ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 28 පාඩම 179 පි.-180 පි. 8 ¶
  • සංවාදාත්මක ශෛලියක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සංවාදාත්මක ශෛලියක්
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • ව්‍යක්තභාවය, සම්භාෂණ විලාසය සමඟින් සුදුසු උච්චාරණය
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • ස්වාභාවික ගතිය
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සෑම දා යහපත් කථනය භාවිතා කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • සාමාන්‍යයෙන් කතාබහ කරන ශෛලිය
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 28 පාඩම 179 පි.-180 පි. 8 ¶

පාඩම 28

සංවාදාත්මක ශෛලියක්

කළ යුතු වන්නේ කුමක්ද?

එදිනෙදා කතා බහේදී භාවිත කරන මුත්, ඔබේ සබයට ගැළපෙන සේ සකස් කර ඇති කතා ශෛලියක් භාවිත කරන්න.

එය වැදගත් වන්නේ මන්ද?

කතාවේදී හොඳ සංවාදාත්මක ශෛලියක් භාවිත කරන විට ඔබේ සබයට පහසුවක් දැනෙන අතර ඔබ පවසන දේට වඩාත් හොඳ ප්‍රතිචාරයක් දක්වන්නට ඔවුන්ට එය උපකාරවත් වේ.

සාමාන්‍යයෙන් ජනයා හිත මිතුරන් සමඟ සංවාදයෙහි යෙදෙද්දී ඔවුන්ට දැනෙන්නේ ඉමහත් පහසුවකි. ඔවුන්ගේ අදහස් කිසිදු බියකින් සැකයකින් තොරව පිට වේ. ඇතැම් පුද්ගලයන්ට ඇත්තේ ඉතා ප්‍රාණවත් ස්වභාවයකි. තවත් අය නිවුණු ගතියක් පෙන්වති. කෙසේවෙතත්, ඒ දෙපාර්ශ්වයම විදහාපෙන්වන ස්වාභාවික ගතිය සිත් ඇදගන්නාසුලුය.

කෙසේවෙතත්, අමුත්තෙකුව මුණගැසෙන විට ඕනෑවට වඩා කුලුපගකමක් හෝ කිට්ටුකමක් විදහාපෙන්වමින් කතා කිරීම යෝග්‍ය නොවේ. ඇත්තවශයෙන්ම, ඇතැම් සංස්කෘතිවල අමුත්තන් සමඟ පවත්වන ඕනෑම සංවාදයක් ඇරඹෙන්නේ ඉතා ගෞරවනීය අයුරකිනි. එමනිසා, මුලදී අමුත්තාට නිසි ගෞරවය පෙන්විය යුතුය. අනතුරුව, හොඳ විචාර බුද්ධියක් පාවිච්චි කරමින් සාමාන්‍ය විදිහට කතා කිරීමටත්, වඩාත් සංවාදශීලී ස්වරයක් භාවිත කිරීමටත් තීරණය කළ හැකිය.

ඔබ වේදිකාවේ සිට කතා කරන විටදීත් සිහි නුවණින් කටයුතු කිරීම සුදුසුය. නොසැලකිලිමත් ලෙස කතා කිරීම ක්‍රිස්තියානි රැස්වීමකට හිමි විය යුතු ගෞරවය දියාරු කරන අතර පවසනු ලබන දෙයෙහි බැරෑරුම්කමද සබයට නොවැටහෙන්නට සලස්වයි. ඇතැම් භාෂාවල වැඩිහිටි කෙනෙකු, ගුරුවරයෙකු, නිලධාරියෙකු හෝ දෙමාපියෙකු සඳහා ඇතැම් ආමන්ත්‍රණ භාවිත කෙරේ. (ක්‍රියා 7:2 සහ 13:16හි යෙදුම් සැලකිල්ලට ගන්න.) විවාහක කලත්‍රයෙකු හෝ කිට්ටු මිතුරෙකු අමතන විට භාවිත කරන්නේ වෙනම ආකාරයේ ආමන්ත්‍රණයි. මින් අදහස් වන්නේ වේදිකාවේ සිට අප කතා කරද්දී ඉතා විධිමත්, බැරෑරුම් භාෂා ශෛලියක් අනුගමනය කළ යුතු බව නොවේ. කෙසේ නමුත්, එය ගෞරවනීය තලයක තබාගැනීම වැදගත්ය.

පුද්ගලයෙකුගේ කතා ශෛලියට ඍජු හෝ අස්වාභාවික ගතියක් දීමට ඉවහල් වන සාධක කිහිපයක් තිබේ. භාවිත කරන වාක්‍යවල සැකැස්ම හෝ අදහස් පළ කරන ක්‍රමය ඉන් එකකි. කථිකයෙකු මුද්‍රිත පිටුවේ පළ වන යෙදුම් ඒ විදිහටම කතාවේදී භාවිත කිරීමට උත්සාහ දරන විට ගැටලුවක් පැනනඟියි. සාමාන්‍යයෙන් භාෂාවක ලිඛිත ශෛලිය කථික ශෛලියට වඩා බෙහෙවින් වෙනස්ය. කතාවක් සූදානම් කරද්දී කළ යුතු පර්යේෂණවලට මූලාශ්‍ර සපයන්නේ ලිඛිත පොත් පත් බව අපි දනිමු. අනික් අතට බොහෝ දුරට කතාවකට පදනම වන්නේ මුද්‍රිත දළ සටහනකි. එනමුත්, ඔබ අදහස් පළ කරන විට ඒවා මුද්‍රණය කර ඇති ආකාරයටම හෝ ලිඛිත දළ සටහනක සඳහන් වී ඇති ආකාරයටම පළ කරනවා නම්, ඔබේ කතාවට සංවාදාත්මක ශෛලියක් තිබේවි කියා සිතීම උගහටය. එසේ නම්, සංවාදාත්මක ශෛලියක් පවත්වාගෙන යෑම පිණිස අදහස් ඔබේම වචනවලින් පළ කරන්න. ඉතා සංකීර්ණ වූ වාක්‍ය සැකැස්මක් භාවිත කිරීමෙන් වළකින්න.

තවත් සාධකයක් වන්නේ කතා කිරීමේ වේගය වෙනස් කිරීමය. කතා ශෛලියට ඍජු හා අස්වාභාවික ගතියක් ලැබෙන්නේ වචන අතර එක සමාන පරතරයක් තිබෙන විට හා නොවෙනස්වනසුලු වේගයකින් කතා කරන විටදීය. එදිනෙදා කතා බහේදී කතා කරන වේගය නිතරම වෙනස් වන අතර විවිධ ප්‍රමාණවලින් යුත් විරාම නිතර නිතර යොදනු ලැබේ.

විශාල සබයකට කතා කරන විටදී ඔබේ සංවාදාත්මක ශෛලිය සමඟින් ශබ්දය, ස්වරයේ තීව්‍රතාව සහ උද්‍යෝගය වැඩි කර කතා කළ යුතුය. එසේ කරන විට ඔවුන්ගේ අවධානය බැඳ තබාගත හැකි වේ.

සේවයෙහි නිරත වන විට උචිත සංවාදාත්මක ශෛලියක් භාවිත කිරීමට නම් දිනපතාම හොඳින් කතා කිරීමේ පුරුද්ද ඔබ විසින් ඇති කරගත යුතුය. මින් අදහස් වන්නේ ඔබ ඉතා උගත් කෙනෙකු විය යුතු බව නොවේ. කෙසේ නමුත්, ඔබ පවසන දේට ගෞරවනීයව සවන් දීමට අන් අය තුළ පෙලඹීමක් ඇති වන ආකාරයෙන් කතා කිරීමේ හොඳ පුරුදු වර්ධනය කරගැනීම යහපති. මෙය මනසෙහි තබාගනිමින් ඔබේ දෛනික කතා බහේදී මතු දැක්වෙන කරුණු ගැන සැලකිලිමත් විය යුතුද යන්න සලකා බලන්න.

  1. හොඳ ව්‍යාකරණ රීතිවලට පටහැනිව දිව යන, දිව්‍ය ප්‍රමිතිවලට පිටුපාන අයගේ ජීවන රටාව පිළිබිඹු කරන භාෂා ශෛලියක් භාවිත කිරීමෙන් වැළකී සිටින්න. කොලොස්සි 3:8හි දී ඇති උපදෙස්වලට එකඟව රළු හෝ අසභ්‍ය භාෂාව ප්‍රතික්ෂේප කරන්න. අනික් අතට, එදිනෙදා ව්‍යවහාරයේ පවතින සාමාන්‍ය භාෂා ශෛලියක් පාවිච්චි කිරීමෙහි කිසිදු වරදක් නැත. එදිනෙදා ව්‍යවහාරයේ භාවිත කරන භාෂාවට ඉතා සුහදශීලී මුහුණුවරක් ඇති අතර එය ව්‍යවහාරික භාෂාව සම්බන්ධයෙන් පවතින පිළිගත් ප්‍රමිතිවලට පටහැනිව දිව යන්නේද නැත.

  2. ඔබට තිබෙන විවිධාකාර අදහස් පළ කිරීම සඳහා එකම වචන හෝ යෙදුම් නැවත නැවත කීමෙන් වැළකී සිටින්න. ඔබේ අදහස පැහැදිලිව දක්වන විවිධාකාර වචන භාවිත කිරීමට ඉගෙනගන්න.

  3. ඔබ පැවසූ දෙයක් අනවශ්‍ය ලෙස නැවත කීමෙන් වැළකී සිටින්න. ඒ සඳහා මුලින්ම කීමට අදහස් කරන දේ පැහැදිලිව මනසට නඟන්න. ඊළඟට ඔබේ කතාව අරඹන්න.

  4. වචන කන්දරාවකින් හොඳ අදහස් යටපත් නොකිරීමට වගබලා ගන්න. මතක තබාගත යුතු කරුණ සරල වාක්‍යයකින් පැහැදිලිව ප්‍රකාශ කිරීම ඔබේ පුරුද්ද කරගන්න.

  5. අන් අයට ගෞරවය දෙන ආකාරයකින් කතා කරන්න.

මෙම හැකියාව දියුණු කරගත හැකි අයුරු

  • මුලින්ම ඔබේ සබයේ සිටින අය කෙරෙහි ඔබේ ආකල්පය ගැන කල්පනා කර බලන්න. ඔවුන්ව මිතුරන් සේ සලකන්න. එනමුත්, ඕනෑවට වඩා කිට්ටු වීමට උත්සාහ නොකරන්න. නිසි ගෞරවයකින් යුතුව ඔවුන්ව සලකන්න.

  • හිටිවන ලෙස කතා කරන්න. මුද්‍රිත ප්‍රකාශනවල පළ වී ඇති වචනම භාවිත කිරීමට උත්සාහ නොකරන්න. එහි අදහස් ඔබේම වචනවලින් විස්තර කරන්න. කෙටි වාක්‍ය භාවිත කරන්න. කතා කරන වේගය වෙනස් කරන්න.

  • අදහස් හුවමාරු කරගැනීමේ ආශාවට මුල් තැන දෙන්න. ඔබේ හදවතින්ම කතා කරන්න. වැදගත් වන්නේ, අන් අයට ඔබ සම්බන්ධයෙන් ඇති වන හැඟීම නොව නමුත් ඔබ ඉදිරිපත් කරන පණිවිඩයයි.

  • එදිනෙදා කතා කරන ආකාරය දියුණු කරගැනීමට උත්සාහ කරන්න. මෙම පිටුවෙහි ඉදිරිපත් කර ඇති යෝජනා එකිනෙක ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්න.

අභ්‍යාසය: සංවාදයේදී ඔබ පුරුදු වී ඇති විලාසය පරීක්ෂා කර බලන්න. ඉහත අංකනය කරන ලද කරුණු පහ, දවසකට එක බැගින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්න. ඔබ අතින් වරදක් සිදු වේ නම් එම අදහස නැවත අඩුම තරමින් සිතින්, නිවැරදිව පළ කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න