එක්රැස්වීම් වැඩසටහන පුනරීක්ෂණය කිරීම සඳහා නව විධිවිධානයක්
සාතන්ගේ ලෝකය එන්ට එන්ටම නරක් වන මෙම කාලයේදී, ‘අභක්තිකමද, ලෞකික ආශාද ප්රතික්ෂේප කරන්නත්, දැන් පවතින සමාජ ක්රමය තුළ හොඳ සිහිකල්පනාවෙන්ද ධර්මිෂ්ඨකමින්ද දේවභක්තියෙන්ද යුක්තව ජීවත් වීමටත්’ යෙහෝවා අපව ශක්තිමත් කරයි. (තීත. 2:12) මේ සඳහා අපට “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මගින් සපයන සැපයුම්වලට, වාර්ෂිකව පැවැත්වෙන චාරිකා එක්රැස්වීම සහ විශේෂ එක්රැස්වීම් දිනයද ඇතුළත් වෙයි. (මතෙ. 24:45) ආත්මික දේවල් ලැබෙන මෙවන් එක්රැස්වීම්වලින් අප මොන තරම් ශක්තිමත් වෙනවාද!
අපට ලැබෙන උපදෙස් මතක තබාගෙන ඒවා අදාළ කරගැනීම පිණිස අපට උපකාර කරනු වස්, 2005 සේවා වසර තුළදී මෙම එක්රැස්වීම් වැඩසටහන් පුනරීක්ෂණය කිරීමට නව විධිවිධානයක් ඇති කර තිබේ. මෙම අතිරේකයේ 5-6 පිටුවල මෙම එක්රැස්වීම් වැඩසටහන්වල ඉදිරිපත් කරන මූලික දේවල් සහ පුනරීක්ෂණ ප්රශ්න අඩංගු ලිපි අන්තර්ගතය. සභාවන් තම එක්රැස්වීම්වලට සහභාගී වීමට ටික දිනකට පෙර හා පසුව මෙම තොරතුරු සේවා රැස්වීමේදී සලකා බලනවා ඇත. මෙය සැලසුම් කෙරෙනු ඇත්තේ කෙසේද?
සභාව චාරිකා එක්රැස්වීමකට සහභාගී වීමට සතියකට හෝ දෙකකට පෙරාතුව “නව චාරිකා එක්රැස්වීම් වැඩසටහන” යන මැයෙන් යුත් ලිපියක් පදනම් කරගෙන විනාඩි දහයක කතාවක් සේවා රැස්වීමේදී ඉදිරිපත් කෙරෙන අතර එසේ කරන්නේ වැඩසටහන සඳහා උනන්දුවක් ඇති කරලීම පිණිසය. කථිකයා විසින් පුනරීක්ෂණ ප්රශ්නවලට සබයේ අවධානය යොමු කරන අතර එක්රැස්වීමට පසුව සතියක් ඇතුළත සාකච්ඡා කරන්නට අදහස් කරන පුනරීක්ෂණයට සූදානම් වනු පිණිස එක්රැස්වීමේදී සටහන් ගැනීමට සියල්ලන්ටම දිරිගන්වනවා ඇත.
එක්රැස්වීමට පසුව සති කිහිපයක් ඇතුළත සේවා රැස්වීමේදී එක්රැස්වීම් වැඩසටහනේ පළමු දින වැඩසටහන ගැන විනාඩි 15ක පුනරීක්ෂණයක් කරනවා ඇත. ඊළඟ සතියේදී, විනාඩි 15ක් වෙන් කෙරෙන්නේ වැඩසටහනේ දෙවෙනි දවස පුනරීක්ෂණය කිරීමටයි. මෙම අතිරේකයේ සපයා ඇති පුනරීක්ෂණ ප්රශ්න එම සාකච්ඡාවන් සඳහා යොදාගත යුතුයි. පුනරීක්ෂණයේදී තොරතුරුවල ප්රායෝගික වටිනාකම අවධාරණය කළ යුතුයි. මෙම පුනරීක්ෂණය කිරීම සඳහා සේවා රැස්වීමේ කොටස් කෙටි කිරීමට, අවලංගු කර දැමීමට හෝ වෙනත් දවසක කිරීමට සැලසුම් කිරීමට වැඩිමහල්ලන්ට හැකියි.
විශේෂ එක්රැස්වීම් දවස සම්බන්ධයෙන්ද අනුගමනය කරනු ඇත්තේ එම සැලැස්මය. වෙනසකට ඇත්තේ සම්පූර්ණ වැඩසටහනම පුනරීක්ෂණය කිරීම සඳහා වෙන් කරන්නේ විනාඩි 15කින් යුත් එක් කොටසක් පමණි. මෙම අතිරේකය අපි ළඟ තබාගෙන යෙහෝවා සපයන කදිම උපදෙස්වලින් සම්පූර්ණයෙන්ම ප්රයෝජන ගැනීමට එය පාවිච්චි කරමු.—යෙසා. 48:17, 18.