නව චාරිකා එක්රැස්වීම් වැඩසටහන
‘කටයුතු කිරීමට අසීරු මෙම අන්තරාදායක කාලවලදී’ යෙහෝවාගේ අනුමැතිය දිගටම තබාගැනීම සඳහා අපට දිව්‍ය ප්‍රඥාව අවශ්‍යය. (2 තිමෝ. 3:1, NW) මේ සඳහා 2005 සේවා වසරේ චාරිකා එක්රැස්වීම් වැඩසටහන අපට ප්‍රායෝගික උපදෙස් සහ දිරිගැන්වීම සපයන අතර එහි තේමාව වනුයේ “‘ඉහළින් පැමිණෙන ප්‍රඥාවේ’ මඟ පෙන්වීමට යටත් වෙමු” යන්නයි.—යාකො. 3:17.
“අපගේ ජීවිතවලින් ‘ඉහළින් පැමිණෙන ප්‍රඥාව’ විදහාපෙන්වීම” යන පළමු කතා මාලාව මගින් අප නිර්මලව සිටීම, සාමකාමීව සිටීම, සාධාරණ වීම සහ කීකරු වීමට සූදානම් වීම යන්නට ඇතුළත් වන දේ සාකච්ඡා කෙරේ. අනතුරුව, චාරිකා අවේක්ෂක විසින් ස්වර්ගික ප්‍රඥාවේ අනෙක් පැති තුන ගැන කතා කෙරේ. ක්‍රිස්තියානි දේවසේවකයන් වන අපව ඇතමෙකු විසින් “නූගත්, සාමාන්‍ය මිනිසුන්” ලෙසට සලකනු ලැබුවත් අප දෙවිගේ ප්‍රඥාව ගැන කතා කිරීමට සූදානමින් සිටින පිරිසක් බව දිස්ත්‍රික් අවේක්ෂක පළමු දවස අවසානයේදී අපට පෙන්වා දෙනු ඇත.—ක්‍රියා 4:13.
දෙවෙනි දවසේ කතා මාලාවේ තේමාව “ගොඩනංවන දේවල් ලුහුබඳින්න” යන්නයි. එය අපගේ ආත්මිකත්වය දුර්වල කරන දේවල් හඳුනාගෙන ඒවායින් වැළකීමට උපකාර කරනවා ඇත. තවද අපට සභා රැස්වීම්වලදී, ක්ෂේත්‍ර සේවයේදී සහ පවුල් කවය තුළදී අන්‍යයන්ව ගොඩනැංවිය හැකි ආකාරය ගැන පෙන්වා දෙනු ඇත. “දෙවිගේ ප්‍රඥාව අපට ප්‍රයෝජනවත් වන අන්දම” යන ප්‍රසිද්ධ කථාව තුළින් අප අපගේ ජීවිතවලට දෙවිගේ ප්‍රතිපත්ති අදාළ කරගන්නා විට ලබන ප්‍රයෝජන ගැන හෘදයාංගම අගයක් අප තුළ ගොඩනංවනවා ඇත. අවසාන කතාවේ තේමාව, “දිව්‍ය ප්‍රඥාවෙන් ක්‍රියා කිරීම අපව ආරක්ෂා කරයි” යන්නයි. මෙම අන්තිම දවස්වලදී යෙහෝවාගෙන් ප්‍රඥාව ලබාගැනීමට අප ගෙන ඇති අදිටන ශක්තිමත් කෙරේ.
සෑම එක්රැස්වීමකදීම දක්නට ලැබෙන විශේෂ දෙයක් නම්, නව ගෝලයන් බව්තීස්ම වීමයි. සතියට නියමිත දිව්‍යාණ්ඩු පාසැල සහ මුරටැඹ පාඩම මෙම වැඩසටහනට ඇතුළත් වේ. යෙහෝවාගේ කැමැත්ත නම් අප සියලුදෙනාම ඔහු දෙන ප්‍රඥාවෙන් ප්‍රයෝජන ගන්නවා දැකීමයි. මේ චාරිකා එක්රැස්වීමේදී අප ලබාගන්නා උපදෙස් සහ දිරිගැන්වීම මගින් මහත් ආත්මික පෝෂණයක් ලැබෙනු ඇත.—හිතෝ. 3:13-18.