ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/10 2 පි.
  • “නියම වේලාවට ආහාර”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “නියම වේලාවට ආහාර”
  • 2010 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • වර්ෂ 2010 සඳහා විශේෂ එක්දින එක්රැස්වීමේ වැඩසටහන
    2009 අපගේ රාජ්‍ය සේවාව
  • දෙවිගේ වදන් බලවත්
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • එක්රැස්වීම් වැඩසටහන පුනරීක්ෂණය කිරීම සඳහා නව විධිවිධානයක්
    2004 අපගේ රාජ්‍ය සේවාව
  • නව විශේෂ එක්දින එක්රැස්වීමේ වැඩසටහන
    2006 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2010 අපගේ රාජ්‍ය සේවාව
km 8/10 2 පි.

“නියම වේලාවට ආහාර”

1. ඔබටත් අන් අයටත් මෑතක පැවැත්වූ විශේෂ එක්දින එක්රැස්වීම උපකාර වුණේ කොහොමද?

1 විශේෂ එක්දින එක්රැස්වීමට සහභාගි වූ පසු “ඒ කරුණු නම් නියම වෙලාවට හම්බ වුණේ” කියා අපි බොහෝවිට පවසනවා. පසුගිය වැඩසටහනට සවන් දුන් පසු තම චාරිකාවේ සිටින සමහරු ඔවුන්ගේ දේවසේවය වැඩි කිරීමට ආශාවක් දැක්වූ බව එක් චාරිකා සේවකයෙක් පැවසුවා. වෙනත් සංචාරක සේවකයන්ද පැවසුවේ මෙයයි. “අපි හැමෝම ඉන්නේ අවසාන කාලයේ බවත් මුල් තැන දෙන්න ඕනෙ මොනවටද කියලා හොඳින් හිතලා බලන්නත් ඒ වැඩසටහන උපකාර වුණා.” “වඩාත් වැදගත් දේ වන දේවසේවය කෙරෙහි අවධානය යොමු කරන්න එය හොඳ සිහිගැන්වීමක් කියා ප්‍රචාරකයන් බොහෝදෙනෙක් පැවසුවා.” විශේෂ එක්දින එක්රැස්වීම ඔබට උපකාර වුණේ කොහොමද?

2. ලබන සේවා වසරේ වැඩසටහනෙන් සලකා බලන්නේ මොනවාද?

2 ලබන සේවා වසරේ වැඩසටහනත් නියම වෙලාවට අපිට ලැබෙන එකක් වේවි. ‘යෙහෝවා දෙවිගෙන් ආරක්ෂාව පතන්න’ යන එහි තේමාව රැගෙන තිබෙන්නේ ගීතාවලිය 118:8, 9 පදනම් කරගෙනයි. සාකච්ඡා කරන සමහර විෂයන් මේවායි. “දුක් කරදර ඇති කාලයේදී යෙහෝවා දෙවි රක්ෂස්ථානයක් වෙන්නේ කොහොමද,” “ආරක්ෂාව සපයන යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න,” “දෙවිගේ පියාපත් සෙවණේ ආරක්ෂාව ලබන්න අන් අයට උපකාර කරන්න,” “යෞවනයෙනි, යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න!” සහ “යෙහෝවා දෙවි අද දින ආරක්ෂාව ලබා දෙන අයුරු.”

3. ඊට සහභාගි වී පූර්ණ ලෙස ප්‍රයෝජන ලබන්න පුළුවන් කොහොමද?

3 ප්‍රයෝජන ලැබීමට නම්: දිනය නිවේදනය කළ විට ඊට සහභාගි වීමටත් ඒ සඳහා ඔබේ බයිබල් ශිෂ්‍යයන්ට ආරාධනා කිරීමටත් නොවරදවාම සැලසුම් යොදන්න. “විඳදරාගනිමින් පල දරන” අය වීමට නම් අප සවන් දී ඒ අනුව ජීවත් විය යුතුයි. (ලූක් 8:15) එමනිසා හොඳින් සවන් දෙන අතර ප්‍රධාන කරුණු හා ඔබේ ජීවිතයට මෙන්ම දේවසේවයට අදාළ කරගැනීමට බලාපොරොත්තු වන යෝජනා කෙටියෙන් සටහන් කරගන්න. එක්රැස්වීමෙන් පසු ඉගෙනගත් කරුණු පවුලක් හැටියට සාකච්ඡා කරන්න. එම තොරතුරු ඔබටත් පවුලේ අයටත් අදාළ කරගත හැකි ක්‍රම ගැන සලකා බලන්න.

4. විශේෂ එක්දින එක්රැස්වීමට සහභාගි වීමට අපි ආශා විය යුත්තේ ඇයි?

4 පෝෂ්‍යදායී රසවත් ආහාරයක් මෙන් මෙම වසරේ විශේෂ එක්දින එක්රැස්වීම ප්‍රේමණීයව සූදානම් කර තිබෙන්නේ අනාගතය ගැන සිතායි. ඊට සහභාගි වීමටත් ‘නියම වෙලාවට ලැබෙන ආහාරවලින්’ පෝෂණය වීමටත් ඔබ දරන වෑයමට දෙවිගෙන් ආශීර්වාද ලැබේවා!—මතෙ 24:45.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න