නව චාරිකා එක්රැස්වීම් වැඩසටහන
මේ දූෂිත ලෝකයේ අවසාන දවස්වලදී, අප ක්‍රිස්තියානි වස්ත්‍ර පැළඳගෙන ක්‍රිස්තුස්ව අනුගමනය කිරීම අති වැදගත් දෙයක්. (එළි. 16:15) එම නිසා, 2006 සේවා වසර සඳහා චාරිකා එක්රැස්වීමේ තේමාව, “අලුත් පෞද්ගලිකත්වය පැළඳ ගන්න” යන්න වීම කොතරම් සුදුසුද!—කොලො. 3:10.
පළමු දවස: පළමු කතා මාලාව, “අලුත් පෞද්ගලිකත්වයේ විවිධ පැති විදහා පෙන්වීම” යන්නයි. අපේ ජීවිතයේ සෑම අංගයකදීම අලුත් පෞද්ගලිකත්වය පෙන්වන ආකාරය මේ මගින් අපට මැනවින් පහදා දෙනවා ඇති. අප මෙය වර්ධනය කරගන්නේ කෙසේද? පළමු දවසේ අන්තිම කතා දෙකේදී මීට පිළිතුරු ලැබේවි. ඒවායේ තේමා, “නිසි ලෙස මෙනෙහි කරන පිණිස ඔබවම හික්මවා ගන්න” සහ “අලුත් පෞද්ගලිකත්වය සකස් කරන අධ්‍යාපනය” යන්නයි.
දෙවෙනි දවස: අප කතා කරන දේවල් අපේ පෞද්ගලිකත්වයට විශාල බලපෑමක් කරනවා. දෙවෙනි කතා මාලාවේ තේමාව, “ඥානවන්තව කතා කරන්න” යන්නයි. ප්‍රසිද්ධ කතාව, සාතන්ගේ නොයෙක් උපක්රමවලට අවධානයෙන් සිටීමේ වැදගත්කම පහදා දෙනවා ඇති. එහි තේමාව, “ඔබ යක්ෂයාගේ ප්‍රහාරවලින් ජයගනිමින් සිටිනවාද?” යන්නයි. මෙම එක්රැස්වීමේ අවසාන කතා දෙක, “ලෝකයෙන් කිලිටි නොවන්න” සහ “සෑම දිනකම ඇතුළාන්තයෙන් වෙනස්කම් කිරීම” යන්නයි. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට පටහැනි ආකල්ප සහ හැසිරීම හෙළාදැකීමටත් යෙහෝවාට කරන නමස්කාරය තුළ ස්ථිරව සිටීමටත් අපට මින් බොහෝ උපකාර ලැබේවි.
අලුත් පෞද්ගලිකත්වයක් පැළඳ ගැනීමට අප සියල්ලන්ට මහත් සේ රුකුලක් වන මේ දිරිගැන්වීම දෙස අප මොනතරම් ආශාවෙන් බලා සිටිනවාද!