චාරිකා එක්රැස්වීම පුනරීක්ෂණය කිරීම
මෙම තොරතුරු 2005 සේවා වසරේ චාරිකා එක්රැස්වීමේ වැඩසටහන කලින් සලකා බැලීමටද පසුව පුනරීක්ෂණය කිරීමටද යොදාගැනෙනවා ඇත. “එක්රැස්වීම් වැඩසටහන පුනරීක්ෂණය කිරීම සඳහා නව විධිවිධානයක්” යනුවෙන් මෙම අතිරේකයේ 4වන පිටුවේ සඳහන් ලිපිය තුළ මෙය සාකච්ඡා කෙරෙන ආකාරය පැහැදිලි කරයි. මෙම පුනරීක්ෂණයේදී, සියලුම ප්‍රශ්නවලට ප්‍රමාණවත් කාලයක් වෙන් කරන්න. පුනරීක්ෂණයේ අරමුණ වන්නේ ඉදිරිපත් කරනු ලැබූ තොරතුරු අපට අදාළ කරගත හැකි ආකාරය සලකා බැලීමයි.
පළමු දවසේ උදෑසන සැසිවාරය
1. අපට දෙවිගේ ප්‍රඥාව ලබාගැනීම සඳහා උපකාරවත් වනු ඇත්තේ කුමක්ද?
2. ශුභාරංචිය වැඩිදෙනෙකුට දේශනා කිරීම සඳහා චාරිකාවේ සිටින අය දරා ඇති වෑයම් මොනවාද?
පළමු දවසේ දහවල් සැසිවාරය
3. ක්‍රිස්තියානීන් අභ්‍යන්තරයෙන් නොකිලිටිව සිටීම අතිශයින් වැදගත් වන්නේ මන්ද? එසේ සිටීමට අපට කුමක් කළ හැකිද?
4. අපට අපගේ සහෝදරයන් සමඟ සමාදානයෙන් සිටිය හැක්කේ කෙසේද?
5. සාධාරණකම යනු කුමක්ද? අප අපගේ කාලය පාවිච්චි කරන අන්දම සම්බන්ධයෙන් සාධාරණකම පෙන්විය හැක්කේ කෙසේද?
6. සාවුල් සහ නෝවාගේ ආදර්ශවලින් අප ඉගෙනගන්නේ කුමක්ද? අප “කීකරු වීමට සූදානම්” බව පෙන්විය හැක්කේ කිනම් මාර්ගවලින්ද? (යාකො. 3:17)
7. දෙබිඩි ජීවිතයක් ගත කිරීමෙන් වැළකීමට ක්‍රිස්තියානියෙකුට හැක්කේ කෙසේද?
8. දෙවිගේ ප්‍රඥාව ගැන කතා කරද්දී අපට පාවුල්ගේ ආදර්ශය අනුකරණය කළ හැක්කේ කෙසේද?
දෙවෙනි දවසේ උදෑසන සැසිවාරය
9. අප යම් යම් තේරීම් කරද්දී, පරෙස්සම් විය යුත්තේ මන්ද? මෙසේ කිරීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?
10. ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගී වීමට චාරිකාවේ සිටින අය දරන්නේ කිනම් ප්රයත්නයක්ද? මෙසේ කිරීමෙන් ඔවුන් ප්‍රයෝජන ලබා ඇත්තේ කෙසේද?
11. පවුලේ මූලිකයන්ට තම පවුලේ අයව ගොඩනැංවිය හැක්කේ කෙසේද?
12. අපේ අවධානයට යොමු කරනු ලැබුවේ චාරිකාවේ තිබෙන කිනම් අවශ්‍යතාද?
දෙවෙනි දවසේ දහවල් සැසිවාරය
13. ප්‍රසිද්ධ කථාවේ පෙන්වා දුන් පරිදි, ඉහළින් පැමිණෙන ප්‍රඥාව මගින් නිපදවා තිබෙන්නේ කිනම් ධර්මිෂ්ඨ ක්‍රියාද?
14. අප කෙරෙහි හෝ දිව්‍ය ප්‍රඥාවෙන් මඟ පෙන්වනු නොලබන අය කෙරෙහි විශ්වාසය තැබීම මෝඩ දෙයක් වන්නේ මන්ද? අප ආරක්ෂා විය යුත්තේ කිනම් පැති සම්බන්ධයෙන්ද?
15. දිව්‍ය ප්‍රඥාව අපව ආරක්ෂා කරන්නේ කිනම් උගුල්වලින්ද?
16. චාරිකා එක්රැස්වීම් වැඩසටහනේදී සපයන ලද උපදෙස් අදාළ කරගැනීම අතිශයින් වැදගත් වන්නේ මන්ද?