ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/13 2 පි.
  • දෙවිගේ වදන් බලවත්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ වදන් බලවත්
  • 2013 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • වර්ෂ 2010 සඳහා විශේෂ එක්දින එක්රැස්වීමේ වැඩසටහන
    2009 අපගේ රාජ්‍ය සේවාව
  • “නියම වේලාවට ආහාර”
    2010 අපගේ රාජ්‍ය සේවාව
  • නව විශේෂ එක්රැස්වීම් දින වැඩසටහන
    2000 අපගේ රාජ්‍ය සේවාව
  • දෙවිගේ වචනය ඉගැන්වීමට ප්‍රයෝජනවත්
    2013 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2013 අපගේ රාජ්‍ය සේවාව
km 8/13 2 පි.

දෙවිගේ වදන් බලවත්

1. එක්දින සමුළුවේ තේමාව මොකක්ද?

1 අපේ සිතුවිලි වෙනස් කරන්නත් දෙවි හිතන විදිහට හිතන්න අපිව පොලඹවන්නත් දේවවචනයට තියෙන හැකියාව වෙන කිසිම කෙනෙකුගෙන් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. දෙවිගේ වචනය මොන තරම් බලවත්ද? අපේ ජීවිතයේ හැම කාරණාවකදීම බයිබලයේ තියෙන තොරතුරු අදාළ කරගන්න පුළුවන් කොහොමද? අනිත් අයට උදව් කරන්න ඒක පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර “දෙවිගේ වදන් බලවත්” යන තේමාවෙන් යුත් 2014 සේවා වසරේ පවත්වන එක්දින සමුළුවෙන් දැනගන්න පුළුවන්. ඒ තේමාව පදනම් වෙලා තියෙන්නේ හෙබ්‍රෙව් 4:12 මතයි.

2. උත්තර හොයන්න ඕනෙ මොන ප්‍රශ්නවලටද?

2 මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න: සමුළුවට ඇහුම්කන් දෙන අතරතුරේදී මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න.

• දෙවිගේ වදන් ගැන අපිට විශ්වාසය තියන්න පුළුවන් ඇයි? (ගීතා. 29:4)

• දෙවිගේ වචනයේ තියෙන බලය අපිට අද්දකින්න පුළුවන් කොහොමද? (ගීතා. 34:8)

• දේශනා සේවයේදී දක්ෂ විදිහට දෙවිගේ වචනය යොදාගන්න පුළුවන් කොහොමද? (2 තිමෝ. 3:16, 17)

• සාතන්ගේ ලෝකයේ මුළා කරවන බලපෑම්වලට හසු නොවී ඉන්න නම් අපි කරන්න ඕනෙ මොකක්ද? (1 යොහ. 5:19)

• යෞවනයෙක් විදිහට දෙවි ඉදිරියේ සාර්ථක ජීවිතයක් ගෙවන්න පුළුවන් කොහොමද? (යෙරෙ. 17:7)

• අපි දුර්වල වෙලා ඉන්න අවස්ථාවලදීත් ශක්තිමත්ව ඉන්න නම් කරන්න ඕනෙ මොනවාද? (2 කොරි. 12:10)

• කාලයක් තිස්සේ මුල් බැසගත් නරක ආකල්ප සහ පුරුදු නැති කරගන්න නම් අපි දිගටම කරන්න ඕනෙ මොනවාද? (එෆී. 4:23)

3. එක්දින සමුළුවෙන් ලැබෙන තවත් ප්‍රයෝජන මොනවාද?

3 අනිත් සමුළුවලදී වගේම එක්දින සමුළුවේදීත් විවිධ පළාත්වලින් එන අපේ සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. (ගීතා. 133:1-3; 2 කොරි. 6:11-13) පරණ යාළුවන්ව ආශ්‍රය කරන්නත් අලුත් යාළුවන්ව ඇති කරගන්නත් අපි උත්සාහ කරමු. ආගන්තුක කථිකයා විදිහට දිස්ත්‍රික් සේවක නැත්නම් බෙතෙල් කථිකයෙක් එනවා නම් ඔහුවත් ඔහුගේ භාර්යාවවත් ආදරයෙන් පිළිගන්න. මේ සමුළුවෙන් අපිට හුඟක් ප්‍රයෝජන ලැබෙන බව නිසැකයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න