විශේෂ එක්රැස්වීම් දිනයේ පුනරීක්ෂණය
මෙම තොරතුරු 2005 විශේෂ එක්රැස්වීම් දිනයේ වැඩසටහන ගැන කලින් සලකා බැලීමටත් ඊට පසුව පුනරීක්ෂණය කිරීමටත් යොදාගැනෙනවා ඇත. මෙම අතිරේකයේ 4වන පිටුවේ, “එක්රැස්වීම් වැඩසටහන පුනරීක්ෂණය කිරීම සඳහා නව විධිවිධානයක්” යන ලිපිය මෙය හසුරුවනු ලබන ආකාරය ගැන පැහැදිලි කරයි. මෙම පුනරීක්ෂණයේදී, සියලුම ප්‍රශ්නවලට ප්‍රමාණවත් කාලයක් වෙන් කරන්න. පුනරීක්ෂණයේ අරමුණ වන්නේ ඉදිරිපත් කරනු ලැබූ තොරතුරු අපට අදාළ කරගත හැකි ආකාරය සලකා බැලීමයි.
උදෑසන සැසිවාරය
1. පෙර කවරදාටත් වඩා අද යෙහෝවාට සවන් දීමට අවශ්‍යතාවක් තිබෙන්නේ මන්ද? සවන් දෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (“යෙහෝවාගේ හඬට සවන් දිය යුත්තේ මන්ද?”)
2. හොඳ කාලසටහනකට අනුව ආත්මික කටයුතුවල නිරත වීමට පවුල්වලට හැක්කේ කෙසේද? (“කිසිම බාධාවක් ඇති කර නොගෙන දේවවචනයට සවන් දෙන පවුල්”)
3. අවිධිමත් ලෙස සාක්ෂි දැරීමට ලැබී ඇති ප්‍රස්තාවලින් චාරිකාවේ සිටින අය ප්‍රයෝජන ගෙන ඇත්තේ කෙසේද? (“දෙවිගේ මහිමය සඳහා සියල්ල කිරීම”)
4. හෙබ්‍රෙව් 3වන සහ 4වන පරිච්ඡේදවල දක්නට ලැබෙන අවාදර්ශවලින් අපට ඉගෙනගත හැක්කේ කිනම් පාඩම්ද? යෙහෝවා අද දින අපට කතා කරන්නේ කෙසේද? (“දෙවි කතා කරන විට සවන් දීම අපට ආරක්ෂාවකි”)
5. බව්තීස්ම කතාවෙන් ඔබ ප්‍රයෝජන ලැබුවේ කෙසේද? (“කැපවීම සහ බව්තීස්මය”)
දහවල් සැසිවාරය
6. යේසුස්ගේ තරුණ කාලයෙන් අපට ඉගෙනගත හැකි දේවල් මොනවාද? චාරිකාවේ තරුණ තරුණියන් ඔහුගේ ආදර්ශය අනුකරණය කරන්නේ කෙසේද? (“දේවවචනයට ඉතා ඕනෑකමින් සවන් දීමෙන් අපගේ තරුණයන් ශක්තිමත් වන අයුරු”)
7. දෙමාපියන්ට තම බිලිඳුන්ව සහ දරුවන්ව පුහුණු කිරීමට පටන්ගත හැකි ඇතැම් ක්‍රම කවරේද? (“දෙවිට සවන් දී ඉගෙනගන්නාවූ දරුවෝ”)
8. අප යෙහෝවාට, ඔහුගේ පුත්‍රයාට සහ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට” අවධානය දිය යුතු ඇතැම් සුවිශේෂී පැති සමහරක් මොනවාද? (මතෙ. 24:45) එසේ කිරීම අතිශයින් වැදගත් වන්නේ මන්ද? (“දිව්‍ය උපදෙස් ගැන නිතරම අවධානයෙන් ඉන්න”)