විශේෂ එක්රැස්වීම් දිනයේ වැඩසටහන
අප අනතුරු ඇඟවීමක් දුටු විට හෝ අනතුරු අඟවන ශබ්දයක් අපට ඇසෙන විට අප ඊට අවනත වන්නේ නැත්නම්, ප්‍රතිඵල භයානක විය හැකියි. යෙහෝවා සපයන ආත්මික මඟ පෙන්වීමට අනුව ක්‍රියා කිරීම ඊටත් වඩා වැදගත්ය. මෙම කාරණය, ඊළඟ සේවා වසරේ අපගේ විශේෂ එක්රැස්වීම් දිනයේ වැඩසටහන තුළ කාවද්දනු ලබනවා ඇත. එහි තේමාව නම්, “ඔබ සවන් දෙන ආකාරය ගැන හොඳ අවධානයකින් සිටින්න” යන්නයි.—ලූක් 8:18.
ආගන්තුක කථිකයා සිය පළමු කතාව තුළදී, හෙබ්‍රෙව්වරුන්ට පාවුල් ලියන ලද ලිපියේ ආරම්භක පරිච්ඡේදවල තිබෙන උපදෙස් අද දින අපට අදාළ වන ආකාරය සාකච්ඡා කෙරෙනු ඇත. “දිව්‍ය උපදෙස් ගැන නිතරම අවධානයෙන් ඉන්න” යන සිය අවසාන කතාවේදී, ඔහු අපට උපකාර කරනු ඇත්තේ අප සැබවින්ම යෙහෝවාට, ඔහුගේ පුත්‍රයාට සහ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට” සවන් දෙමින් සිටිනවාද කියා පරීක්ෂා කර බැලීමටයි.—මතෙ. 24:45.
වැඩසටහනේ කොටස් කිහිපයක්ම විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වන්නේ පවුල්වලටයි. “කිසිම බාධාවක් ඇති කර නොගෙන දේවවචනයට සවන් දෙන පවුල්” යන කතාව තුළින් අපගේ ආත්මිකත්වය යටපත් කර දැමීමට අප ලෝකයේ දේවල්වලට ඉඩ නොදිය යුතු අන්දම අපට කියා දෙනවා ඇත. තම ජීවිතයේ මුල් තැන ආත්මික දේවලට දීම සඳහා වෙනස්කම් කළ අයව එහිදී සම්මුඛ සාකච්ඡාවලට භාජන කෙරේ. “දේවවචනයට ඉතා ඕනෑකමින් සවන් දීමෙන් අපගේ තරුණයන් ශක්තිමත් වන අයුරු” යන කතාව තුළ, පාසැලේදී, තමන්ගේ සම වයසේ අය අතර හෝ දේවසේවයේදී සත්‍යය සම්බන්ධයෙන් ස්ථාවරයක් ගත් තරුණයන්ව සම්මුඛ සාකච්ඡාවට භාජන කෙරේ. “දෙවිට සවන් දී ඉගෙනගන්නාවූ දරුවෝ” යන කතාවෙන් අපට කියා දෙන්නේ දරුවන්ට තිබෙන ඉගෙනගැනීමේ හැකියාව අඩුවෙන් තක්සේරු නොකරන ලෙසටයි. කුඩා කළ සිටම දරුවන්ව යෙහෝවාගේ මාවත්වල පුහුණු කිරීමෙන් ලැබෙන යහපත ගැන අපට දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් සමඟ කරන සම්මුඛ සාකච්ඡාවලින් දැනගත හැකි වනු ඇත.
සාතන් “මුළු පොළොවම නොමඟ යවන” අතරතුරේදී, යෙහෝවා සිය ඇදහිලිවන්ත සෙනඟට ඔවුන් ගමන් කළ යුතු මාවත් පෙන්වමින් සිටී. (එළි. 12:9; යෙසා. 30:21) ඔහුගේ උපදෙස්වලට ඉතා ඕනෑකමින් සවන් දීමෙන් සහ කීකරුව ඒවා අපගේ ජීවිතවලට අදාළ කරගන්නේ නම් අප ප්‍රඥාවන්තයන් බවට පත් වී අපට සන්තෝෂය ලැබී, සදාකාල ජීවනයේ මාවතේ අප ගමන් කරනු ඇත.—හිතෝ. 8:32-35.