ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sg 9 පාඩම 26-28 පි.
  • කථා සැකිල්ලක් පිළියෙළ කිරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කථා සැකිල්ලක් පිළියෙළ කිරීම
  • දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • සමාන තොරතුරු
  • දළ සටහනක් පිළියෙළ කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • තේමාව සහ මූලික කරුණු කැපී පෙනෙන්නට සැලැස්වීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • දළ සටහනක් භාවිත කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • මූලික කරුණු කැපීපෙනෙන්නට සැලැස්වීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
sg 9 පාඩම 26-28 පි.

9 පාඩම

කථා සැකිල්ලක් පිළියෙළ කිරීම

1-4 කථාවක තේමාව සහ ප්‍රධාන කරුණු තීරණය කළ හැක්කේ කෙසේ ද?

1 “මමත් මුළ පටන් ක්‍රමයට සියලු කාරණා හරියාකාර ව විමසා බලා, ඒ දේ පිළිවෙළින් ඔබට ලියා එවීම සුදුසු යයි සිතුවෙමි” කියා ශුභාරංචි ලේඛක ලූක් තම මිත්‍ර තියෝපිලස්ට කීවේ ය. (ලූක් 1:3, NW) ඉතින් පර්යේෂණ කොට, තමාගේ විෂයට අදාළ කරුණු රැසක් එකතු කළායින් පසු, ඒවා වටහා ගත හැකි අනුපිළිවෙළකට සංවිධානය කිරීමේ ඔහු නිරත විය. අපේ කථා සූදානම් කිරීමේ දී ද මෙම ක්‍රියා පටිපාටිය ම අනුගමනය කිරීම අපට වාසිදායක ය. මින් අදහස් කරන්නේ කථා සැකිල්ලක් පිළියෙළ කිරීම ය.

2 ප්‍රධාන අදහස් තෝරා ගැනීම. කථා කිරීමේ අරමුණ, විශේෂයෙන් දෙවියන් වහන්සේගේ වචනය සාකච්ඡා කිරීමේ අරමුණ තවත් කෙනෙකුගේ මනසට අදහස් පැමිණ වී ම වන නිසා, කථාවක් මගින් අප එසේ පැමිණ වීමට බලාපොරොත්තු වන අදහස්, අපේ මනසේ ප්‍රථමයෙන් පැහැදිලි ලෙස නිර්වචනය කර ගත යුතු ය. ඔබ කරුණු රැස් කළායින් පසු ඔබේ කථාවේ අවසානයේ දී, ඔබේ ශ්‍රාවකයන් විසින් මතක තබා ගත යුතු වන්නේ කුමක් දැයි තීරණය කළ හැකි තත්ත්වයක ඔබ සිටින්නෙහි ය. මෙය එක් වගන්තියකින් ප්‍රකාශ කිරීමට වෑයම් කරන්න. මෙය ඔබේ කථාවේ සාරාංශය, හෙවත් ඔබට ඔබේ ශ්‍රාවකයන් විසින් මතක තබා ගැනීමට අවශ්‍ය කේන්ද්‍රීය අදහස අඩංගු කරයි නම්, එය ඔබේ කථාවේ තේමාව විය යුතු ය. එය ඔබට නැවත නැවත බැලිය හැකි වන පරිදි ලියා තැබීම ඔබට උපකාරී වනු ඇත.

3 දැන් ඔබ රැස් කර ගත් කරුණුවලින් මෙම කේන්ද්‍රීය තේමාව ඉදිරිපත් කිරීමට අවශ්‍ය ප්‍රධාන අදහස් තෝරා ගන්න. මේවා කථාවේ ප්‍රධාන කරුණු විය යුතු ය. ඔබ ඔබේ කරුණු කාඩ් පතක සටහන් කර ඇත්නම්, ඒවා ඔබ ඉදිරියේ මේසයක් මත අනුපිළිවෙළින් තැබිය හැකි ය. දැන් මෙම ප්‍රධාන කරුණු සනාථ කිරීමට අවශ්‍ය වෙනත් අදහස් තෝරා ගෙන, ඒවා මගින් සනාථ වන එක් එක් ප්‍රධාන කරුණට ආසන්න ව තබන්න. රැස් කර ගත් කරුණු සහ උප-කරුණු තෝරා ගැනීමේ දී සහ අනුපිළිවෙළට සකස් කිරීමේ දී මේවායින් සමහරක් ඔබේ තේමාවේ අර්ථය පැහැදිලි කිරීමට වැදගත් ලෙස උපකාරී නොවන බව පෙනී යනු ඇත. තත්ත්වය එසේ නම්, ඒවා ඉවත් කිරීමට මැළි නොවන්න. ඔබේ කථාව නොවැදගත් හෝ අදාළ නැති කරුණුවලින් පුරවනවාට වඩා මෙසේ කිරීම හොඳ ය. එමෙන් ම, අදහස් ඉතා ම තර්කානුකූල ව ද, ප්‍රායෝගික අනුපිළිවෙළින් ද සකස් කිරීමට වග බලා ගන්න. මෙහි යෝජනා කර ඇති ක්‍රමය අනුගමනය කිරීම නිසා අඛණ්ඩ ව පැවතීමේ දෝෂ පහසුවෙන් දැකිය හැකි අතර, ඒවා නිවැරදි කිරීමට ද හැකි වනු ඇත. මෙසේ සැකිල්ලේ එක් එක් ප්‍රධාන ශීර්ෂය එකිනෙකට තර්කානුකූල අනුපිළිවෙළකින් සම්බන්ධ වන බවටත්, ප්‍රධාන තේමාවේ වර්ධනයට දායක වන බවටත්, ඔබට වග බලා ගත හැක. එමෙන් ම, ඒ ප්‍රධාන ශීර්ෂය යටතේ එන එක් එක් කරුණ ආධාරයෙන් කථාව තර්කානුකූල අදහස් ගලා යෑමකින් යුක්ත වන බවට නිසැක ය.

4 ඔබ මෙසේ සංවිධාන කළ උපදේශාත්මක කරුණු ඔබේ කථාවේ ශරීරය වනු ඇත. දැන් ඔබට අවශ්‍ය ව ඇත්තේ හැඳින්වීමක් සහ අවසානයක් ය. ඔබේ සාකච්ඡාව ආරම්භ කිරීමට අවශ්‍ය වන්නේ කෙසේ දැයි තීරණය කරන්න. එමෙන් ම, ඔබ සූදානම් කර තිබෙන ඉදිරිපත් කිරීමේ පදනම මත, ඔබේ කථාවේ අරමුණට එකඟ ව සවන් දෙන්නන් පොලඹවන්නා වූ අවසානයක් තෝරා ගන්න. දැන් ඔබ ව මෙම කරුණුවලින් සාධාරණ අවසාන ආකෘතියක් සකස් කිරීමට සූදානම් ය. මෙය කළ හැකි ක්‍රම විවිධ ය.

5, 6. මාතෘකා සැකිල්ලක් හා වාක්‍යය සැකිල්ලක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

5 කථා සැකිලි වර්ග. මාතෘකා සැකිල්ල සහ වාක්‍ය සැකිල්ල යනුවෙන් පොදුවේ භාවිතා වන සැකිලි දෙවර්ගයකි. බොහෝ විට මේ දෙකේ සංයෝජනයක් භාවිතා කරනු ලැබේ. මාතෘකා සැකිල්ලක් සූදානම් කිරීම සඳහා පිටුවේ උඩ ම පේළියේ තේමාව සඳහන් කරන්න. ඉන් පසු මෙම තේමාව යටතේ ප්‍රධාන කරුණු කෙටියෙන් ලියන්න. එක් එක් ප්‍රධාන කරුණ, පිටුවේ වම් මායිමෙන් ආරම්භ විය යුතු ය. එක් එක් ප්‍රධාන කරුණ සනාථ කරන උප කරුණු ඒ ප්‍රධාන කරුණට යටින් තීරයට ටිකක් දකුණෙන් ලිවිය හැක. මෙම උප කරුණු සනාථ කරන්නා වූ තවත් අමතර කරුණු ඇත්නම්, ඒවා තවදුරටත් පේළියේ මැද යෙදිය හැක. දැන් ඔබට ඔබේ කොළය දෙස බැලීමෙන් ඔබේ සබය විසින් වටහා ගත යුතු කැපී පෙනෙන කරුණු මොනවා දැයි ඔබට දැන ගත හැක. ඔබට ඔබේ කථාව ඉදිරිපත් කිරීමේ දී, මෙම ප්‍රධාන කරුණු අවධාරණය කිරීමට මෙය උපකාරී වනු ඇත, එමෙන් ම, ඔබ කථා කරන විට, අවධාරණය සඳහා එක් එක් ප්‍රධාන අදහසේ වැදගත් වචනය නැවත කීමට හැකි වන නිසා එය හොඳින් කාවැද්ද වීමට උපකාරී වනු ඇත. ඔබ එක් එක් ප්‍රධාන කරුණ සාකච්ඡා කරන විට, මෙම ක්‍රමය අනුගමනය කරන්න. මෙම වර්ගයේ කථා සැකිල්ලක දී මුල් තැන දෙන්නේ සලකා බලන ඕනෑ ම කරුණක් ලුහුඬින් දැක්වීමට ය.

6 අනෙක් සාමාන්‍ය වර්ගය වාක්‍යය සැකිල්ල ය. මෙම වර්ගයේ සැකිල්ලක ලක්ෂණය වන්නේ, ඔබේ විවිධ අදහස් සම්පූර්ණ නමුත් කෙටි කරන ලද වාක්‍යය මගින් ප්‍රකාශ කිරීමයි, එවිට එක් එක් වාක්‍යය කථාවේ ඡේදයක ප්‍රධාන අදහස ඉදිරිපත් කරයි. කථාවේ ප්‍රධාන කරුණු ඉස්මතු කොට දැක්වීම සඳහා මෙම වාක්‍යවලින් සමහරක් වෙන වාක්‍යයන් යටතේ ටිකක් දකුණෙන් දැක්විය හැක. කථාව ඉදිරිපත් කිරීමේ දී සමහර විට කථිකයා විසින් මෙම වාක්‍යය කියවා ඉන් පසු හිටිවන අන්දමින් විස්තර කරනු ලැබිය හැක. සැකිලි දෙවර්ගයේ ම වාසි ඇත. අදහස් වඩා සම්පූර්ණ ලෙස ප්‍රකාශ වී ඇති වාක්‍යය සැකිල්ල සති ගණනකට කලින් සූදානම් කරනු ලබන කථා සඳහා සහ ප්‍රසිද්ධ කථා වැනි මාස කිහිපයක පරතරයකින් පසු දෙනු ලබන කථා සඳහා වඩා හොඳ ය.

7, 8. කථාව ඉදිරිපත් කිරීමේ දී ඔබට ඔබේ සැකිල්ල සමඟ කුමක් කළ හැකිද?

7 ඔබේ මූලික සැකිල්ල වශයෙන් වාක්‍යය සැකිල්ල හෝ මාතෘකා සැකිල්ල යන දෙකෙන් එකක් භාවිතා කළ හැකි අතර, එය ඔබට අවශ්‍ය තරම් සම්පූර්ණ විය හැක. මේ අන්දමට, ඔබේ සබයට ලැබිය යුතු යයි ඔබ කැමති වන සියලු ම කදිම කරුණු ඇතුළත් වන බවට ඔබට ස්ථිර විය හැක. කෙසේ වුවත්, කථාව ඉදිරිපත් කිරීම සඳහා වඩා කෙටි සැකිල්ලක් සමහරු ප්‍රිය කරති. ඉදිරිපත් කිරීම සඳහා ඔබ කථාව සූදානම් කරද්දී, සැකිලි දෙක ම ඔබ ඉදිරියෙහි තබාගත හැක. ඔබ කථාව සූදානම් කර ඇති මූලික සැකිල්ලේ වඩා සවිස්තර කරුණු මතකයට එන තුරු වඩා කෙටි සැකිල්ල උපයෝගි කර ගනිමින් කථාව ඉදිරිපත් කිරීමට පුහුණු වන්න. මෙම කෙටි සැකිල්ලේ ඇති කරුණු ඔබට සිහියට නැගිය හැකි වන විට ඔබ කථාව ඉදිරිපත් කිරීමට සූදානම් ය.

8 මේ වනාහි කථා සැකිල්ලක් සූදානම් කිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන කරුණු ය. දැන් කථාවක මූලික කොටස් තුන පිළිබඳ ව සලකා බැලීම අපට ප්‍රයෝජනදායක ය.

9-12. (අ) කථාවක හැඳින්වීමේ අරමුණ කුමක් ද? (ආ) එක් හැඳින්වීම් වර්ගයක නිදසුනක් දෙන්න.

9 හැඳින්වීම. හැඳින්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ ඔබට සවන් දෙන්නන්ගේ උනන්දුව අවදි කිරීම ය. ඔබේ විෂය ගැන ඔවුන්ගේ උනන්දුව ප්‍රබෝධ කිරීමටත් එය වැදගත් වන්නේ මන්දැයි වටහා ගැනීමට උපකාර කිරීමටත්, ආරම්භක වැකි සමත් විය යුතුයි. විශේෂයෙන් ම පළමුවැනි වගන්තිය ගැන සුපරීක්ෂාකාරී ලෙස සිතා බැලිය යුතු ය. එය ඔබට සවන් දෙන්නන් සමඟ ප්‍රසන්න සම්බන්ධයක් ඇති කර ගැනීමට ඉවහල් විය යුතු අතර, එය ආධානගාහී (සිය මතයේ දැඩි ලෙස එල්බ සිටින) හෝ විරුද්ධ කර ගන්නා වූ එකක් නොවිය යුතු ය.

10 හැඳින්වීම් වර්ග බොහොමයක් ඇත. මෙහි දී උපහැරණයක් භාවිතා කළ හැක. එසේත් නැත්නම් සවන් දෙන්නන්ට සුපුරුදු උපුටා ගැනීමක් සඳහන් කළ හැකි ය. විසඳීමට අවශ්‍ය ගැටලුවක් ඔබ විසින් හැඳින්විය හැක. විෂයට අදාළ ඓතිහාසික පසුබිම එහි හැඳින්වීම වශයෙන් යොදා ගත හැක. ප්‍රශ්න මාලාවක් ගෙන හැර දැක්විය හැක. ඔබ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ප්‍රධාන කරුණු පවා කෙටියෙන් සඳහන් කළ හැක.

11 හැඳින්වීම කථාවට හොඳින් ගැළපීම වැදගත් ය. මෙසේ කැපී පෙනෙන උපහැරණයක් බොහෝ කාර්ය සාධක එකක් විය හැක, විශේෂයෙන් ම මුළු කථාව තුළ ම එයට නැවත නැවත අවධානය යොමු කළ යුතු ය. කථාව වඩා රසවත් සහ පහසුවෙන් වටහා ගෙන මතක තබා ගැනීමට මෙය සහාය වනවා පමණක් නොව, උපහැරණය හොඳින් තෝරා ගෙන තිබේ නම්, කථාව ඒකාබද්ධ කිරීමට ද උපකාර වනු ඇත.

12 සබය පෙන්වන උනන්දුවේ ප්‍රමාණය හැඳින්වීම ඉදිරිපත් කරන විලාසය මත බොහෝ දුරට රඳා පවතී. කථිකයා බාධාවකින් හෝ පැකිලීමකින් තොර ව ස්ථිර, නිසැක ස්වරයකින් කථාව ආරම්භ කළ යුතු ය. මේ හේතුව නිසා, පහසු ආරම්භයක් සහතික කර ගැනීම සඳහා පළමු වැනි වගන්තිය හෝ දෙක සම්පූර්ණයෙන් ලියා ගැනීම උපකාරයක් බව ඇතැම් කථිකයෝ සලකති.

13-16. (අ) කථාවක ශරීරය වර්ධනය කළ හැකි අයුරු පැහැදිලි කරන්න. (ආ) කථාවක් සඳහා වෙන් වී ඇති කාලය එහි කථා ශරීරය සූදානම් කිරීම කෙරෙහි බලපෑ යුත්තේ කෙසේ ද?

13 කථාවේ ප්‍රධානාංගය. ඔබේ කථාවේ ප්‍රධානංගය හෙවත් කථා ශරීරය වර්ධනය කළ හැකි ක්‍රම බොහොමයක් ඇත. අඩු වටිනාකමක් ඇති කරුණු ප්‍රථමයෙන් සඳහන් කොට, ඉන් පසු ව ඉතා වැදගත් කරුණු අවසාන වශයෙන් සඳහන් කරමින් උච්චාවස්ථාවක් කරා ළඟා වීමට ඔබට අවශ්‍ය විය හැක. ක්‍රියා 7:2-53 හි ඇති වාර්තාවේ සඳහන් කර ඇති පරිදි කරුණු කාල පිළිවෙළ අනුව ද ඉදිරිපත් කළ හැක. සමස්ත තේමාව වර්ධනය කර ඇති ප්‍රධාන කොටස්වල පදනම අනුව කථාව කොටස් කර ගැනීම තවත් හොඳ ක්‍රමයකි. නිදසුනක් හැටියට, “මරණයෙන් මිදීමක්” යන තේමාව ගනිමු. මෙය “මරණය පැමිණියේ කෙසේ ද,” “මනුෂ්‍ය වර්ගයාට මිදීමක් ළඟා කර ගත නොහැක,” සහ “එය ලබා දිය හැක්කේ කාට පමණක් ද, තව ද ඒ මන්ද,” සහ “මිදීමෙන් ආශීර්වාද සපයනු ලැබේ,” යන ප්‍රධාන කරුණු යටතේ එය වර්ධනය කළ හැක.

14 සමහර අවස්ථාවල දී ඔබේ කථාව ස්වාභාවික වර්ගීකරණයකට භාජනය කළ හැකි බව ඔබට පෙනී යනු ඇත. නිදසුනක් හැටියට, පාවුල් ප්‍රථමයෙන් මුළු සභාවට ම ද, ඉන් පසු පිළිවෙළින් භාර්යාවන්, ස්වාමිපුරුෂයන් සහ දරුවන්ට ද උපදෙස් දුන්නේ ය. (එපීස 5වන සහ 6වන පරිච්ඡේද බලන්න.) එසේ නැත්නම් ඔබේ කරුණු සඳහා හේතුව සහ ඵලය හෝ ගැටලුව සඳහන් කිරීම සහ විසඳුම ඉදිරිපත් කිරීම ආදි වශයෙන් වර්ධනය කළ හැක. සමහර අවස්ථාවල දී මෙම ක්‍රමවලින් දෙකක් හෝ කිහිපයක් ඵලදායී ලෙස සංයෝජනය කොට භාවිතා කළ හැක.

15 කාල ගණිතය ගැන අවශ්‍යයෙන් ම නොතකා කෙළින් ම සිද්ධීන් වාර්තා කිරීම කථාවක් වර්ධනය කිරීම සඳහා බහුල වශයෙන් භාවිතා කරනු ලබන ක්‍රමයකි. විස්තරාත්මක කරුණු කථාවේ අලංකාරය බොහෝ සේ වැඩි කරයි. වර්තමානයට අදාළ ප්‍රශ්නයකට පක්ෂ ව හෝ විපක්ෂ ව තර්ක ඉදිරිපත් කිරීම මගින් වෙනත් කථා වර්ධනය කළ හැකි තවත් උනන්දුව පළවෙන ක්‍රමයකි.

16 කාලය සැලකිල්ලට ගනිමින් ඔබේ සැකිල්ලට ප්‍රමාණයට වඩා කරුණු ඇතුළත් නොකරන්න. වර්ධනය කිරීම සඳහා ප්‍රමාණවත් කාලය වෙන් කොට නොමැති නම්, වටිනා කරුණුවල අගය නැති වී යනු ඇත. ඇරත් එක ම අවස්ථාවක පුද්ගලයෙක් යම් විෂයක් පිළිබඳ ව තමා දන්නා සියලු ම කරුණු සඳහන් කිරීම අවශ්‍ය නැත. සමහර විට තවත් අවස්ථාවක දී එම මාතෘකාවේ ම වෙනත් කෝණයක් වර්ධනය කළ හැක. එක් එක් ප්‍රධාන කරුණට ප්‍රමාණවත් කාලය වෙන් කොට කාලයට සරිලන පරිදි කරුණු ප්‍රමාණය සකස් කර ගන්න. වැදගත් වන්නේ කරුණුවල ප්‍රමාණාත්මකභාවය නොව, ගුණාත්මක වටිනාකම ය.

17-20. කථාවක අවසානයන් වැදගත් වන්නේ මන්ද, එමෙන් ම ඒවා ගොඩනැගිය හැකි ආකාරයන් මොනවා ද?

17 අවසානය. කථාවක අවසාන කොටස සැලකිලිමත් අවධානයෙන් යුක්ත ව සූදානම් කළ යුතු ය. එහි අරමුණ කථාවේ ශරීරයේ ඉදිරිපත් කරන ලද ප්‍රධාන කරුණු එකට කැටි කොට සවන් දෙන්නන්ට නිසැකකමක් ඇති වන විධියට ඒවා නාභි ගත කිරීමත් සමඟ ම එම නිසැකකමට එකඟ ව ක්‍රියා කිරීමට ඔවුන් පෙලඹවීමත් ය. ඒ අතර ම එය කෙටි සහ මාතෘකාවට ගැළපෙන එකක් විය යුතු ය.

18 ඔබ වර්ධනය කර ඇති තේමාවට අනුව කථාව අවසාන කළ හැකි ක්‍රම කිහිපයකින් එකක් ඔබට තෝරා ගත හැක. නිගමනය වශයෙන් ලැබිය යුතු අවසානය දක්වා නොවරදින ලෙස මඟ පෙන්වන අන්දමට කථාවේ ප්‍රධාන කරුණු තර්කානුකූල අනුපිළිවෙළකට සාරාංශයක් වශයෙන් ඔබට ඉදිරිපත් කළ හැක. එසේ නැත්නම්, තොරතුරු ශ්‍රාවකයාට අදාළ වන ආකාරය සහ එම තොරතුරු ඔහුට උපයෝගි කළ හැකි ආකාරය පෙන්වා දෙන්නා වූ අවසානයක් ඔබට යොදා ගත හැක. ගෙයින්-ගෙට සේවයේ ඉදිරිපත් කරන දේශනා වැනි ඇතැම් කථා සම්බන්ධයෙන් පොලඹ වන්නා වූ අවසානයක් යොදා ගැනීම ඉතා හොඳ ය. නිදසුනක් හැටියට ඔබ ඉදිරිපත් කරන පොත් පත් පිළිගැනීමට හෝ ඔහුගේ නිවසේ බයිබල් පාඩමක් පැවැත්වීමේ සැලසුමකට එකඟ වීම සඳහා ඔහු ව දිරිගැන්වීමට ඔබට හැක.

19 ශ්‍රාවකයාගේ මනසට කාවැද්දිය යුතු ප්‍රධාන කරුණු කරා මඟ පෙන්වන්නා වූ උච්චාවස්ථාවක් ඇති කරන අවසානයක් ද යොදා ගත හැක. කථාව සඵල ලෙස නිම කිරීම සඳහා හැඳින්වීමේ සඳහන් කරන ලද යම් කරුණක් සමඟ සම්බන්ධ කිරීම සුදුසු ය. ආරම්භක උපහැරණයක් හෝ උද්ධෘත පාඨයක් නැවත සඳහන් කළ හැක. බොහෝ විට යම් තීරණයක් ගෙන, ඒ අනුව ක්‍රියා කිරීමේ හදිසි අවශ්‍යතාවය අවසානයේ සඳහන් කරනු ලැබේ. තමාගේ මරණයට නොබෝ කලකට පෙර, යෝෂුවා කළ සමුගැනීමේ කථාවේ අවසානය මෙයට මූලික නිදසුනක් හැටියට ගත හැක.—යෝෂු. 24:14, 15.

20 එබැවින්, හොඳින් සකස් කරන ලද කථාවක් උනන්දුව ඇති කරන හැඳින්වීමක් සැපයිය යුතු ය. තේමාව සනාථ කිරීම සඳහා සුපරීක්ෂාකාරී ලෙස තෝරා ගත් ප්‍රධාන කරුණු තර්කානුකූල ව ගොඩනැගීමක් එයට ඇතුළත් විය යුතු ය. එමෙන් ම, ඉදිරිපත් කරන ලද බයිබල් උපදෙස්වලට එකඟ ව ක්‍රියා කිරීමට ශ්‍රාවකයන් ව පෙලඹවීමට සමත් වන්නා වූ අවසානයක් ඊට තිබිය යුතු ය. මේ අංග සියල්ලක් ම සූදානම් කළ යුත්තේ කථා සැකිල්ල සකස් කරන අවස්ථාවේ දී ය. ඔබේ කථා සැකිල්ල කුසලතාවෙන් යුතු ව සකස් කිරීම නිසා ඔබට කාලය ඉතිරි වන අතර, අර්ථවත් කථාවක් සූදානම් කිරීමට එය මහත් සේ දායක වේ, මෙවැනි කථාවක් ඔබට සවන් දෙන්නන්ගේ මනසට වටිනා උපදෙස් නොමැකෙන ලෙස කාවද්දවයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න