ඔබේ මනස ආරක්ෂා කරගන්න
1. දෙදින සමුළුවේ තේමාව මොකක්ද? ඒ සමුළුවේ අරමුණ මොකක්ද?
1 මුළු හදවතින්, ජීවිතයෙන් සහ මනසින් යෙහෝවා දෙවිට ප්‍රේම කරන්න කියලා යේසුස් එයාගේ ගෝලයන්ට කිව්වා. (මතෙ. 22:37, 38) මේ අවුරුද්දේ සමුළු තුනම සකස් කරලා තියෙන්නේ අපි දෙවිට කොයි තරම් දුරට ප්‍රේම කරනවාද කියලා හොඳට හිතලා බලන්නයි. ඒ නිසා තමයි අපේ තුන්දින සමුළුවට “ඔබේ සිත ආරක්ෂා කරගන්න” යන තේමාව තෝරගත්තේ. ඒ වගේම 2013 සේවා වසර සඳහා එක්දින සමුළුවට “ඔබේ හෘදය සාක්ෂිය ආරක්ෂා කරගන්න” කියන තේමාවත් ලබන මාසේ ඉඳන් පටන්ගන්න දෙදින සමුළුවට, “ඔබේ මනස ආරක්ෂා කරගන්න” යන තේමාවත් තෝරගත්තේ ඒ නිසයි. දෙදින සමුළුවේ තේමාව පදනම් වෙලා තියෙන්නේ මතෙව් 22:37 මතයි. ඒ සමුළුව සැලසුම් කරලා තියෙන්නේ අපි හැමෝටම අපේ සිතුම් පැතුම් හා චේතනා යෙහෝවා දෙවිට ප්‍රසන්නද කියලා හොඳට හිතලා බලන්නයි.
2. අපි උත්තර හොයාගන්න ඕනේ මොන ප්‍රශ්නවලටද?
2 බලාපොරොත්තුවෙන් ඉන්න: සමුළු වැඩසටහනට හොඳ අවධානයක් දුන්නොත් මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඔයාලට පුළුවන්.
• මිනිස්සු හිතන විදිහට හිතන්නේ නැතුව ඉන්නේ කොහොමද?
• මිනිසුන්ගේ මනස් අන්ධ කරන වැස්ම ඉවත් කරන්න අපිට පුළුවන් කොහොමද?
• අපිට තියෙන්න ඕනේ ආකල්පය මොකද්ද?
• සුදුසු දේවල් ගැන කල්පනා කිරීමේ ප්‍රයෝජන මොනවාද?
• අපේ සිතුවිලි සකස් කරන්න යෙහෝවා දෙවිට ඉඩ දෙන්නේ කොහොමද?
• මුළු පවුලම සතුටින් ඉන්න නම් ස්වාමිපුරුෂයන්, භර්යාවන්, දෙමාපියන් සහ දරුවන් කරන්න ඕනේ මොනවද?
• යෙහෝවා දෙවිගේ දවසට සූදානම් වෙන්න පුළුවන් කොහොමද?
• වෙහෙස මහන්සි වෙලා සේවය කරන්න අපේ මනස සූදානම් කරගන්නේ කොහොමද?
• ඉගෙනගත්ත දේවලට අනුව ජීවත් වීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද?
3. දවස් දෙකටම සහභාගි වීම, හොඳ අවධානයක් දීම සහ ඉගෙනගන්න දේවල් අපේ ජීවිතයට අදාළ කරගැනීම වැදගත් ඇයි?
3 සාතන්ට ඕනේ කොහොමහරි අපේ මනස දූෂ්‍ය කරන්න. (2 කොරි 11:3) ඒ නිසා අපි අපේ මනස ආරක්ෂා කරගන්න ඕනේ. අපේ සිතුම් පැතුම් හා චේතනා යෙහෝවා දෙවිට ප්‍රසන්නද කියලා අපි නිතරම හිතන්න ඕනේ. යේසුස් හිතපු විදිහට හිතනවා නම් දෙවිට අකීකරු වන මිනිසුන්ගේ බලපෑම්වලට යටත් නොවී ඉන්න අපිට පුළුවන්. (1 කොරි 2:16) එහෙනම් දෙදින සමුළුවේ දවස් දෙකටම සහභාගි වෙන්න දැන් ඉඳලම ලෑස්ති වෙන්න. වැඩසටහනට හොඳ අවධානයක් දෙන්න. ඒ වැදගත් තොරතුරු අපේ ජීවිතවලට අදාළ කරගත්තොත් උද්‍යෝගයෙන් දෙවිට සේවය කරන්න අපේ මනස් සූදානම් කරගන්න අපිට පුළුවන් වෙයි.—1 පේතෘ 1:13.