දෙවිගේ වචනය ඉගැන්වීමට ප්‍රයෝජනවත්
1. දෙදින චාරිකා සමුළුවේ තේමාව මොකක්ද? ඒ සමුළුවෙන් උත්තර ලැබෙන්නේ මොන ප්‍රශ්නයටද?
1 අපේ “උදාර උපදේශකයාණන්” වන යෙහෝවා දෙවි විශ්වයේ ඉන්න හොඳම ගුරුවරයායි. (යෙසා. 30:20, 21) යෙහෝවා දෙවි අපිට උගන්වන්නේ කොහොමද? දෙවි ඒ දේ කරන්නේ තමන්ගේ වචනය ඇතුළත් බයිබලය යොදාගෙනයි. එයින් අපිට ලැබෙන ප්‍රයෝජන වෙන කිසිම පොතකින් ලැබෙන්නේ නැහැ. හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වාගන්න, මනසේ සහනය අද්දකින්න වගේම දෙවි එක්ක කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගන්න බයිබලයේ තියෙන තොරතුරු අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? ඒකට උත්තරේ 2014 සේවා වසරේ පවත්වන දෙදින චාරිකා සමුළුවෙන් දැනගන්න පුළුවන්. “දෙවිගේ වචනය ඉගැන්වීමට ප්‍රයෝජනවත්” කියන තේමාව ඒ සමුළුවට අරගෙන තියෙන්නේ 2 තිමෝති 3:16න්.
2. මූලික කරුණුවලින් උත්තර ලැබෙන්නේ මොන ප්‍රශ්නවලටද?
2 මූලික කරුණු මතක තියාගන්න: ඒ දේ කරන්න මේ ප්‍රශ්නවලට උත්තර සටහන් කරගන්න එක උදව්වක් වෙයි.
• දෙවි අපිට උගන්වන දේවලින් ලැබෙන ප්‍රයෝජන මොනවාද? (යෙසා. 48:17, 18)
• පූර්ණකාලීනව යෙහෝවා දෙවිට සේවය කරන්න යම් කැප කිරීම් කරන අයට දෙවි දීලා තියෙන සහතිකය මොකක්ද? (මලා. 3:10)
• ‘නුහුරු ඉගැන්වීම්වලට’ රැවටෙන්නේ නැතුව ඉන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? (හෙබ්‍රෙ. 13:9)
• යේසුස් ‘ඉගැන්වූ ආකාරය’ අපිට අනුකරණය කරන්න පුළුවන් කොහොමද? (මතෙ. 7:28, 29)
• සභාවේ උගන්වන අය තමන් උගන්වන දේවල් පිළිපදින්න ඕනෙ ඇයි? (රෝම 2:21)
• දෙවිගේ වචනය ප්‍රයෝජනවත් වෙන්නේ මොනවාටද? (2 තිමෝ. 3:16)
• දෙවි සියලු ජාතීන්ව ‘සොලවද්දී’ ඔවුන්ට ඒක කොහොම බලපායිද? (හග්. 2:6, 7)
• දෙවිට අපි ගැන තියෙන්නේ මොන වගේ විශ්වාසයක්ද? (එෆී. 5:1)
• යෙහෝවා දෙවි උගන්වන දේවල් පිළිපදින්න අපි දැඩි උත්සාහයක් දරන්න ඕනෙ ඇයි? (ලූක් 13:24)
3. සමුළුවේ ඉදිරිපත් කරන තොරතුරුවලට අපේ පූර්ණ අවධානය දෙන එක වැදගත් වෙන්නේ ඇයි?
3 පාවුල් අන්තිම දවස්වලදී අද්දකින අසීරු කාලය ගැන සඳහන් කරද්දී මේ වගේ දෙයක් කිව්වා. “දුෂ්ට මිනිසුන් සහ ප්‍රෝඩාකාරයන් තව තවත් නරක අතට හැරෙමින් අනුන්ව නොමඟ යවන අතර ඔවුහුද නොමඟ යනු ඇත.” (2 තිමෝ. 3:13) පාවුල් එසේ පැවසුවේ අපිව ආරක්ෂා කරන්නයි. එහෙමනම් දෙවි අපිට උගන්වන දේවල් පිළිපදින එක මොන තරම් වැදගත්ද! ඒ නිසා සමුළුවට සහභාගි වෙලා ඉදිරිපත් කරන තොරතුරුවලට පූර්ණ අවධානය දෙමු.