29 පාඩම
ව්‍යක්තභාවය, සම්භාෂණ විලාසය සමඟින් සුදුසු උච්චාරණය
1-4. ඌන ව්යක්තභාවයට හේතු සහ ලක්ෂණ ඉදිරිපත් කරන්න.
1 ඔබ කථාවක් ඉදිරිපත් කිරීමට සභාවක් ඉදිරියට ගිය විට, බොහෝ විට සුදුසු වචන සොයා ගැනීමේ අසීරුතාවයකට ඔබ පත් වෙන්නෙහි ද? එසේ නැත්නම්, ශබ්ද නගා කියවන විට, ඇතැම් ප්‍රකාශ ගැන පැකිලෙන්නෙහි ද? එසේ නම්, ඔබට ව්‍යක්තභාවය පිළිබඳ ගැටලුවක් ඇත. ව්‍යක්ත කථිකයෙක් වචන භාවිතා කිරීම සම්බන්ධයෙන් සූදානම් ව සිටියි. එයින් අදහස් කරන්නේ ඔහු “චපල” පුද්ගලයෙක්, එනම්, නොසැලකිලි ලෙස හෝ වංක ලෙස නිදහසේ වචන යොදා ගන්නෙක් කියා නොවේ. එය මටසිලුටු හෝ මිහිරි සුන්දර හෙවත් පහසුවෙන් නිදහසේ ගලා යන කථාවකි. ව්‍යක්තභාවය, විශේෂ අවධානය සඳහා කථික උපදෙස් පත්‍රිකාවට ඇතුළත් කොට ඇත.
2 කථා කිරීමේ දී ව්‍යක්තභාවයේ ඌනතාවයට වඩාත් පොදු හේතු වන්නේ, පැහැදිලි ලෙස කල්පනා නොකිරීම හා තම කරුණු සූදානම් නොකිරීම ය. දුර්වල වාග් මාලාවක් සහ දුර්වල වචන තෝරා ගැනීමක් එයට හේතු විය හැක. කියවීමේ දී, ව්‍යක්තභාවයේ ඌනතාවයට සාමාන්‍යයෙන් හේතු වන්නේ ශබ්ද නගා කියවීම පිළිබඳ අඩු පුහුණුවයි, එහෙත් මෙහි දී ද වචන පිළිබඳ නොදැනුවත්කම පැකිලීමට හෝ බාධාවට හේතු විය හැක. ක්ෂේත්‍ර සේවයේ දී ඌන ව්යක්තභාවයට මෙම සාධක සංයෝගයක් සහ බයාදුකම හෝ අස්ථිරතාවය හේතු විය හැක. එහි දී ගැටලුව විශේෂයෙන් බරපතළ විය හැක, මක්නිසා ද ඔබේ ශ්රාවකයා ඇත්තෙන් ම ඔබෙන් ඉවත් ව යාමට ඉඩ තිබෙන නිසා ය. රාජ්‍යය ශාලාවේ දී ඔබේ ශ්‍රාවකයන් ඔබෙන් ඉවත් ව නොගියත්, ඔවුන්ගේ මනස් මංමුළාවන අතර ඔබ කියන බොහොමයක් දේ ඔවුන්ගෙන් ගිලිහී යනු ඇත. ඒ නිසා එය බරපතළ කාරණයකි; ව්‍යක්තභාවය අත් කර ගත යුතු ගුණාංගයකි.
3 බොහෝ කථිකයන් තුළ ඇති කලබල කර වන පුරුද්දක් නම් “ඉතින්-ආ” වැනි නුසුදුසු ශබ්ද උපයෝගි කිරීමයි. ඔබ මෙවැනි යෙදුම් භාවිතා කරවන ආකාරය පිළිබඳ ව හැඟීමක් නැත්නම් යමෙකු ලවා ඔබ කථා කරන විට එවැනි ප්‍රකාශ නිකුත් කරන සෑම වාරයක් ම පෙන්වා දීමට සලස්වන්න. ඔබ පුදුමයට පත් විය හැක.
4 වෙනත් පුද්ගලයෝ ප්‍රතිගමනයෙන් යුක්ත ව කථා කරති. එනම් ඔවුහු වාක්‍යයක් ආරම්භ කොට නවත්වා නැවත මුල සිට පටන් ගනිති. ඔබත් මෙම නරක පුරුද්දෙන් පෙළෙන්නෙහි නම් ඔබේ දෛනික කථා බහේ දී එය මැඩීමට වෑයම් කරන්න. ප්‍රථමයෙන් කල්පනා කොට අදහස මනසේ පැහැදිලි කර ගැනීමට සිහියෙන් යුක්ත ව උනන්දු වීමට වෑයම් කරන්න. ඉන් පසු නොනවත්වා එනම් අදහස “අතර මඟ” වෙනස් නොකොට සිතුවිලි සම්පූර්ණයෙන් කියන්න.
5-10. කථිකයෙකුගේ ව්‍යක්තභාවය දියුණු කිරීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා මොනවා ද?
5 තවත් දෙයක් ඇත. අදහස් ප්‍රකාශ කිරීමේ දී වචන භාවිතා කිරීමට අපි පුරුදු වී සිටිමු. ඒ නිසා කියන්නට අවශ්‍ය දේ කුමක් ද කියා අප දැන සිටියොත් වචන ස්වභාවයෙන් ම ගලා ආ යුතු ය. වචන ගැන සිතීමට ඔබට අවශ්‍ය නැත. ඇත්ත වශයෙන් ම, පුහුණුව සඳහා මනසේ අදහස් පැහැදිලි කර ගෙන ඉන් පසු වචන ගැන කල්පනා කිරීම වඩා හොඳ ය. මෙසේ කිරීමෙන් ඔබ කථා කරන්නට යන වචනවලට වඩා ඔබ කියන්නට යන අදහස ගැන ඔබේ මනස යොමු වන අතර, වචන ඉබේ ම ගලා ආ යුතු අතර ඔබේ සිතැඟි පරිදි අදහස් ප්‍රකාශ කළ යුතු ය. එහෙත් ඔබ කියන්නට යන අදහස වෙනුවට වචන ගැන ඔබ කල්පනා කිරීමට පටන් ගත් විගස ම ඔබගේ කථාව ගොත වනු ඇත.
6 ඔබේ ව්යක්තභාවයට ගැටලුවක් වී ඇත්තේ වාග් වරණය නම් වාග් මාලාව ගොඩ නැගීම සඳහා යම් නිති පතා අධ්‍යයනයක් අවශ්‍ය වේ. මුරටැඹ සඟරාව ඇතුළු වෙනත් ප්‍රකාශනවලින් ඔබට නුපුරුදු වචන සොයා ගෙන ඒවා ඔබේ දෛනික වාග් මාලාවට එකතු කර ගන්න.
7 කියවීමේ ව්යක්තභාවයට සාමාන්‍යයෙන් බාධාවක් වන්නේ වචන සඳහා හුරුකමක් නොමැති වීම බැවින්, නිති පතා ම සහ ක්රමානුකූල ව ශබ්ද නගා කියවීම යෝග්‍ය ය.
8 මෙය කළ හැකි එක් ක්‍රමයක් නම් ඡේදයක් හෝ දෙකක් තෝරා ගෙන එහි සඳහන් සම්පූර්ණ අදහස ඔබට හුරු වන තුරු ප්‍රවේසමෙන් නිශ්ශබ්ද ව කියවීමයි. අදහස් ඛණ්ඩ වෙන් කර ගෙන අවශ්‍ය නම් ඒවා ලකුණු කර ගන්න. ඉන් පසු මෙම කොටස ශබ්ද නගා කියවීමට පුහුණු වන්න. එක් වරක් හෝ නොපැකිල ගොත නොගසා අදහස් ඛණ්ඩ කියවීමට හැකි වන තුරු එම කොටස නැවත නැවත කියවන්න.
9 පහසුවෙන් කියවන්නට හැකි වන තුරු නුහුරු අමාරු වචන නැවත නැවතත් උච්චාරණය කළ යුතු ය. එම වචනය තනි ව ම කියන්නට හැකි වූ පසු එය සමඟ එම වගන්තිය කියවන්න. වඩා හුරු වචන මෙන් ම එයත් පහසුවෙන් වාක්‍යයට එකතු වන තුරු ඔබ මෙසේ කළ යුතු ය.
10 මීට අමතර ව, නිතර ම පෙනෙන විට කියවීමේ නිරත වන්න. උදාහරණයක් හැටියට මුල් වතාවට ඔබ දකින දින පදය සහ විස්තරය කියවන්න. එක් වරකට එක් වචනයක් දකිනවාට වඩා සම්පූර්ණ අදහස් ප්‍රකාශ කරන වචන සමූහ දක්නට, ඔබේ ඇස හුරු කර ගන්න. ඔබ පුහුණු වුවහොත්, සඵල ලෙස කථා කිරීමේ සහ කියවීමේ ගුණාංග ඔබට දියුණු කර ගත හැක.
**********
11-15. සම්භාෂණාත්මක ගුණය භාවිතා කරන ප්‍රකාශ මත රඳා පවතින්නේ කෙසේද?
11 උපදෙස් පත්‍රිකාවේ සටහන් කර ඇති තවත් අවශ්‍ය කථික ගුණාංගයකි “සම්භාෂණ ගුණය.” මෙය ඔබේ දෛනික ජීවිතයේ දකින්නට ලැබේ. එහෙත් කථාවක් ඉදිරිපත් කිරීමට ගිය විට දී ඔබට එය තිබේ ද? සාමාන්‍යයෙන් විශාල පිරිසක් සමඟ පහසුවෙන් කථා බහ කරන පුද්ගලයෝ, කලින් සූදානම් කර “කථාවක් ඉදිරිපත් කිරීමට” සිදු වන විට විධිමත්, තරමක “දේශනා” කරන ශෛලියෙන් කථා කරති. එහෙත් වඩාත් සඵල ලෙස ප්‍රසිද්ධ කථා ඉදිරිපත් කිරීමේ ආකාරය නම් සම්භාෂණ ශෛලියයි.
12 සම්භාෂණ ප්‍රකාශ උපයෝගි කිරීම. සම්භාෂණ ශෛලියෙන් කථා කිරීමේ සඵලත්වය බොහෝ දුරට රඳා පවතින්නේ භාවිතා කරන ප්‍රකාශ අනුවයි. හිටිවන කථාවක් පිළියෙළ කිරීමේ දී පොත් පත්වල තිබෙන ප්‍රකාශ ඒ විධියට ම භාවිතා කිරීම සාමාන්‍යයෙන් හොඳ දෙයක් නොවේ. ලිඛිත ශෛලිය කථන ශෛලියට වඩා වෙනස් ය. ඒ නිසා මේ අදහස් ඔබේ ම වචනවලින් ඉදිරිපත් කරන්න. දීර්ඝ වාක්‍ය රටා භාවිතා කිරීමෙන් වළකින්න.
13 වේදිකාවේ දී ඔබ කරන කථාව ඔබේ එදිනෙදා ප්‍රකාශ පිළිබිඹු කළ යුතු ය. ඔබ “ගම්භීර ලීලාවක්” නොදැරිය යුතු ය. එහෙත් ඔබේ අදහස්, කලින් ඕනෑකමින් සිතාමතා ඇති නිසාත්, ඒවා වඩා පහසුවෙන් ගලා එන නිසාත් ඔබේ සූදානම් කථාව එදිනෙදා කථාවට වඩා දියුණු වනු ඇත. ප්‍රතිඵලයක් වශයෙන් ඔබේ ප්‍රකාශ වඩාත් හොඳින් ගලපා තිබිය යුතු ය.
14 දෛනික පුහුණුවේ වැදගත්කම මෙය අවධාරණය කරයි. කථා කිරීමේ දී ස්වාභාවික වන්න. ග්‍රාම්‍ය භාෂාවෙන් වළකින්න. ඔබේ සෑම අදහසක් ම ඉදිරිපත් කිරීමට එක ම ප්‍රකාශ සහ වාක්‍ය ඛණ්ඩ පාවිච්චි කිරීමෙන් වළකින්න. අර්ථවත් ලෙස කථා කිරීමට ඉගෙන ගන්න. ඔබේ එදිනෙදා සම්භාෂණය අගය කරන්න. එවිට වේදිකාවෙන් කථාවක් ඉදිරිපත් කරන විට වචන වඩා පහසුවෙන් ගලා යන අතර මිහිරි, පහසු, ඕනෑ ම සභාවකට පිළිගත හැකි සම්භාෂණ ගුණයකින් කථාව දීමට ඔබට හැකි වනු ඇත.
15 ක්ෂේත්‍ර සේවයේ දී මෙය විශේෂයෙන් ම සැබෑ වේ. ඔබ ශිෂ්‍ය කථා ඉදිරිපත් කරන විට ගෙවැසියෙකුට කථාකරන්නේ නම්, ක්ෂේත්‍ර සේවයේ දී මෙන් කථා කිරීමට වෑයම් කරන්න. එනම්, ඔබ එහි දී පාවිච්චි කරන විධියේ ප්‍රකාශ ස්වාභාවික සහ පහසු අන්දමින් යොදා ගන්න. මෙය ඔබේ කථාව අවිධිමත් යථාර්ථවාදී එකක් කරන අතර ම ඊටත් වඩා වැදගත් ලෙසින් ක්ෂේත්‍ර සේවයේ දී වඩා කාර්ය සාධක ඉදිරිපත් කිරීම් සඳහා ද ඔබ ව පුහුණු කරනු ඇත.
16-19. ඉදිරිපත් කිරීමේ විලාසය සම්භාෂණාත්මක ගුණය කෙරෙහි බලපාන්නේ කෙසේ දැයි පෙන්වා දෙන්න.
16 සම්භාෂණ ශෛලිය සහිත ව ඉදිරිපත් කිරීම. භාවිතා කරන ප්‍රකාශ කෙරෙහි මත පමණක් සම්භාෂණ ගුණාංගය රඳා නොපවතී. ඔබේ කථා විලාසය හෝ ශෛලිය ද වැදගත් ය. කට හඬේ තානය කට හඬ උස් පහත් කිරීම සහ ප්‍රකාශයේ ස්වාභාවිකත්වය ද මෙයට සම්බන්ධ ය. සභාවකට විස්තීර්ණ කරනු ලැබුවත් එය ඔබගේ දෛනික කථාව මෙන් ම ස්වාභාවික ය.
17 සම්භාෂණ ශෛලිය දේශනාවේ විරුද්ධ දෙයයි. “දේශනා” විලාශයේ අංග එයට නැති අතර එය ආටෝපයෙන් තොර ය.
18 නවක කථිකයන් විසින් සම්භාෂණ ගුණාංගය නැති කර ගන්නා එක් ක්‍රමයක් නම් තමන් ඉදිරිපත් කරන්නට යන කරුණු වචනයක් වචනයක් පාසා සම්පූර්ණයෙන් සූදානම් කිරීමයි. කථාව ඉදිරිපත් කිරීමට සූදානම් කරන විට එහි වචනයක් වචනයක් පාසා කට පාඩමෙන් ම දැන සිටිය යුතු යයි නොසිතන්න. හිටිවන කථාවක් පිළියෙළ කරන විට අවධාරණය කළ යුත්තේ ප්‍රකාශ කිරීමට තිබෙන අදහස් සමාලෝචනය කිරීම කෙරෙහි ය. ඔබේ මනසේ මේවා සිතුවිලි සහ අදහස් වශයෙන් එකිනෙකට පහසුවෙන් අනුපිළිවෙළට යන විධියට ගළපා ගත යුතු ය. ඒවා තර්කානුකූල ව වර්ධනය කොට හොඳින් සැලසුම් කර ඇත් නම් මෙය ගැටලුවක් නොවිය යුතු ය, එවිට කථාව ඉදිරිපත් කරන විට අදහස් නිදහස් ලෙස හා පහසුවෙන් ගලා ආ යුතු ය. තත්ත්වය මෙසේ නම් ඉගැන්වීමේ අදහසින් ඒවා ඉදිරිපත් කර ඇත්නම් සම්භාෂණ ගුණාංගය ඉදිරිපත් කිරීමේ අංගයක් වනු ඇත.
19 ඔබට මෙය කළ හැකි එක් ක්‍රමයක් නම් සභාවේ සිටින විවිධ පුද්ගලයන්ට කථා කිරීමට වෑයම් කිරීමයි. එක් වරක දී එක් පුද්ගලයෙකුට කෙළින් ම කථා කරන්න. එම පුද්ගලයා ඔබෙන් ප්‍රශ්නයක් අසා ඇතැයි සිතා එයට පිළිතුරු දෙන්න. එම අදහස වර්ධනය කිරීමේ දී එම පුද්ගලයා සමඟ ඔබ පුද්ගලික සම්භාෂණයක යෙදී සිටින්නේ යයි සිතා ගන්න. ඊළඟට සභාවේ වෙනත් කෙනෙකු දෙස බලා, එම ක්‍රියා පිළිවෙළ නැවත සිදු කරන්න.
20-23. කෙනෙකුට තමාගේ කියවීම ස්වාභාවික ව ඇසෙන්ට සැලැස්විය හැක්කේ කෙසේ ද?
20 කියවන විට, සම්භාෂණ ශෛලියක් පවත්වා ගැනීමෙහි නිපුණ වීම ඉතා දුෂ්කර වුවත්, ඉතා වැදගත් වූ ද කථා ගුණාංගයකි. හිටිවන කථාවක් ආශ්රිත ව ඡේද කියවීමේ දී මෙන් අපගේ ප්‍රසිද්ධ කියවීමෙන් වැඩි කොටසක් ඇත්ත වශයෙන් ම බයිබලය හා සම්බන්ධිත ය. බයිබලය කියවිය යුත්තේ හැඟීමෙන් යුතු ව සහ එහි අර්ථය පිළිබඳ මනා අවබෝධයකින් ය. එය ප්‍රාණවත් විය යුතු ය. අනෙක් අතට දෙවියන් වහන්සේගේ සැබෑ සේවකයෝ ආගම් නිකායවල පූජකයන්ගේ ව්‍යාජ සිල්වත් කට හඬේ ස්වරය අනුකරණය නොකරති. යෙහෝවඃ වහන්සේගේ සේවකයන් උන් වහන්සේගේ වචනය කියවන්නේ මෙම පොතේ ජීවමාන භාෂාවට සුදුසු ස්වාභාවික අවධාරණයෙන් සහ උඩඟු නැති යථාර්ථ ස්වරයෙන් ය.
21 මුරටැඹ සඟරාව කියවීම, පොත් පාඩමක දී ඡේද කියවීම සම්බන්ධයෙන් ද මේ කරුණු බොහොමයක් සැබෑ වේ. මෙහි දී ද ප්‍රකාශ සහ වාක්‍ය රටා සම්භාෂණ ශෛලියෙන් නිර්මාණය නොකර ඇති නිසා, ඔබේ කියවීම නිතර ම සම්භාෂණ හඬින් කළ නොහැක. එහෙත් ඔබ කියවන දෙයෙහි අර්ථය වටහා ගෙන ඔබට හැකි පමණින් ස්වාභාවික ව සහ අර්ථවත් ව කියවීමෙන් සමහර විට සාමාන්‍ය භාවිතයට වඩා තරමක් විධිමත් වුවත් ඔබේ කියවීම හිටිවන කථාවක් සේ ශබ්ද වීමට ඔබට සැලැස්විය හැකි වනු ඇත. එමනිසා ඔබට කලින් සූදානම් විය හැකි නම්, ඔබට උපකාරවන ලකුණු ලියා ගෙන, කියවන කොටස යථාර්ථවාදී ස්වාභාවික ශෛලියකින් ඉදිරිපත් කිරීමට ඔබට හැකි සෑම දෙයක් ම කරන්න.
22 සම්භාෂණ ශෛලියෙන් කියවීමේ දී හෝ කථා කිරීමේ දී අවංක බව සහ ස්වාභාවික බව ප්‍රධාන ලක්ෂණ වේ, ශ්‍රාවකයන්ගේ සිත් ගන්නා අන්දමට ඔබේ හෘදයේ පූර්ණතාවයෙන් කථා කරන්න.
23 හොඳ ගති ගුණ මෙන් හොඳ කථාවක් ද ඒ අවස්ථාවට පමණක් ආරූඪ කර ගත නොහැක. එහෙත් නිවසේ දී හොඳ ගති ගුණ පිළිපදින විට, ප්‍රසිද්ධියේ ද ඒවා පෙනෙන්නට තිබෙන්නාක්මෙන් ඔබ දින පතා හොඳ කථනය භාවිතා කරන්නේ නම්, එය වේදිකාවේ ද දකින්නට ලැබෙනු ඇත.
**********
24, 25. දුර්වල උච්චාරණය නුසුදුසු වන්නේ මන්ද?
24 උච්චාරණය. සුදුසු උච්චාරණය වැදගත් ය, එය වෙන ම ම කථික උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇත. පේතෘස් සහ යොහන් උගත්කමක් නැති සාමාන්‍ය මිනිසුන් හැටියට සලකනු ලැබුවාක් මෙන් ම, සියලු ම ක්‍රිස්තියානින් විශාල ලෞකික අධ්‍යාපනයක් ලැබූ අය නොවුවත්, වැරදි උච්චාරණය නිසා අප ඉදිරිපත් කරන පණිවුඩයෙන් සිත වෙනතකට යැවීමෙන් වැළැක්වීම වැදගත් ය. ප්‍රමාණවත් අවධානය යොමු කළහොත් එය පහසුවෙන් නිවැරදි කළ හැකි දෙයකි.
25 පුද්ගලයෙකුගේ උච්චාරණය දුර්වල නම් ඔහු තම ශ්‍රාවකයන්ගේ මනස තුළට වැරදි අදහස් ඇතුළත් කරන්නට ද පුළුවන, මෙය ස්ථිර වශයෙන් ම නුසුදුසු ය. යමෙක් කථාවක් පවත්වන විට වචනයක් වැරදි ලෙස උච්චාරණය කරනවා ඔබට ඇසුණොත් එහි සාමාන්‍ය ප්‍රතිඵලය වන්නේ ස්ථාන ආලෝකයක් මෙන් එය ඔබේ මනසේ දිස් වීමයි. ඔබ ඔහුගේ තර්කය තේරුම් ගැනීම පවා නවත්වා වැරදි ලෙස උච්චාරණය කළ වචනය කල්පනා කිරීමට පටන් ගත හැක. එවිට කියනු ලබන දෙය වෙනුවට එය කියන ආකාරය වෙතට ඔබේ අවධානය යොමු වන්නට පුළුවන.
26, 27. උච්චාරණය සම්බන්ධයෙන් සඳහන් කර ඇති ගැටලු මොනවා ද?
26 උච්චාරණය සම්බන්ධයෙන් පොදු ගැටලු තුන් වර්ගයක් ඇතැයි කිව හැක. එකක් ස්ථිර ලෙස ම වැරදි උච්චාරණයයි, නැතහොත් අකුරු වැරදි ලෙස ශබ්ද කිරීමයි. බොහෝ නවීන භාෂාවලට ආවේණික වූ ශබ්ද රටාවක් ඇත. ඊළඟට දැක් විය හැක්කේ නිදොස් නමුත් අතිශයෝක්තියෙන් යුත්, ප්‍රමාණයට වඩා නිවැරදි උච්චාරණයයි, මෙය බොරු ආටෝපයක් සහ අහංකාරකමක් මවා පෙන්වයි, මෙය නුසුදුසු ය. උච්චාරණය පිළිබඳ තුන් වැනි ගැටලුව වන්නේ පිළිවෙළක් නැති කථනයයි, නිතර වචන මිශ්‍ර කිරීම, අකුරු ලිස්සා හැරීම ආදි පුරුදු මේ ලක්ෂණ වේ. ඒවායින් වැළකිය යුතු ය.
27 අපේ දෛනික කථා බහේ දී සාමාන්‍යයෙන් යොදා ගන්නේ අප හොඳින් දන්නා වචනයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් උච්චාරණය විශාල ගැටලුවක් වන්නේ ද නැත. විශාලතම ගැටලුව උද්ගත වන්නේ කියවීමේ දී ය. එහෙත් ප්‍රසිද්ධියේ සහ පුද්ගලික ව යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ විශාල වශයෙන් කියවති. අපි ගෙයින් ගෙට යන විට මනුෂ්‍යයන්ට බයිබලය කියවමු. සමහර විට මුරටැඹ පාඩමක දී, ගෘහ බයිබල් පාඩමක හෝ සභා පොත් පාඩමක දී, අපට ඡේද කියවීමට සිදු වේ. කියවීම නිරවද්‍ය වීමත් උච්චාරණය සුදුසු වීමත් වැදගත් ය. එසේ නැත්නම් අප කථා කරන්නේ කුමක් ගැන ද කියා අප ම නොදන්නා බවට හැඟීමක් ලබා දෙනු ඇත. එය අවධානය පණිවුඩයෙන් වෙනතකට යොමු කරවයි.
28-34. උච්චාරණය දියුණු කර ගැනීමට කෙනෙකුට උපකාර කළ හැක්කේ කෙසේ ද?
28 වැරදි උච්චාරණය පිළිබඳ ව උපදෙස් ප්‍රමාණය නොඉක්ම විය යුතු ය. ගැටලුව වචනයක් හෝ දෙකකට සීමා වී ඇත්නම් පුද්ගලික උපදෙස් ප්‍රමාණවත් වනු ඇත. එහෙත් කථාවක් පවත්වන අතරතුර දී වැරදි ලෙස උච්චාරණය කරනු ලබන්නේ වචන ස්වල්පයක් වුවත්, ඒවා නිති පතා අපේ සේවයේ හෝ දෛනික සම්භාෂණයේ භාවිතා කරන ඒවා නම්, ශිෂ්‍යයා සුදුසු ලෙස උච්චාරණය කිරීමට ඉගෙන ගන්නා පිණිස පාසල් අවේක්ෂක ඒවා වෙතට ඔහුගේ අවධානයට යොමු කිරීම උපකාරවත් වනු ඇත.
29 අනෙක් අතට, බයිබලය කියවීමේ දී ශිෂ්‍යයා හෙබ්‍රෙව් නමක් හෝ දෙකක් වැරදි ලෙස උච්චාරණය කළත්, එය කැපී පෙනෙන දුර්වලකමක් හැටියට සලකනු නොලැබේ. එහෙත් ඔහු නාම විශාල සංඛ්‍යාවක් වැරදි ලෙස උච්චාරණය කිරීමෙන් පෙනී යන්නේ සූදානම් කිරීමේ ඌනතාවයකි, ඒ නිසා උපදෙස් දිය යුතු ය. සුදුසු උච්චාරණය කුමක් දැයි විචාරා අවබෝධ කර ගැනීමටත්, ඉන් පසු එය භාවිතා කිරීමටත් ශිෂ්‍යයාට ඉගෙනීමට උපකාර කළ යුතු ය.
30 අතිශයෝක්ති උච්චාරණය සම්බන්ධයෙන් ද තත්ත්වය එසේ ම ය. එය පුරුද්දකට ගිය නිසා කථාව ශ්‍රවණය කිරීමට බාධාවක් වී ඇත්නම් ශිෂ්‍යයාට උපකාර කළ යුතු ය. වේගයෙන් කථා කිරීමේ දී බොහෝ පුද්ගලයෝ වචන ස්වල්පයක් මිශ්‍ර කොට ශබ්ද කිරීමට නැඹුරුවාවක් දක්වන බව සැලකිල්ලට ගත යුතු ය. මේ සම්බන්ධයෙන් උපදෙස් දීමට අවශ්‍ය නැත. එහෙත් මෙය පුරුද්දකට ගොස් ඇති විට දී ද, ශිෂ්‍යයා නිතර ඔහුගේ වචන මිශ්‍ර කිරීම නිසා ඔහුගේ කථාව වටහාගැනීම අපහසු වන විට දී ද, එසේත් නැත්නම් පණිවුඩයෙන් අවධානය වෙනතකට යොමුවන විට දී ද, පැහැදිලි ලෙස ශබ්ද කිරීමට ආධාර වන විධියේ උපදෙස් දීම උචිත ය.
31 පිළිගත් උච්චාරණය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන බව ඔබේ උපදේශකයා දනී. අකාරාදිවල පවා බොහෝ විට එකකට වඩා වැඩි උච්චාරණ විධි සඳහන් කරයි. ඒ නිසා උච්චාරණය පිළිබඳ උපදෙස් දීමේ දී ඔහු ප්‍රවේසම් වනු ඇත. ඔහු එය පුද්ගලික කැමැත්ත අනුව නොකරනු ඇත.
32 ඔබට උච්චාරණය පිළිබඳ ගැටලුවක් ඇත්නම් අධිෂ්ඨානයෙන් යුක්ත ව කටයුතු කිරීමෙන් ඒවා විසඳිය හැකි බව ඔබට පෙනී යනු ඇත. කියවීමේ පැවරුමක් ඉටු කරද්දී පළපුරුදු කථිකයෝ පවා තමන් හොඳින් නොහඳුනන වචන බලා ගැනීමට අකාරාදිය පාවිච්චි කරති. ඔවුහු අනුමානයෙන් වචන ශබ්ද නොකරති. ඒ නිසා අකාරාදිය පාවිච්චි කරන්න.
33 උච්චාරණය දියුණු කළ හැකි තවත් ක්‍රමයක් නම්, වෙනත් කෙනෙකුට, එනම් හොඳින් උච්චාරණය කරන කෙනෙකුට කියවීමෙන් සහ ඔබ වැරැද්දක් කරන සෑම විට ම ඔබ ව නවත්වා නිවැරදි කිරීමට ඔහුගෙන් ඉල්ලීමයි.
34 තුන් වැනි ක්‍රමය නම් හොඳ කථිකයන්ට ප්‍රවේසමෙන් ඇහුම් කන් දීමයි. ඇහුම් කන් දෙන විට සිතන්න; ඔබට වඩා ඔවුහු වෙනත් අන්දමින් උච්චාරණය කරන වචන සනිටුහන් කර ගන්න. ඒවා ලියා ගෙන අකාරාදියකින් බලා පුහුණු වන්න. වැඩි කලක් යන්නට මත්තෙන් ඔබත් නිවැරදි ලෙස උච්චාරණය කරනු ඇත. ව්‍යක්තභාවය, සම්භාෂණ ශෛලිය හා නිවැරදි උච්චාරණය මගින් ඔබේ කථිකත්වය බොහෝ සෙයින් දියුණු වෙයි.