ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 43 පාඩම 234 පි.-235 පි. 3 ¶
  • නියමිත තොරතුරු මූලාශ්‍රය පමණක් භාවිත කිරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නියමිත තොරතුරු මූලාශ්‍රය පමණක් භාවිත කිරීම
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • පාසැලේදී ශිෂ්‍ය කතා පැවරුම් සූදානම් වීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සූදානම් වීමේ වටිනාකම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • සභාව වෙනුවෙන් කතා සූදානම් කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • දළ සටහනක් පිළියෙළ කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 43 පාඩම 234 පි.-235 පි. 3 ¶

පාඩම 43

නියමිත තොරතුරු මූලාශ්‍රය පමණක් භාවිත කිරීම

කළ යුතු වන්නේ කුමක්ද?

පවරා ඇති විෂය වටා ඔබේ කතාව ගොඩනඟන්න. යම් තොරතුරු මූලාශ්‍රයක් ලබා දී ඇත්නම් ශුද්ධ ලියවිලි පද සහ මූලික කරුණු ඒ ඇසුරෙන් ලබාගන්න.

එය වැදගත් වන්නේ මන්ද?

අපගේ කතාව ගොඩනැඟීමට නියමිත තොරතුරු මූලාශ්‍ර පමණක් භාවිත කරන විට විශ්වාස වූ නුවණැති දාස පංතිය මාර්ගයෙන් සපයා ඇති පෝෂණ වැඩසටහනට අපි ගෞරවය දක්වමු.

බයිබලයෙහි ක්‍රිස්තියානි සභාව මිනිස් සිරුරක් හා සසඳා ඇත. සෑම අවයවයක්ම අවශ්‍ය වුවත්, ‘සියල්ලන්ටම කිරීමට තිබෙන්නේ එකම කාර්යය නොවේ.’ මෙම අදහසට එකඟව, අපට භාර දී ඇති ඕනෑම වරප්‍රසාදයක් ඉටු කිරීමට ඉමහත් වීර්යයක් දැරීම උචිතය. මින් අදහස් වන්නේ යම් විෂයක් අපගේ සිත්ගත් පළියට වෙනත් විෂයන්වල වැදගත්කම සුළු කොට නොතැකිය යුතු බවය. කතාවක් දීමට ඕනෑම පැවරුමක් ලද විට, ඒ ගැන අවබෝධයක් ලබා හොඳින් ඉටු කිරීමට අපි බැඳී සිටිමු. (රෝම 12:4-8) ආත්මික ආහාර “නියම වේලාවට” සපයා දීමේ වගකීම විශ්වාස වූ නුවණැති දාසයා සතුය. (මතෙ. 24:45) ලැබී ඇති මඟ පෙන්වීම්වලට එකඟව කතා ගොඩනැඟීමට අපගේ පෞද්ගලික කුසලතා, හැකියාවන්, දස්කම් භාවිත කරන විට අපි එම විධිවිධානය සඳහා කෘතඥතාව සහ අගය පෙන්නුම් කරන්නෙමු. මෙය සමස්තයක් ලෙස සභාවේ මනා ක්‍රියාකාරිත්වයට දායක වේ.

ඇතුළත් කළ යුතු දෑ. පාසැලේදී යම් විෂයක් ඔබට පවරා දී ඇති විටෙක ඔබේ කතාව එම විෂයට එකඟව ගොඩනැඟීමට වගබලා ගන්න. අදාළ නැති වෙනත් දෙයක් ගැන කතා කරන්න එපා. බොහෝ අවස්ථාවලදී කතාව ගොඩනැඟීමට අවශ්‍ය තොරතුරු මූලාශ්‍ර සපයනු ලැබේ. ඔබේ කතාවට පදනම ලෙස භාවිත කළ යුත්තේ කවර මුද්‍රිත තොරතුරු මූලාශ්‍රද කියා දක්වා නැත්නම්, ඔබට කැමති මූලාශ්‍රවලින් තොරතුරු එක්කාසු කළ හැකිය. කෙසේවෙතත්, ඔබේ කතාව සූදානම් කරගනිද්දී මුළු ඉදිරිපත් කිරීමම පවරා ඇති විෂය වටා ගෙතී ඇද්දැයි සහතික වන්න. ඇතුළත් කළ යුතු තොරතුරු තීරණය කරන විට ඔබේ සබයේ සිටින අයවද සැලකිල්ලට ගත යුතුය.

මූලාශ්‍ර හොඳින් අධ්‍යයනය කරන්න. ඊට ඇතුළත් ශුද්ධ ලියවිලි පද විග්‍රහ කර බලන්න. ඊළඟට සබයේ ප්‍රයෝජනය සඳහා එම තොරතුරු වඩාත්ම බලපෑමක් ඇති කරවන අන්දමකින් භාවිත කළ හැකි අයුරු සලකා බලන්න. ඔබේ කතාවේ මූලික කරුණු වශයෙන් මුද්‍රිත තොරතුරු මූලාශ්‍රවලින් කරුණු දෙකක් නැත්නම් තුනක් තෝරාගන්න. එමෙන්ම, පැවරුමට අදාළ මූලාශ්‍රවලින් ඔබ කියවීමට සහ සාකච්ඡා කිරීමට අදහස් කරන ශුද්ධ ලියවිලි පාඨ තෝරාගන්න.

තිබෙන තොරතුරුවලින් ඔබ පියවිය යුත්තේ කොතරම් ප්‍රමාණයක්ද? ඔබට බලපෑමෙන් යුක්තව හැසිරවිය හැකි තොරතුරු පමණක් ඇතුළත් කරන්න. සියලුම තොරතුරු ඇතුළත් කිරීමට යෑමෙන් බලපෑමෙන් යුක්තව ඉගැන්වීමට තිබෙන අවස්ථාව අතපසු නොකරන්න. ඔබේ කතාවේ පරමාර්ථයට ඇතැම් තොරතුරු නොගැළපේ නම් ඔබේ ඉලක්කය අත් කරගැනීමට උපකාරවත් විය හැකි කොටස්වලට වැඩි අවධානයක් දෙන්න. නියමිත තොරතුරු මූලාශ්‍රයෙන් ඔබේ සබය වැඩියෙන් දැනුවත් කරවන, ඔවුන්ට වැඩියෙන්ම ප්‍රයෝජනවත් වන තොරතුරු භාවිත කරන්න. කථික උපදෙස් ලැබෙන මෙම කරුණ වැඩ කරද්දී ඔබේ පරමාර්ථය විය යුත්තේ ඔබට කොතරම් තොරතුරු ප්‍රමාණයක් පියවිය හැකිදැයි බැලීම නොවේ. එනමුත් ඔබේ කතාවට පදනම වශයෙන් නියමිත තොරතුරු මූලාශ්‍ර භාවිත කිරීමය.

ඔබ දිය යුත්තේ කතාවේ තොරතුරුවල සාරාංශයක් නොවේ. කරුණු කිහිපයක් තෝරා පැහැදිලි කිරීමට, ඒවා සම්බන්ධයෙන් අමතර විස්තර සැපයීමට, ඒවා නිදර්ශනයකින් පැහැදිලි කිරීමට සහ හැකි නම් ඒවා අදාළ වන ආකාරය පිළිබඳව උදාහරණයක් දීමට ඔබ සැලසුම් කළ යුතුය. අමතර අදහස් භාවිත කළ යුත්තේ නියමිත තොරතුරු මූලාශ්‍රයේ වැදගත් කරුණු තවදුරටත් ගොඩනැංවීමට මිස, ඒවායේ ස්ථානය ගැනීමට නොවේ.

කල් යත්ම ගුරුවරුන් සඳහා අවශ්‍ය සුදුසුකම් ඇති සහෝදරයන්ට සේවා රැස්වීමෙහි ඉගැන්වීමට ප්‍රස්තාව ලබා දිය හැක. ඔවුන් හොඳින් තේරුම්ගත යුතු දෙයක් වන්නේ, අනවශ්‍ය තොරතුරු භාවිත නොකර, නියමිත තොරතුරු මූලාශ්‍ර පමණක් හොඳින් භාවිත කිරීමේ අවශ්‍යතාවයි. ඒ හා සමානව, ප්‍රසිද්ධ කථා ඉදිරිපත් කරන සහෝදරයන්ට අනුගමනය කිරීම සඳහා දළ සටහනක් දෙනු ලැබේ. මෙහිදී යම් දුරකට නම්‍යශීලී විය හැකි වුවත්, කතාව ගොඩනැඟිය යුතු මූලික කරුණු, අමතර වශයෙන් භාවිත කළ යුතු තර්කයන් සහ කතාවට පදනම සපයන ශුද්ධ ලියවිලි පද පැහැදිලිව දක්වා ඇත. නියමිත තොරතුරු මූලාශ්‍ර පදනම් කරගනිමින් ඉගැන්වීමේ කලාව ප්‍රගුණ කිරීම වැදගත් වේ. එය ඉදිරියෙහි ලැබිය හැකි වෙනත් ආකාරයේ කතා පැවරුම් ඉටු කිරීමට හොඳ අඩිතාලමක් වනු ඇත.

ඔබට මෙයින් ලැබෙන පුහුණුව ප්‍රගතිශීලී නිවාස බයිබල් පාඩම් පැවැත්වීමටද උපකාරවත් විය හැක. ඔබ නියමිත විෂයෙන් පිට පැනීමේ උගුලට හසු නොවී පාඩමට අදාළ තොරතුරු වෙත පමණක් අවධානය යොමු කිරීමට ඉගෙනගනු ඇත. එසේ කරන විට සිත්ගන්නාසුලු විය හැකි වුවත්, අදාළ විෂය තේරුම්ගැනීමට අවශ්‍ය නොවන වෙනත් දේවල් උලුප්පා දැක්වීමෙන් ඔබ වැළකී සිටිනු ඇත. අනික් අතට, පාඩමෙහි සැබෑ පරමාර්ථය, අභිප්‍රාය සහ සාරය ඔබට වැටහී ඇත්නම් ඔබ එහි තොරතුරුවලටම පමණක් කොටු වී සිටින්නේද නැත. මන්ද මෙවැන්නක් කිරීමෙන් ඔබේ ශිෂ්‍යයාට අවශ්‍ය විය හැකි අමතර කරුණු ලබා දීමට ඔබ අසමත් විය හැකි බැවිනි.

එය කරන ආකාරය

  • ඔබට පවරා ඇති විෂයට කෙළින්ම සම්බන්ධ තොරතුරු පමණක් භාවිත කරන්න.

  • ඔබට පවරා ඇති කතාවෙහි මුද්‍රිත තොරතුරු මූලාශ්‍ර දක්වා ඇත්නම් ඔබේ මූලික කරුණු සහ ප්‍රධාන ශුද්ධ ලියවිලි පද වෙනත් මූලාශ්‍රවලින් නොව නියමිත තොරතුරු මූලාශ්‍රවලින් තෝරාගන්න.

අභ්‍යාසය: වෙන වෙනම දවස් තුනක දිනපදය කියවද්දී, සාකච්ඡා කරනු ලබන විෂය හඳුන්වා දෙන වචනය හෝ යෙදුම රවුම් කරන්න. එම විෂයට කෙළින්ම සම්බන්ධ වන කෙටි අදහසක් දෙකක් යටින් ඉරක් අඳින්න. ඊළඟට අදාළ ශුද්ධ ලියවිලි පදය සහ ඔබ සලකුණු කළ කරුණු භාවිත කරමින් එම විෂය ගැන ඔබේම වචනවලින් අදහස් දක්වන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න