විශේෂ එක්රැස්වීම් දවසේ වැඩසටහනේ පුනරීක්ෂණය
මෙම තොරතුරු, 2006 සේවා වසරේ විශේෂ එක්රැස්වීම් දවසේ වැඩසටහන ගැන කලින් සලකා බැලීමටත් ඊට පසුව පුනරීක්ෂණය කිරීමටත් යොදා ගැනෙනවා ඇත. පසුගිය 2004 අගෝස්තු අපගේ රාජ්‍ය සේවාවේ 4වන පිටුවේ සඳහන් පරිදි, මුලසුන අවේක්ෂක මෙය එක්රැස්වීමට පෙරද පසුවද සලකා බැලීමට සැලසුම් කරනවා ඇත. පුනරීක්ෂණයේදී, සියලුම ප්‍රශ්න ඇසිය යුතු අතර, ඉගෙන ගත් තොරතුරු අදාළ වන ආකාරය පැහැදිලිව පෙන්වා දිය යුතුයි.
උදෑසන සැසිවාරය
1. සරල ඇසක් තබාගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙය අදදින අභියෝගයක් වන්නේ ඇයි? (“ඔබේ ඇස සරලව තබාගත යුත්තේ ඇයි?”)
2. සරල ඇසක් තබාගැනීමෙන් අප ප්‍රයෝජන ගන්නේ කෙසේද? (“සරල ඇසක් තබාගෙන ආශීර්වාද නෙළාගන්න”)
3. සාමාන්‍යයෙන් කවුරුත් කරන දේවල් යයි හැඳින්වෙන දේවල් කිරීමේ ඇති අන්තරාය කුමක්ද? (“දුෂ්ට ලෝකයක සරල ඇසක් තබාගැනීම”)
දහවල් සැසිවාරය
4. දේවසේවයේ හොඳ ඉලක්ක තබාගැනීමට තම දරුවන් දිරිගැන්වීමට දෙමාපියන්ටද අන්‍යයන්ටද හැක්කේ කෙසේද? (“තම ඊතල ඉලක්කයට විදිනා දෙමාපියෝ” සහ “දේවසේවය තුළ තමන්ටම ඉලක්ක තබාගන්නාවූ යෞවනයෝ”)
5. අප (අ) පුද්ගලයන් හැටියටත් (ආ) පවුල් හැටියටත් (ඇ) සභාවක් හැටියටත් යෙහෝවාගේ සංවිධානය සමඟය ඉදිරියට යන්නේ කෙසේද? (“යෙහෝවාගේ සංවිධානය සමඟ ඉදිරියට යෑම ඔබේ ඉලක්කය කරගන්න”)