ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 23
  • ඵාරාවෝගේ සිහින

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඵාරාවෝගේ සිහින
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • ‘අර්ථය තෝරලා දෙන්න අයිතිය තියෙන්නේ දෙවියන්ටයි’
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා යෝසෙප්ව අමතක කළේ නැහැ
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ඊර්ෂ්‍යාව කොතරම් භයානකද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෝසෙප්ව හිරේ දාලා
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 23
ඵාරාවෝ සිහින දකිනවා

කතන්දර 23

ඵාරාවෝගේ සිහින

අවුරුදු දෙකක් පහු වෙලත් යෝසෙප් තාමත් හිරේ. වයින් අල්ලන සේවකයාට එයාව අමතක වෙලා. දවසක්දා ඵාරාවෝ දකිනවා විශේෂ හීන දෙකක්. එයා කල්පනා කරනවා මේ හීනවල තේරුම මොකක්ද කියලා. ඵාරාවෝ නිදාගෙන ඉන්නවා ඔයාට පේනවාද? පහුවදා උදේ ඵාරාවෝ එයාගේ පණ්ඩිතයන්ට කතා කරලා, එයා දැක්ක හීන ගැන ඒගොල්ලන්ට කියනවා. ඒ වුණාට එයාගේ හීනවල තේරුම කියලා දෙන්න ඒගොල්ලන්ට බැරි වෙනවා.

ඇති යාන්තම්, වයින් අල්ලන සේවකයාට යෝසෙප්ව මතක් වෙනවා. එයා ඵාරාවෝට මෙහෙම කියනවා: ‘මම හිරේ ඉන්න කොට හීනවල තේරුම කියන්න පුළුවන් මිනිහෙක් එහෙ හිටියා.’ ඉතින් ඵාරාවෝ, යෝසෙප්ව වහාම හිරෙන් ගෙන්වාගන්නවා.

මහත එළදෙනුන් හත්දෙනා සහ කෙට්ටු එළදෙනුන් හත්දෙනා

ඵාරාවෝ යෝසෙප්ට එයාගේ හීන ගැන මෙහෙම කිව්වා: ‘මම හොඳ මහත එළදෙනුන් හත්දෙනෙක්ව දැක්කා. ඊට පස්සේ මම දැක්කේ හරිම කෙට්ටු එළදෙනුන් හත්දෙනෙක්වයි. මේ කෙට්ටු එළදෙනුන් මහත එවුන්ව ගිලල දැම්මා.’

‘මගේ දෙවෙනි හීනයෙන්, එක ගොයම් ගහක පැහුණු, හොඳ කරල් හතක් වැවෙනවා දැක්කා. ඊට පස්සේ මම දැක්කා බොල් හීනි කරල් හතක් හැදෙනවා. හීනි ගොයම් කරල් ඒ හොඳ ගොයම් කරල් ගිලින්න පටන්ගත්තා.’

පැහුණු, හොඳ ගොයම් කරල් හත සහ බොල් හීනි ගොයම් කරල් හත

යෝසෙප් ඵාරාවෝට මෙහෙම කිව්වා: ‘මේ හීන දෙකේම තියෙන්නේ එකම තේරුමයි. මහත එළදෙනුන් හත්දෙනායි පැහුණු කරල් හතයි කියන්නේ අවුරුදු හතක්. කෙට්ටු එළදෙනුන් හත්දෙනාගෙනුයි හීනි ගොයම් කරල් හතෙනුයි කියන්නේ තවත් අවුරුදු හතක් ගැනයි. අවුරුදු හතකට ඊජිප්තුවේ ආහාර හුඟාක් වැවෙන්න යනවා. ඊට පස්සේ අවුරුදු හතේදී වැවෙන්නේ හරිම ටිකයි.’

ඒ නිසා යෝසෙප් ඵාරාවෝට කියනවා: ‘ඥානවන්ත මනුෂ්‍යයෙක්ව තෝරාගෙන, සරු අවුරුදු හතේ ආහාර එකතු කරගන්න එයාට භාර දෙන්න. එහෙම කළොත්, ඊට පස්සේ ආහාර අඩුවෙන් වැවෙන අවුරුදු හතේදී සෙනඟට බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ.’

ඵාරාවෝ මේ අදහසට කැමති වෙනවා. ඉතින් ආහාර එකතු කරලා ගබඩා කරන්න එයා තෝරගන්නේ යෝසෙප්ව. යෝසෙප්ගේ බලය දෙවෙනි වුණේ ඵාරාවෝගේ බලයට විතරයි.

අවුරුදු අටකට පස්සේ, ආහාර හිඟ කාලයේදී, යෝසෙප් දකිනවා මිනිස්සු කට්ටියක් එනවා. ඒගොල්ලන් කවුද කියලා ඔයා දන්නවාද? මේ බලන්නකො! ඒ එයාගේ අයියලා 10දෙනානේ! කානාන්වල ආහාර ඉවර වේගෙන යන නිසා ඒගොල්ලන්ගේ තාත්තා ඒ කියන්නේ යාකොබ්, ඒගොල්ලන්ව ඊජිප්තුවට එවලා. යෝසෙප් එයාගේ සහෝදරයන්ව අඳුනගත්තා. ඒ වුණාට ඒගොල්ලන්ට එයාව අඳුනගන්න බැරි වුණා. ඒ ඇයි කියලා ඔයා දන්නවාද? යෝසෙප් දැන් හොඳට ලොකු මහත් වෙලා. ඒ වගේම එයා දැන් ඇඳගෙන ඉන්න ඇඳුම් හරිම වෙනස්.

යෝසෙප්ගේ අයියලා ඇවිත් එයාට වඳින එක ගැන එයා පොඩි කාලෙදි දැක්ක හීනය එයාට මතක් වෙනවා. ඒ ගැන කියවලා බැලුවා මතකද? ඉතින් හොඳ හේතුවක් නිසා, යෝසෙප්ව ඊජිප්තුවට එවලා තියෙන්නේ දෙවිමයි කියලා එයාට තේරෙනවා. යෝසෙප් ඊට පස්සේ කළේ මොකක්ද කියලා ඔයා දන්නවද? අපි බලමු.

උත්පත්ති 41:1-57; 42:1-8; 50:20.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න