ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sg 26 පාඩම 75-77 පි.
  • පුනරුක්තිය සහ අභිනය භාවිතය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පුනරුක්තිය සහ අභිනය භාවිතය
  • දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • **********
  • අභිනය සහ මුහුණේ ඉරියව්
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • අවධාරණය සඳහා නැවත කීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • උපදෙස් වර්ධනය ගෙන දෙයි
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • ප්‍රධාන කරුණු ඉස්මතු කරන්න
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
sg 26 පාඩම 75-77 පි.

26 පාඩම

පුනරුක්තිය සහ අභිනය භාවිතය

1-3. පුනරුක්තිය ඉගැන්වීමේ දී අවශ්‍ය ම ශිල්ප ක්‍රමයක් වන්නේ මන්ද?

1 කථාවක් පැවැත්වීමේ දී ඔබේ අරමුණ විය යුත්තේ ඔබට සවන් දෙන්නන් විසින් තොරතුරු මතක තබා ගෙන ඒවා ප්‍රයෝජනයට ගත හැකි ව තිබීමයි. ඒවා ඔවුහු අමතක කළහොත්, එයින් ඔවුන්ට ප්‍රයෝජනයක් නොලැබෙති. ඔබ කියන දේ ඔවුන්ගේ සිත්වල ධාරණය කර ගැනීමට ඔබට උපකාර කළ හැකි ප්‍රධාන ක්‍රමවලින් එකක් නම් වැදගත් ම කරුණු නැවත කීමයි. ඒ නිසා ම පුනරුක්තිය හෙවත් නැවත කීම වනාහි ධාරණයේ මාතාව හැටියට හඳුන්වා තිබීම සුදුසු ය. පුනරුක්තිය වනාහි ඉගැන්වීමේ ශිල්ප ක්‍රමවලින් වැදගත් එකකි. ශුද්ධ ලියවිලි භාවිතා කිරීම පිළිබඳ ව ඔබ පුනරුක්තියේ වටිනාකම ගැන දැනටමත් ඉගෙන ගෙන ඇත. එහෙත් “අවධාරණය සඳහා පුනරුක්තිය” ඔබේ කථික උපදෙස් පත්‍රිකාවේ වෙන ම සඳහන් කොට ඇත්තේ එය ඔබේ කථාවේ වෙනත් කොටස්වලට ද අදාළ වන නිසා ය.

2 ඔබට අවධාරණය සඳහා පුනරුක්තිය භාවිතා කිරීම සඳහා ප්‍රවීණත්වයක් ලබා ගැනීමට සහාය වීමේ අරමුණෙන් අපි එය අංශ දෙකකින් සලකා බලමු. එක් එක් අංශයට වෙනස් පුනරුක්තියක් අදාළ ය: එක් එක් අංශයේ අරමුණ වෙනස් ය. ප්‍රධාන කරුණු පුනරුක්තිය මතකයට ආධාරයකි. නොවැටහුණු කරුණු පුනරුක්තිය අවබෝධයට සහායකි.

3 මෙම කථික ගුණාංගය සලකා බැලීමේ දී කථාව ඉදිරිපත් කිරීම පමණක් නොව එයට සූදානම් වීම ද ඉතා වැදගත් ය. නැවත කිව යුත්තේ කුමන අදහස ද සහ ඒවා නැවත කිව යුතු අවස්ථාව කුමක් ද යන්න කලින් ම තීරණය කළ යුතු ය.

4-6. ප්‍රධාන කරුණු නැවත කීම සඳහා “ප්‍රගති” සාරාංශය සහ “අවසාන” සාරාංශය පාවිච්චි කළ හැක්කේ කෙසේ දැයි විස්තර කරන්න.

4 ප්‍රධාන කරුණු පුනරුක්තිය. ප්‍රධාන කරුණු නැවත කියනු ලබන්නේ බොහෝ විට යම් විධියක සාරාංශයක් මගිනි. අපි කැපී පෙනෙන සාරාංශ වර්ග දෙකක් සාකච්ඡාවට ගනිමු. ඉන් එකක් “ප්‍රගති” සාරාංශය වශයෙන් ද අනෙක “අවසාන” සාරාංශය වශයෙන් ද හඳුන්වමු.

5 ප්‍රගති සාරාංශය යනු සලකා බලනු ලැබූ සෑම කරුණක ම මූලික අංග පුනරීක්ෂණය කිරීමයි. කලින් සඳහන් කළ කරුණේ මූලික අංග ඊළඟ සාරාංශයට සම්බන්ධ කිරීමයි. මේ අන්දමින් කථාවේ අඛණ්ඩතාවය නිතර ම ශක්තිමත් වේ.

6 කථාව අවසානයේ දී අවසාන සාරාංශයක් ඉදිරිපත් කරනු ලැබේ, ප්‍රගති සාරාංශයක් සමඟ හෝ නැතුව හෝ මෙම අවසාන සාරාංශය උපයෝගි කළ හැක. මෙම අවසාන සාරාංශයෙන් කරනු ලබන්නේ සෑම දෙයක් ම එකට කැටි කොට සම්පූර්ණ කථාවේ ම කෙටි ප්‍රකාශ ස්වල්පයක් විචාරීමයි. ඉඳ හිට, පුනරීක්ෂණය කරන්නට යන කරුණු සංඛ්‍යාව සඳහන් කිරීම උපකාරී විය හැක. මෙය මතකයට අමතර ආධාරයකි.

7-10. සාරාංශය-වර්ගයේ පුනරුක්තිය රසවත් ලෙස වර්ධනය කළ හැක්කේ කෙසේද?

7 සාරාංශය නිරස ලෙස කරුණු හෝ අදහස් නැවත සඳහන් කිරීමක් ම වීමට අවශ්‍ය නැත. එය විධි කිහිපයකින් ඉටු කළ හැක: එනම් උපමාවක්, ශුද්ධ ලියවිලි පදයක්, වෙනත් දෘෂ්ටි කෝණයකින් සමාන කරුණක් ඉදිරිපත් කිරීමක්, සමාන අසමානකම් පෙන්වා දීමක්, සමාන්තරතාවයක් පෙන්වා දීමක්, පර්යාය වචන සහ ප්‍රශ්න භාවිතා කිරීමක්, ආදි ක්‍රම මගින් කළ හැක. උදාහරණයක් වශයෙන්, ප්‍රසිද්ධ කථාවක ප්‍රායෝගික සාරාංශයක් කෙටි, මූලික ශුද්ධ ලියවිලි පද සහ කථාවේ ප්‍රධාන තර්ක ඇතුළත් විනාඩි-පහක කොටසක් විය හැක. මෙය මුළු කථාවේ ම සම්පිණ්ඩනයකි හෙවත් කැප්සියුලයකි. එය සෑම දෙනාට ම ගෙන ගොස් භාවිතා කළ හැක.

8 සාරාංශ පුනරුක්තිය විශේෂයෙන් ම උපකාරවත් වන්නේ හේතු සහ තර්ක ඇතුළත් කථා සම්බන්ධයෙන් ය, සාකච්ඡාව සහ කෙටි පුනරීක්ෂණය අතර ගත වන කාලයේ දී අදහස් වඩා ගැඹුරු ලෙස සවන් දෙන්නන්ගේ මනස් තුළට කාවැද්දවීමට ආධාර වේ. එහෙත් සෑම විට ම කරුණක සාරාංශය ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැත. බොහෝ විට වර්ධනය කිරීමට තිබෙන තවත් කරුණක ආරම්භක පදනමක් හැටියට ද එය පසු ව සඳහන් කළ හැක.

9 ප්‍රධාන කරුණු නැවත කිව හැකි තවත් මාර්ගයක් නම්, ඒවා සියල්ලක් ම කථාවේ හැඳින්වීම තුළ කෙටියෙන් දක්වා, පසු ව කථාවේ ශරීරය තුළ එකින් එක සවිස්තර ලෙස සාකච්ඡා කිරීමයි. මෙම පුනරුක්තිය අදහස් තවදුරටත් මනසට කාවැද්දවීමට ආධාර වේ.

10 ප්‍රධාන කරුණු නැවත කීම පිළිබඳ මෙම විවිධ ක්‍රම හඳුනා ගැනීමෙන්, කථාවක් උනන්දුව ඇති කරවන සුලු රස වින්දනයක් ලබා දෙන, එමෙන් ම පහසුවෙන් මතක තබා ගත හැකි එකක් කිරීමට සැලැස්විය හැක.

11-14. නොවැටහුණු කරුණු නැවත කීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධක මොනවාද?

11 නොවැටහුණු කරුණු පුනරුක්තිය. අවබෝධය සඳහා කරුණක් නැවත කියවනවා ද නැද්ද යන්න තීරණය වන්නේ සම්පූර්ණයෙන් ම පාහේ සවන් දෙන්නන් සලකා ගෙන ය. එය වැදගත් කරුණක් වූ විට දී ද එයට කිහිප වතාවක් නැවත සවන් දීමට අවස්ථාව නොදුන්නොත් ඔවුන්ට එය නොවැටහෙන බව පෙනී ගිය විට දී ද ඔබ එය යම් ආකාරයකින් නැවත සලකා බැලිය යුතු ය, ඔබ එසේ නොකළහොත් ඔබේ කථාවේ අවසානය දක්වා සබය සවන් නොදෙනු ඇත. අනෙක් අතට, අවධාරණය සඳහා නොයෙදෙන ලද අනවශ්‍ය පුනරුක්තිය නිසා කථාව දිග, එමෙන් ම නිරස වචන ගොඩක් පමණක් බවට පත් වනු ඇත.

12 ඔබට සවන් දෙන්නන් ව මනසේ තබා ගෙන කථාව සූදානම් කරන්න. සවන් දෙන්නන්ට ඇති විය හැකි සුවිශේෂ ගැටලු මොනවා දැයි ඔබට යම් ප්‍රමාණයකින් අපේක්ෂා කළ හැකි විය යුතු ය. එවැනි අදහස් විවිධ දෘෂ්ටි කෝණවලින් දැකිය හැකි විධියට ඒවා නැවත කියන්න.

13 ඔබ කියන දේ සවන් දෙන්නන්ට නොවැටහුණු බව ඔබට දැන ගත හැක්කේ කෙසේ ද? ඔබට සවන් දෙන්නන් දෙස බලන්න, ඔවුන්ගේ මුහුණුවල ඉරියව් සහ ඉඟි නිරීක්ෂණය කරන්න. එසේ නැත්නම්, ඔබ කථා කරන්නේ පුද්ගලයන් එක් කෙනෙකුට හෝ දෙදෙනෙකුට නම් ඔවුන්ගෙන් ප්‍රශ්න අසන්න.

14 එහෙත් මෙය හොඳින් සැලකිල්ලට ගන්න: “එක ම වචන ම නැවත කීම ඔබේ අරමුණ ඉටු නොකරයි. ඉගැන්වීමට මීට වඩා යමක් ඇතුළත් ය. පළමු වරට ඔබට සවන් දෙන්නන්ට ඔබ කියන දේ නොවැටහුණොත්, එම වචන නැවත කීම ඔබ ව වටහා ගැනීමට සැලැස්වීමට ප්‍රමාණවත් නොවිය හැක. මේ සම්බන්ධයෙන් ඔබට කුමක් කළ හැකි ද? ඔබ අවස්ථානුකූල ව සකස් විය යුතු ය. සමහර විට ඔබේ කථාවට හිටිවන ලෙස අමතර කරුණු එකතු කිරීමට සිදු විය හැක. කථිකයෙක් හැටියට ඔබේ සඵලතාවය බොහෝ දුරට තීරණය වන්නට යන්නේ ඔබට සවන් දෙන්නන්ගේ අවශ්‍යතාවයන්ට මුහුණ දීමට ඉගෙනීම මත ය.

**********

15-18. කෙනෙක් විස්තර දක්වන අභිනය ඉගෙන ගන්නේ කෙසේ ද?

15 අභිනය ද ඔබ කියන දේ තවදුරටත් අවධාරණය කරයි, එමෙන් ම එය කියන ලද වචනයේ අර්ථය ස්ථිර කරයි. මේ අන්දමට එය අදහස් පරිපූර්ණ කරයි. එමෙන් ම පණ ගන්වයි. සාමාන්‍යයෙන් කිසිවෙක් කිසි ම විධියක අභිනයක් නැති ව කථා නොකරයි. එබැවින් වේදිකාව මත ඔබ කිසි ම අභිනයක් නොපෙන්නුවොත් ඔබ අපහසුතාවයකින් සිටින බව ඔබේ සවන් දෙන්නෝ දැන ගනිති. එහෙත් ඔබේ අභිනය ස්වාභාවික වූ විට සවන් දෙන්නෝ සිත යොමු කරන්නේ ඔබ වෙතට නොව; ඔබ කියන දේ වෙතට ය. ඔබ ව ප්‍රාණවත් කිරීමෙන් ඔබේ හැඟීම් ඉස්මතු කිරීමෙන් සහ එමගින් ඔබේ කථාව ප්‍රබෝධවත් කිරීමෙන් අභිනය ඔබට සහාය වෙයි. එය පොතකින් ගත් එකක් නොවිය යුතු ය. සිනාසීමට හෝ උදහස පෙන්වීමට ඔබ කවදාවත් ඉගෙන ගත්තේ නැත. ඒ නිසා වෙන කෙනෙකුගේ අභිනය අනුගමනය කිරීමට අවශ්‍ය නැත. ඔබේ අභිනය ස්වාභාවික සහ නිරායාස වූ තරමට එය වඩා හොඳ ය. කියන ලද වචනයට හැඟීම් ගැබ් කිරීම සඳහා සාත්වික අභිනය (මුහුණේ අදහස් ප්‍රකාශ කිරීම) සහ අංගික අභිනය අත්වැල් බැඳ ගනියි.

16 අභිනයේ ස්වභාවය අනුව එය විස්තර දක්වන අභිනය සහ අවධාරණාත්මක අභිනය යනුවෙන් පොදුවේ වර්ග දෙකකට බෙදිය හැක.

17 විස්තර දක්වන අභිනය. විස්තර දක්වන අභිනය ක්‍රියාව ප්‍රකාශ කරයි, එසේ නැත්නම් මිණුම සහ පිහිටීම පෙන්වයි. ඉගෙනීමට පහසු ම මාර්ග මේවා ය. ඉතින් වේදිකාවේ දී අභිනය දැක්වීම පිළිබඳ ව ඔබට ගැටලුවක් ඇත්නම් ප්‍රථමයෙන් සරල විස්තර දක්වන අභිනය පෙන්වීමට වෑයම් කරන්න.

18 පාසලේ දී මේ ගුණාංගය පුහුණු වන කාලයේ දී වරක් හෝ දෙවරක් අභිනය දැක්වීමෙන් සෑහීමට පත් නොවන්න. මුළු කථාව තුළ ම නිතර ම අභිනය දැක්වීමට වෑයම් කරන්න. එසේ කිරීම සඳහා දිශාව, දුර, ප්‍රමාණය, වර්ග ප්‍රමාණය, වේගය, පිහිටීම, අසමතාවය, සාපේක්ෂ තත්ත්වයන් සහ සන්සන්දනය පෙන්වන වචන සොයා ගන්න. අවශ්‍ය නම් එවැනි තැන්වල අභිනය පෙන්වීමට ඔබට මතක් වීම සඳහා මේවා යම් ක්‍රමයකින් ඔබේ සටහන්වල ලකුණු කර ගන්න. පළමු වතාවේ දී ම “හො” කියා ලකුණු කරනු ලැබුවත්, මෙම පුරුද්ද අඛණ්ඩ ව පවත්වා ගන්න. කථා ස්වල්පයක් දුන් පසු ඔබේ අභිනයන් ලකුණු කර ගැනීමට සහ ඒවා ගැන කලින් කල්පනා කිරීමට අනවශ්‍ය බවත්, ඔබ ස්වාභාවික ව ම අභිනය දක්වන බවත් ඔබට ම පෙනී යනු ඇත.

19, 20. අවධාරණාත්මක අභිනය කුමන අරමුණක් ඉටු කරයි ද?

19 අවධාරණාත්මක අභිනය. අවධාරණාත්මක අභිනය හැඟීම් සහ නිසැකකම ප්‍රකාශ කරයි. එය අදහස් පණ ගැන්වීමටත්, ප්‍රබල කිරීමටත්, කැපී පෙනීමටත් සලස්වයි. ඒ නිසා අවධාරණාත්මක අභිනය අත්‍යවශ්‍ය ය. එහෙත්, ප්‍රවේසම් වන්න! විශේෂයෙන් ම පුරුද්දක් බවට පත් වන්නේ අවධාරණාත්මක අභිනයයි. මෙය වැළැක්වීමට නම් පුනරුක්ත අභිනයෙන් වළකින්න.

20 පුරුද්දක් ලෙස අභිනය කිරීම ඔබේ ගැටලුව වන්නේ නම්, කලකට විස්තර දක්වන අභිනයට පමණක් ඔබ සීමා විය යුතු ය. ඔබ මේ වර්ගයේ අභිනය පිළිබඳ ව දක්ෂතාවයක් ලැබූ විට, අවධාරණාත්මක අභිනය නිරායාසයෙන් ම සිදු විය යුතු ය. ඔබේ අද්දැකීම් වර්ධනය වූ විට සහ ඔබ වේදිකාවේ අනායාසයෙන් කථා කිරීමට හැකියාව ලැබූ විට ඔබේ නිසැකකම සහ අවංකකම පෙන්නුම් කරමින්, ඔබේ අභ්‍යන්තර හැඟීම් ස්වාභාවික ලෙස ප්‍රකාශ කිරීමට අවධාරණාත්මක අභිනය සමත් වනු ඇත. ඒවා ඔබේ කථාවට අර්ථය ගෙන දෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න