චාරිකා එක්රැස්වීම පුනරීක්ෂණය
මෙම තොරතුරු සභාවන් විසින් 2006 සඳහා චාරිකා එක්රැස්වීමට සහභාගි වීමට ටික කලකට පෙර සහ පසුව සේවා රැස්වීම් වැඩසටහනේදී යොදා ගත යුතුයි. මුලසුන භාර අවේක්ෂක, 2004 අගෝස්තු අපගේ රාජ්‍ය සේවාවේ 4වන පිටුවේ සඳහන් ආකාරයට තොරතුරු සාකච්ඡා කිරීමට පියවර ගත යුතුයි. පුනරීක්ෂණයේදී, සියලුම ප්‍රශ්න ඇසිය යුතු අතර, එක්රැස්වීමේ ඉදිරිපත් වූ තොරතුරු අපට අදාළ කරගත හැකි අන්දම සලකන්න.
පළමු දවස
1. අප අලුත් පෞද්ගලිකත්වයක් පැළඳ ගත යුත්තේ කෙසේද? අප එය පවත්වා ගත යුත්තේ ඇයි?
2. ඇතැම් අය ඔවුන්ගේ දේශනා සේවය වැඩි කරගෙන ඇත්තේ කෙසේද?
3. අප අපවම අනුන් සමඟ සැසඳිය නොයුත්තේ මන්ද?
4. පවුලේ සාමාජිකයන් එකිනෙකාට අලුත් පෞද්ගලිකත්වය විදහාපාන්නේ කෙසේද?
5. සභාවට ලැදිව සහයෝගය දැක්වීමට අපට හැක්කේ කෙසේද?
6. අප ක්ෂේත්‍ර සේවයේදී අලුත් පෞද්ගලිකත්වය විදහා පෑම අවශ්‍ය මන්ද?
7. නිසි මෙනෙහි කිරීමට ඇතුළත් වන්නේ කුමක්ද? එයින් අප ලබන ප්‍රයෝජන මොනවාද?
8. යෙහෝවාගේ හස්තයෙන් අපව ඇඹීමට අපවම සුදුස්සන් කරවන්නේ අප තුළ තිබෙන කිනම් ගුණාංගද?
දෙවෙනි දවස
9. අපේ දිව හොඳින් යොදා ගැනීම වැදගත් මන්ද?
10. රැකියා ස්ථානයේදී, පාසැලේදී සහ වෙනත් අය සමඟ ශිෂ්ඨ සම්පන්න ලෙස කතා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන කවරේද?
11. සෙසු ඇදහිලිවන්තයන් සමඟ කටයුතු කිරීමේදී අපට එෆීස 4:25-32හි පාවුල්ගේ අවවාදය අදාළ කරගත හැක්කේ කෙසේද?
12. ගෞරවනීය ලෙස කතා කිරීමට හොඳම ක්‍රමය කුමක්ද?
13. නපුරාගෙන් ජයගැනීම පිණිස අප කුමක් කළ යුතුද?
14. ලෝකයෙන් කිළිටි නොවී සිටීමට අප උත්සාහ කළ යුත්තේ කිනම් පැතිවලින්ද?
15. අප තුළ අභ්‍යන්තර පුද්ගලයා දවසින් දවස අලුත් කළ යුත්තේ මන්ද? කෙසේද?
16. මේ වසරේ චාරිකා එක්රැස්වීමේ වැඩසටහනෙන් අදාළ කරගැනීමට ඔබ බලාපොරොත්තු වන්නේ කිනම් උපදෙසද?