වර්ෂ 2010 සඳහා විශේෂ එක්දින එක්රැස්වීමේ වැඩසටහන
1. (අ) මෑත වර්ෂවල පැවැත්වූ විශේෂ එක්දින එක්රැස්වීම් කීපයක තේමාවන් මොනවාද? (ආ) දේවසේවය සඳහා පසුගිය එක්රැස්වීම් ඔබට ප්‍රයෝජනවත් වී තිබෙන්නේ කෙසේද?
1 “වඩාත් වැදගත් දේවල් ගැන සහතික වන්න,” “එක රැළක් මෙන් ස්ථිරව නැඟී සිටීම,” “සත්‍යයට සාක්ෂි දරමින් සිටින්න” සහ “අපි මැටිය—යෙහෝවා දෙවි අපේ කුම්භකාරයාය.” (ෆිලි. 1:9, 10, 27; යොහ. 18:37; යෙසා. 64:8) ඉහත සඳහන් වන්නේ පසුගිය වසරවල අපේ විශේෂ එක්දින එක්රැස්වීම්වල තේමා කීපයකුයි. ඔබ 2010 සේවා වසරේ පවත්වන විශේෂ එක්දින එක්රැස්වීමට සහභාගි වෙන්න කැමතිද? ‘ඉතුරු වී ඇත්තේ තව කෙටි කාලයයි’ යන එහි තේමාව පදනම් වී තිබෙන්නේ 1 කොරින්ති 7:29 මතයි.
2. එක්දින එක්රැස්වීම කෙරෙහි උනන්දුවක් ඇති කරගත හැක්කේ කෙසේද?
2 ඔබේ සභාවට නියමිත එක්රැස්වීමේ දිනය දැනුම් දුන් විගස ඊට සූදානම් වන්න. සූදානමක් වශයෙන් එම දිනයත් එදාට අවශ්‍ය වන දේවලුත් ලියා තබාගන්න කියා සමහර දෙමාපියන් තම දරුවන්ට උනන්දු කරනවා. ඒ දිනය එන තෙක් උනන්දුවෙන් සිටීමට එසේ කිරීම ඔවුන්ට උපකාරයක් වෙයි. පවුලේ නමස්කාරයට වෙන් කළ රාත්රියේදී පසුගිය එක්රැස්වීම්වලදී ගත් සටහන් යළි සලකා බලන්නත් ඔබට හැකියි. ඒ වගේම දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු පොතේ 13-16 පිටුවල තිබෙන “අසන්නේ කෙසේද කියා බලාගන්න” යන ලිපියත් කියවන්න. එමගින් ඔබේ සිත සූදානම් කරගත හැකියි.—ලූක් 8:18.
3. වැඩසටහනේ නියම ප්‍රයෝජන ලබාගැනීමට කුමක් කළ යුතුද?
3 ඉගෙනගන්න දේ පිළිපදින්න: සෑම එක්රැස්වීමකින් පසු පැමිණි අය “නියම එක්රැස්වීමක්” කියා පවසනවා අපට නිතරම අහන්න ලැබෙනවා. එය පුදුමයක් නෙමෙයි. මන්ද එම වැඩසටහන් අපට සපයන්නේ යෙහෝවා දෙවියි. (හිතෝ. 10:22) නමුත් එහි නියම ප්‍රයෝජන ලබන්න නම් ඔබ ඉගෙනගත් දේ ගැඹුරින් කල්පනා කර ඒවා පිළිපැදීම අවශ්‍යයි. (ලූක් 8:15) දවස අවසන් වී නැවත නිවසට යන විට ඉගෙනගත් තොරතුරු පවුලේ අය සමඟ හෝ ඔබ සමඟ ගමන් ගන්නා වෙනත් අය සමඟ කතා කරන්න. එකිනෙකා තබාගත් ඉලක්ක ගැනත් දේවසේවයට ප්‍රයෝජනවත් වූ කරුණු ගැනත් කතා කරන්න ඔබට පුළුවන්. එසේ කරන විට එක්රැස්වීම අවසන් වුණත් එහි නියම වටිනාකම හා ප්‍රයෝජන දිගටම ඔබට දැනේවි.—යාකො. 1:25.
4. මෙම එක්රැස්වීම අපට ප්‍රයෝජනවත් වන්නේ ඇයි?
4 අපිට අවශ්‍යම දෙයක් කෙනෙක් අපිට තෑගි කළොත් අපි එය අගය කරන්නේ නැද්ද? යෙහෝවා දෙවිත් දෙන්නේ අපට අවශ්‍යම දෙයයි. ඊළඟ විශේෂ එක්දින එක්රැස්වීම පැමිණෙන තුරු අපි ඉතා ආශාවෙන් බලා සිටිනවා. ඊට හේතුව එමගින් ලැබෙන තොරතුරු අපට ප්‍රායෝගික මෙන්ම ප්‍රයෝජනවත් වීමයි. මෙසේ දෙවි දෙන දිරිගැන්වීම හා පුහුණුව නිසා අපගේ දේවසේවය දිගටම කරගෙන යන්න අපට හැකියි.—2 තිමෝ. 4:2; යාකො. 1:17.