ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g22 අංක 1 7-9 පි.
  • 2 | ජීවනෝපාය රැකගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2 | ජීවනෝපාය රැකගන්න
  • 2022 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒක වැදගත් වෙන්නේ ඇයි?
  • දැනගන්න ඕන දේ
  • කරන්න පුළුවන් දේ
  • ලැබෙන ආදායම අඩු වෙලාද?
    තවත් ලිපි
  • ණය නොවී සිටීමට මාර්ගය
    1997 පිබිදෙව්!
  • තියෙන ගාණ පරෙස්සමින් පාවිච්චි කරන්න
    2025 පිබිදෙව්!
  • මුදල් පරිහරණය
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2022 පිබිදෙව්!
g22 අංක 1 7-9 පි.
ලීයකට ඇණයක් ගහන වඩුවෙක්.

නොසන්සුන් ලොවක

2 | ජීවනෝපාය රැකගන්න

ඒක වැදගත් වෙන්නේ ඇයි?

එදා වේල හොයාගන්නත් අද හුඟක් අය ලොකු සටනක් කරනවා. ලෝකෙ නොසන්සුන් දේවල් වෙද්දී ඒ සටන තවත් අමාරු වෙනවා. ඒ ඇයි?

  • කලබලකාරී කාලවල ජීවන වියදම එහෙ බලලා මෙහෙ බලද්දී වැඩි වෙන්න පුළුවන්.

  • රස්සා නැති වෙන්න පුළුවන්. පඩි අඩු වෙන්න පුළුවන්.

  • ස්වාභාවික විපත් නිසා ව්‍යාපාර සහ ගෙවල් දොරවල් විනාශ වෙලා මිනිස්සු පාරට වැටෙන්න පුළුවන්.

දැනගන්න ඕන දේ

  • දැන් තියාම සල්ලි ඥානවන්තව පාවිච්චි කළොත් නොසන්සුන් දේවලට මුහුණ දෙන්න ඒක ඔයාට උදව් වෙයි.

  • සල්ලි හැම දේකටම විසඳුම නෙමෙයි කියලත් මතක තියාගන්න. ලැබෙන ආදායම, ඉතුරු කරපු සල්ලි, දේපළ නොහිතන වෙලාවක නැති වෙන්න පුළුවන්.

  • පවුලේ සතුට, සමඟිය වගේ දේවල් සල්ලිවලට ගන්න බැහැ.

කරන්න පුළුවන් දේ

බයිබලයේ මෙහෙම කියනවා: “අපට කෑම බීම, ඇඳුම්පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු.”—1 තිමෝති 6:8.

සෑහීමට පත් වෙන කෙනෙක් කැමති දේවල් සහ අත්‍යවශ්‍ය දේවල් අතර වෙනස තේරුම්ගන්නවා. ආදායම අඩු කාලවල එහෙම කරන එක හරිම වැදගත්.

අත්‍යවශ්‍ය දේවලින් සෑහීමට පත් වෙන්න නම් ඔයා ජීවත් වෙන විදිහේ සමහර වෙනස්කම් කරගන්න වෙයි. ආදායමට වඩා වියදම වැඩි නම් ඒකෙන් වෙන්නේ තත්වය තවත් දරුණු වෙන එකයි.

සන්සුන්ව ඉන්න උදව් වෙන යෝජනා

නොසන්සුන් කාලවල ජීවනෝපාය රැකගන්න උදව් වෙන යෝජනා

වියදම් අඩු කරගන්න

  • මහලු කාන්තාවක් එයා වවපු කැරට් දිහා බලාගෙන ඉන්නවා.

    වියදම් අඩු කරන්න

    සමහර දේවල් ගන්න එක කල් දාන්න පුළුවන්ද බලන්න. ‘මට වාහනයක් ඕනෙමද, වත්තේ එළවළු ටිකක් වවන්න පුළුවන්ද’ වගේ දේවල් ගැන හොඳට හිතන්න.

  • සල්ලි වියදම් කරන්න කලින් ‘මේ දේ මට ඇත්තටම ඕනෙද’ කියලා හිතලා බලන්න.

  • රජයෙන් නැත්නම් වෙනත් සංවිධානවලින් දෙන දීමනා ලබාගන්න පුළුවන්ද කියලා බලන්න.

“අපේ පවුලේ අය එකතු වෙලා වියහියදම් ගැන කතා කරා. ඊටපස්සේ විනෝද වෙන්න යන ගාණ පුළුවන් තරම් අඩු කරා. අඩු වියදමින් හොඳ කෑම වේලක් හදාගන්න විදිත් අත්හදා බැලුවා.”—ගිෆ්ට්.

බජට් එකක් හදාගන්න

බිලක් දිහා බලාගෙන ගාණක් හදන කාන්තාවක්.

බජට් එකක් හදාගන්න

බයිබලයේ මෙහෙම කියනවා: “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි. එහෙත් දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි.” (හිතෝපදේශ 21:5) බජට් එකක් හදාගත්තොත් ලැබෙන ගාණට වඩා වියදම් නොකර ඉන්න ඒක ඔයාට උදව් වෙයි.

  • මුලින්ම මාසික ආදායම ලියන්න.

  • ඊළඟට මාසයක් ඇතුළත සල්ලි වියදම් වුණ විදිහ ලියන්න.

  • ආදායමයි, වියදමයි සසඳලා ඕනෙ නම් වියදම් අඩු කරන්න පුළුවන් විදි ගැන හිතන්න.

“හැම මාසෙම අපි ආදායමයි, වියදමයි ලියාගන්නවා. හදිස්සියකට කියලා පොඩි ගාණක් එකතු කරලා තියාගන්නත් උත්සාහ කරනවා. එහෙම කරද්දී හිතපු නැති විදිහේ වියදමක් දරන්න වුණත් ඒකට අපි ලෑස්තියි.”—කාලෝස්.

ණය වෙන්න එපා / සල්ලි ඉතුරු කරන්න

  • දරුවා එක්ක කැටේකට සල්ලි දාන අම්මා කෙනෙක්.

    ණය වෙන්න එපා / සල්ලි ඉතුරු කරන්න

    ණය පියවන්න සැලැස්මක් හදාගන්න. ණය වෙන්නේ නැතුව සල්ලි එකතු කරලා දේවල් ගන්න.

  • ඉස්සරහට එන වියදම්වලට පොඩි ගාණක් හැම මාසෙම වෙන් කරලා තියන්න.

මහන්සි වෙලා වැඩ කරන්න

බයිබලයේ මෙහෙම කියනවා: “වෙහෙස මහන්සි වී කරන සෑම වැඩකින්ම ප්‍රයෝජන අත් වෙයි.”—හිතෝපදේශ 14:23.

  • ලීයකට ඇණයක් ගහන වඩුවෙක්.

    මහන්සි වෙලා වැඩ කරන්න

    ඔයා කරන්නේ ඔයා එච්චර ආස නැති ජොබ් එකක් වුණත් ඒක සතුටින් කරන්න. මොකද ඒක නිසයි ඔයාට ඔයාගේ පවුලේ අයව බලාගන්න පුළුවන් වෙන්නේ.

  • කඩිසරව, වගකීමෙන් වැඩ කරන්න. ඒක දැන් තියෙන රස්සාව රැකගන්න වගේම අලුත් රස්සාවක් හොයාගන්න වුණොත් ඒකටත් ඔයාට උදව් වෙයි.

“මං තෝර තෝර ඉන්නේ නෑ. ලැබෙන රස්සාව කරනවා. පඩිය එච්චර හොඳ නැති වුණත් මං විශ්වාසවන්තව, වැඩේ හොඳට කරන්න උත්සාහ කරනවා. හරියට මගේම තැනක වැඩ කරනවා කියලා හිතාගෙන.”—දිමිත්‍රී.

ඔයා රස්සාවක් හොයන කෙනෙක් නම් . . .

  • මුල් පියවර ගන්න. වේකන්සියක් දාලා තිබුණේ නැතත් ආයතනවලට කෝල් කරලා ඔයාට ගැළපෙන රස්සාවක් තියෙනවාද කියලා අහලා බලන්න. ඔයා රස්සාවක් හොයනවා කියලා යාළුවන්ට, පවුලේ අයට කියලා තියන්න.

  • තත්වයට අනුව හැඩගැහෙන්න. මොකද ඔයාට ඕනෙ හැම දෙයක්ම තිතටම ලැබෙන රස්සාවක් හොයාගන්න පුළුවන් වෙන එකක් නැහැ.

දෙමාපියන් ගෙදර වියහියදම් ගැන කතා කරද්දී දරුවන් වත්තේ සෙල්ලම් කරනවා.

තවත් දැනගන්න. “ලැබෙන ආදායම අඩු වෙලාද?” කියන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න