේ කිරීමෙන් ‘වියදම ගණන් බලන්න’ ඔබට හැකියි. (ෆිලි. 1:9-11; ලූක් 14:28) දේවසේවය වැඩිපුර කිරීම සඳහා ජීවිතය සරල කරගන්න පුළුවන් පැති ගැන කලින් කලට සෝදිසි කර බැලීමත් ඥානවන්ත දෙයක්.—2 කොරි. 13:5; එෆී. 5:10.

3. ජීවිතය සරල කරගත් සහෝදරියගෙන් අප ඉගෙනගන්නේ මොනවාද?

3 එක් සහෝදරියක් ස්ථාවර පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා. අර්ධකාලීන රැකියාවකින් ලැබෙන මුදලින් ඇගේ අවශ්‍යතා සපුරාගැනීමට හැකිකම තිබුණත් පූර්ණකාලීන රැකියාව දිගටම කරගෙන යන්න ඇය තීරණය කළා. නමුත් අවසානයේදී ඇය මෙසේ කියනවා. “කිසිම කෙනෙකුට ස්වාමිවරුන් දෙන්නෙකුට දාසයෙක් වෙන්න බැහැ. අනික මං ආස කරන දේවල් ගන්න සල්ලි යට කෙරුවත් වැඩි කල් යන්න කලින් ඒවට තියෙන ආසාව නැතුව යනවා. අන්තිමට වෙන්නෙ නිකම් මහන්සි වෙන එක විතරයි. ඒ හින්දා මං ආස කරන දේවල් පැත්තක දාලා අවශ්‍ය දේවල් ගන්න තීරණය කළා.” ඇය දිගටම පුරෝගාමි සේවය කරන්න තීරණය කළා. ජීවිතය සරල කරගැනීම සඳහා අවශ්‍ය සකස් කිරීම් කරගෙන රැකියාවත් වෙනස් කරගත්තා.

4. සරල ජීවිතයක් ගත කිරීම දැන් හදිසි කාරණයක් වන්නේ ඇයි?

4 ගෙවී යන සෑම දවසක් ගානෙම අපි පාරාදීස පොළොවට ළං වෙනවා. ඉන් අදහස් කරන්නේ මේ දුෂ්ට සමාජයට දෙවි ගෙනෙන විනාශය දවසක් දවසක් පාසාම ළං වන බවයි. (1 කොරි. 7:29, 31) අපි එය අවබෝධ කරගත්විට සරල ජීවිතයක් ගත කරන්නත් දේශනා කිරීමේ කාර්යය කෙරෙහි දිගටම අවධානය යොමු කරන්නත් හැකි වෙනවා. එවිට අපටත් අපට සවන් දෙන අයටත් ගැලවීම ලබාගත හැකියි.—1 තිමෝ. 4:16.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න