ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 7/15 14-15 පි.
  • මැලේරියාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැලේරියාව
  • 2015 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • 1 මැලේරියා රෝගය
  • 2 රෝගය හැදෙන විදිහ
  • 3 රෝගය වළක්වාගන්න පුළුවන් විදිහ
  • මැලේරියාවට එරෙහි සටනේදී මුල් උපක්‍රම වෙතටම
    1997 පිබිදෙව්!
  • “සුවකළ හැකි” රෝග නැවත මතුවන්නේ මන්ද?
    1994 පිබිදෙව්!
  • දස දෙසින්
    2011 පිබිදෙව්!
  • නිදැල්ලේ ගැවසෙන මාරකයෝ
    1994 පිබිදෙව්!
තව තොරතුරු
2015 පිබිදෙව්!
g 7/15 14-15 පි.

මැලේරියාව

2013 වසරේදී මිලියන 198කට වඩා වැඩිදෙනෙක්ට මැලේරියා රෝගය වැලඳුනා කියලත් ඒකෙන් 5,84,000ක් මිය ගියා කියලත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මිය ගිය අයගෙන් 5දෙනෙකුගෙන් 4දෙනෙක්ම අවුරුදු 5ට අඩු දරුවන්. මේ උවදුරට ගොදුරු වෙලා තියෙන රටවල් 100කට ආසන්න සංඛ්‍යාවක ඉන්න බිලියන 3.2කගේ ජීවිත තියෙන්නේ අනතුරේයි.

1 මැලේරියා රෝගය

මෙය බෝ වෙන්නේ පරපෝෂිතයෙකුගෙන්. උණ, ඇඟ සීතල වීම, දහඩිය දැමීම, හිස රදය, ඇඟපත වේදනාව, ඔක්කාරය හා වමනය වගේ රෝග ලක්ෂණ ඇති වෙනවා. දවස් දෙකකට තුනකට සැරයක් කඩින් කඩ මේ රෝග ලක්ෂණ මතු වෙන්න පුළුවන්. පරපෝෂිතයාගේ වර්ගය හා රෝගය හැදිලා ගත වුණු කාලය අනුවත් ඒක වෙනස් වෙනවා.

2 රෝගය හැදෙන විදිහ

  1. මැලේරියා පරපෝෂිතයන් ශරීරය තුළ පැතිරෙන ආකාරය පෙන්වන රූපසටහනක්

    රෝග වාහක ඇනෝෆිලස් මදුරුවෙක් කෙනෙක්ගේ ලේ උරා බොද්දී ඒ මදුරුවා තුළ ඉන්න පරපෝෂිතයන් (ප්ලැස්මෝඩියා) මිනිස් සිරුරට ඇතුල් වෙනවා.

  2. මේ පරපෝෂිතයන් මිනිස් සිරුරේ අක්මා සෛලවලට ඇතුල් වෙලා ගණනින් වැඩි වෙන්න පටන්ගන්නවා.

  3. ප්‍රතිඵලයක් විදිහට ඒ අක්මා සෛල පිපිරෙනවා. ඒකෙන් මුදාහැරෙන පරපෝෂිතයන් සිරුරේ රතු රුධිරාණුවලට ඇතුල් වෙලා ගණනින් වැඩි වෙන්න පටන්ගන්නවා.

  4. පරපෝෂිතයන් රතු රුධිරාණුවලට ඇතුල් වෙලා ගණනින් වැඩි වෙනවා. එතකොට රතු රුධිරාණු පිපිරෙනවා

    ඊටපස්සේ ඒවාත් පිපිරෙනවා. ඒවායින් නිකුත් වෙන පරපෝෂිතයන් තවත් රතු රුධිරාණුවලට ඇතුල් වෙනවා.

  5. මේ විදිහට රතු රුධිරාණුවලට ඇතුල් වෙන පරපෝෂිතයන් වැඩි වෙද්දී ඒවා දිගින් දිගටම පුපුරනවා. එහෙම වෙන හැම අවස්ථාවකදීම රෝග ලක්ෂණ මතු වෙනවා.

3 රෝගය වළක්වාගන්න පුළුවන් විදිහ

ඔබ ජීවත්වෙන්නේ මැලේරියා රෝගය පැතිරිලා තියෙන ප්‍රදේශයක නම් . . .

  • මදුරු දැලක් පාවිච්චි කරන්න. ඒ මදුරු දැල,

    • බෙහෙත් ගැල්වූ එකක් වෙන්න ඕනේ.

    • ඉරිලා නැති මදුරු දැලක් වෙන්න ඕනේ.

    • මදුරුවන්ට ඇතුල් වෙන්න බැරි විදිහට දැල මෙට්ටයට යට කරලා තියෙන්න ඕනේ.

  • මදුරුවන් පලවාහරින්න පුළුවන් බෙහෙත් වර්ග බිත්තිවල ඉහින්න.

  • පුළුවන් නම් දොර ජනෙල්වල හීනි දැල් ගහන්න. වායු සමීකරණ හා විදුලි පංකා පාවිච්චි කරනවා නම් මදුරුවන් රැඳෙනවා අඩුයි.

  • ඇඟ සම්පූර්ණයෙන්ම වැහෙන විදිහට ලා පාට ඇඳුම් අඳින්න.

  • වතුර රැඳිලා තියෙන තැන්, කුඩා පඳුරු වැනි මදුරුවන් බෝ වෙන ස්ථාන මඟහරින්න.

  • රෝගය වැලඳිලා කියලා හිතෙනවා නම් ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවෙන්න.

මැලේරියා බෝ වෙන ආකාරය

නිරෝගී කෙනෙක්ට ආසාදිත මදුරුවෙක් විද්දොත් ඒ කෙනාට මැලේරියාව හැදෙන්න පුළුවන්. අනිත් අතට මැලේරියා රෝගියෙකුට ආසාදිත නොවන මදුරුවෙක් විද්දොත් මදුරුවාට පරපෝෂිතයා ඇතුල් වෙන නිසා ඌට මැලේරියා රෝගය බෝ කරන්න පුළුවන්

මැලේරියාව පැතිරිලා තියෙන ප්‍රදේශයකයට යන්න ඔබ සැලසුම් කරනවා නම් . . .

  • මැලේරියා රෝගය බෝ කරන පරපෝෂිතයන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් නිසා ලබාගන්න ඕන ප්‍රතිකාරත් ඒ අනුව වෙනස් වෙනවා. ඒ නිසා ලබාගන්න ඕන ප්‍රතිකාර ක්‍රම ගැන දැනුවත් වෙන්න. ඔබට සුදුසු මොන ප්‍රතිකාර ක්‍රමයද කියලා ඔබ ඒ වගේ ප්‍රදේශයකට යන්න කලින් ඔබේ වෛද්‍යවරයාගෙන් දැනගන්න.

  • මැලේරියාවෙන් ආරක්ෂා වෙන්න මේ ලිපියේ තියෙන තොරතුරු ප්‍රයෝජනයට ගන්න.

  • රෝගය වැලඳිලා නම් ප්‍රතිකාර ගන්න ප්‍රමාද වෙන්න එපා. මොකද රෝගය මතු වෙන්නේ මදුරුවා විදලා සතියත් සති හතරත් අතර කාලයේදියි.

කරන්න පුළුවන් තවත් දේවල්

  1. රජයෙන් හෝ ප්‍රාදේශීය මට්ටමින් ලබා දෙන සෞඛ්‍ය සේවාවලින් උපරිම ප්‍රයෝජන ලබාගන්න.

  2. බෙහෙත් ගද්දී රජයේ අනුමැතිය ලත් තැනකින් විතරක් ගන්න. (ප්‍රමිතියෙන් බාල බෙහෙත් ගත්තොත් රෝගය කාලයක් පවතින්න පුළුවන්. නැත්නම් මාරාන්තික වෙන්නත් පුළුවන්.)

  3. ගෙවල් අවට මදුරුවන් බෝ වෙන තැන් පිරිසිදු කරන්න.

ඔබ ඉන්නේ මැලේරියා රෝගය පැතිරිලා තියෙන ප්‍රදේශයකද? නැත්නම් එවැනි ප්‍රදේශයකට ගිහින් ආවාද? එහෙමනම් මේ රෝග ලක්ෂණ මතු වෙනවද කියලා බලන්න.

  • තදින් උණගැනීම

  • අධික ලෙස දහඩිය දැමීම

  • වෙවුලන තරම් සීතලක් දැනීම

  • හිසරදය

  • ඇඟපත වේදනාව

  • තෙහෙට්ටුව

  • ඔක්කාරය

  • වමනය

  • පාචනය

මැලේරියාවට නිසි ප්‍රතිකාර ගත්තේ නැත්නම් රක්තහීනතාවය නිසා මිය යන්න පුළුවන්. ඒ නිසා රෝගය දරුණු වෙන්න කලින් වෛද්‍ය උපදෙස් ගන්න. දරුවන් සහ ගැබිනි මව්වරුන් විශේෂයෙන් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.a

a වැඩි විස්තර දැනගන්න 2011 නොවැම්බර් ‘පිබිදෙව්!’ සඟරාවේ 24-25 පිටු සහ 2009 නොවැම්බර් ‘පිබිදෙව්!’ සඟරාවේ 26-29 පිටු බලන්න.

ඔබ දැන සිටියාද?

අප්‍රිකාවේ සිතියම මත ඔරලෝසුවක්

අප්‍රිකාවේ මිනිත්තුවකට වරක් දරුවෙක් මැලේරියාවෙන් මිය යනවා

  • මැලේරියා රෝගී තත්වය වැඩියෙන්ම බලපාන්නේ දරුවන්ට හා ගැබිනි මව්වරුන්ටයි.

  • අප්‍රිකාවේ විතරක් හැම මිනිත්තුවකටම වරක් දරුවෙක් මැලේරියාව නිසා මිය යනවා.

  • රුධිරය ගැනීම නිසාත් කලාතුරකින් මැලේරියා රෝගය වැලඳෙන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න