ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 51 පාඩම 263 පි.-264 පි. 4 ¶
  • නියමිත වේලාවට කිරීම, සෑම කොටසකටම නිසි වේලාවක් වෙන් කිරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නියමිත වේලාවට කිරීම, සෑම කොටසකටම නිසි වේලාවක් වෙන් කිරීම
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • සුදුසු අවසානය සහ ඔබ ගත කරන කාලය
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • ප්‍රශ්න පෙට්ටිය
    2004 අපගේ රාජ්‍ය සේවාව
  • සභාව වෙනුවෙන් කතා සූදානම් කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • කථා සැකිල්ලක් පිළියෙළ කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 51 පාඩම 263 පි.-264 පි. 4 ¶

පාඩම 51

නියමිත වේලාවට කිරීම, සෑම කොටසකටම නිසි වේලාවක් වෙන් කිරීම

කළ යුතු වන්නේ කුමක්ද?

නියමිත වේලාව තුළ ඔබේ කතාව ඉදිරිපත් කරන්න. කතාවේ සෑම කොටසක් සඳහාම නියම කර ඇති වේලාවට සරිලන අන්දමකින් ඔබේ කාලය වෙන් කරන්න.

එය වැදගත් වන්නේ මන්ද?

උගන්වන එක් එක් ප්‍රධාන කරුණට ප්‍රමාණවත් වේලාවක් වෙන් කරගත යුතුය. රැස්වීම්ද වේලාවට අවසන් කිරීම වැදගත්ය.

මූලික අවධානයක් ඔබේ ඉගැන්වීමේ ගුණයට දිය යුතු වුවත්, ඔබේ කතාවලට ගත වන වේලාව සම්බන්ධයෙන් සැලකිලිමත් වීම අවශ්‍යය. අපගේ රැස්වීම් සැලසුම් කොට තිබෙන්නේ නිශ්චිත වේලාවකට ආරම්භ කර අවසන් කිරීමටය. එම ඉලක්කය සාර්ථක කරගැනීමට නම්, වැඩසටහනේ කොටස් තිබෙන සියලුදෙනාම සහයෝගයෙන් වැඩ කළ යුතුය.

බයිබල් කාලවලදී, ජීවිතය සම්බන්ධයෙන් ජනයා තුළ තිබූ ආකල්ප අදදින බොහෝ ප්‍රදේශවල ජීවත් වන අයගේ ආකල්පවලට වඩා වෙනස් වේ. එදා කාලය මනිනු ලැබුවේ අනුමාන වශයෙනි. එමනිසා “තුන්වන පැයේදී පමණ,” නැතහොත් “දහවන පැය පමණ” වැනි යෙදුම් භාවිත කෙරිණ. (මතෙ. 20:3-6; යොහ. 1:39; NW) එමෙන්ම දෛනික කටයුතු නියමිත වේලාවට කිරීමේ අවශ්‍යතාව එතරම් වැදගත් යමක් ලෙස සැලකුවේ නැත. අදදින පවා, ලෝකයේ ඇතැම් ප්‍රදේශවල කාලය සම්බන්ධයෙන් මේ හා සමාන ලිහිල් ආකල්ප මිනිසුන්ට තිබේ.

පවතින ප්‍රාදේශීය සිරිත හෝ පෞද්ගලික මනාපය හේතුවෙන් කාලය සම්බන්ධයෙන් මිනිසුන්ට ඉතා ලිහිල් ආකල්ප තිබුණත්, එයට නිසි අවධානයක් දීමට ඉගෙනගැනීම අපට ප්‍රයෝජනදායකය. රැස්වීමේ වැඩසටහනක කොටස් කිහිපයක් ඇති විට, එක් එක් කොටසට නියම කර ඇති වේලාව ගැන සැලකිල්ල දැක්විය යුතුය. “සියල්ල ඔබිනා ලෙසද පිළිවෙළින්ද කරනු ලැබේවා” යන ප්‍රතිපත්තිය අපගේ රැස්වීම්වල පැවරුම් නියමිත වේලාවට ඉටු කිරීම සම්බන්ධයෙන් අදාළ වේ.—1 කොරි. 14:40.

නියමිත වේලාව තුළ රැඳී සිටින අයුරු. මීට රහස පෙර සූදානමයි. නියමිත වේලාව තුළ කතාවක් දීමට අපොහොසත් වන කථිකයන් හොඳින් සූදානම් වීමටද බොහෝවිට අසමත් වී ඇත. එසේ සිදු වී ඇත්තේ පමණට වඩා ආත්ම-විශ්වාසයෙන් යුතුව කටයුතු කරන නිසා විය හැක. එසේ නැතහොත් ඔවුන් ඇතැම්විට සූදානම් වන්නේ අවසාන මොහොතේදී විය හැකියි. එසේ නම්, නියමිත වේලාව තුළ කතාවක් දීමට මුල් වන්නේ, ඔබේ පැවරුමේ වැදගත්කම ගැඹුරින් අගය කිරීම සහ හොඳින් සූදානම් වීමට තිබෙන කැමැත්තය.

ඔබට ලැබී ඇත්තේ කියවීමේ පැවරුමක්ද? එසේ නම්, මුලින්ම, චතුරත්වය, විරාමය, අර්ථය කාවැද්දීම සහ ප්‍රධාන අදහස් අවධාරණය කිරීම ගැන සඳහන් වන පාඩම් අංක 4 සිට 7 දක්වා පුනරීක්ෂණය කරන්න. ඊළඟට, ඔබට පවරා ඇති කොටස ශබ්ද නඟා කියවද්දී එම උපදෙස් අදාළ කරගන්න. ඒ සඳහා ඔබට ගත වන වේලාව පරීක්ෂා කරන්න. නියමිත කාලය තුළ ඔබේ කියවීම නිම කිරීම සඳහා, තවත් වේගයෙන් කියවීමට අවශ්‍යද? වැදගත්කමින් අඩු කොටසක් කියවද්දී වේගය වැඩි කර කියවන්න. එනමුත්, වැදගත් අදහස් අවධාරණය කිරීම සඳහා වේගය අඩු කර, විරාමය යොදමින් කියවන්න. නැවත නැවත කියවමින් පෙරහුරු කරන්න. ඔබේ චතුරත්වය දියුණු වෙත්ම, ඔබ ගත කරන වේලාව පාලනය කිරීම වඩාත් පහසු කාර්යයක් වනු ඇත.

ඔබ සටහන් භාවිත කරමින් කතාවක් දෙනු ඇද්ද? නියමිත වේලාව තුළ කතාව දීමට ඔබේ සටහන් ලේඛනයක් මෙන් ඉතා විස්තරාත්මක ලෙස සකස් කිරීමට අවශ්‍ය වන්නේ නැත. ඔබ 25වන පාඩම අධ්‍යයනය කළ විට, වඩාත් හොඳ ක්‍රමයක් ඉගෙනගත් බව අමතක නොකරන්න. මෙම මූලික කරුණු පහ මතකයේ තබාගන්න. (1) ප්‍රයෝජනවත් තොරතුරු පිළියෙළ කරන්න. එනමුත් ඒවායේ ප්‍රමාණය ගැන සැලකිලිමත් වන්න. (2) ප්‍රධාන අදහස් මනසෙහි පැහැදිලිව සනිටුහන් කරගන්න. එනමුත් සම්පූර්ණ වාක්‍ය කටපාඩම් නොකරන්න. (3) ඔබේ කතාවේ එක් එක් කොටස සඳහා මිඩංගු කිරීමට අදහස් කරන වේලාව ඔබේ දළ සටහනේ සලකුණු කරන්න. එසේ නැතහොත් කතාවේ ඇතැම් සන්ධිස්ථානවල කොතරම් වේලාවක් ගත වී තිබිය යුතුද යන්න සලකුණු කරන්න. (4) කතාව සඳහා සූදානම් වෙද්දී, එය ඉදිරිපත් කරන විට නියමිත කාලය ඉක්මවා යන බවට ලකුණු දක්නට ලැබුණහොත්, ඔබට අත්හැරිය හැකි තොරතුරු මොනවාදැයි සලකා බලන්න. (5) ඔබේ ඉදිරිපත් කිරීම පෙරහුරු කරන්න.

පෙරහුරුව වැදගත් වේ. පෙරහුරු කරන විට, කතාවේ සෑම කොටසක් සඳහාම වැය වන වේලාව වෙන වෙනම පරීක්ෂා කර බලන්න. මුළු කතාවම පවරා ඇති වේලාව තුළ ඉදිරිපත් කිරීමට හැකි වන තෙක්, ඔබේ කතාව නැවත නැවතත් පෙරහුරු කරන්න. වැඩිපුර තොරතුරු කතාවට කෙසේ හෝ ඇතුළත් කිරීමට උත්සාහ නොකරන්න. පෞද්ගලිකව පෙරහුරු කරද්දී ගත කරන වේලාවට වඩා, සබයක් ඉදිරියේදී ඔබේ කතාව ඉදිරිපත් කිරීමට වේලාව වැඩියෙන් වැය වන නිසා, නියමිත වේලාවට කලින් එය නිම කිරීමට උත්සාහ කරන්න.

සෑම කොටසක් සඳහා නිසි වේලාවක් වෙන් කිරීම. කතාවක් නියමිත වේලාව තුළ කිරීමට බෙහෙවින් බලපාන දෙයක් වන්නේ, ඊට ඇතුළත් සෑම කොටසක් සඳහාම නිසි වේලාවක් වෙන් කිරීමයි. වැඩිම වේලාවක් වැය විය යුත්තේ කතාවේ ශරීරය ඉදිරිපත් කිරීම සඳහාය. ඉගැන්විය යුතු මූලික කරුණු ඇතුළත් කර තිබෙන්නේ එහිය. තිස් අටවන පාඩමෙහි සාකච්ඡා කර ඇති පරමාර්ථ තුන ඉටු කරගැනීමට හැකි වන පරිදි හැඳින්වීම සුදුසු ප්‍රමාණයකින් යුක්ත විය යුතුය. තවද, 39වන පාඩමට එකඟව බලපෑමෙන් යුත් අවසානයක් සඳහා ප්‍රමාණවත් වේලාවක් ඉතිරි නොවන තරමට කතාවේ ශරීරය දිග්ගැස්සීමෙන්ද වැළකී සිටිය යුතුය.

නියමිත වේලාව තුළ ඔබේ කතාව දීමට දරන වෑයමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔබේ කතාව වඩාත් හොඳින් ඉදිරිපත් කිරීමට හැකි වන අතර, එමගින් වැඩසටහනේ කොටස් ඇති අන් අය කෙරෙහි මෙන්ම මුළු සභාව කෙරෙහි ඔබේ ගෞරවයද පිළිබිඹු වේ.

එය කරන අන්දම

  • හොඳින් සූදානම් වන්න. කල් තියාම සූදානම් වීම මීට අයත් වේ.

  • ඔබේ කතාවේ සෑම කොටසකටම උචිත වේලාවක් වෙන් කර, එසේ නියම කර ඇති වේලාවට ඇලී සිටින්න.

  • ඔබේ ඉදිරිපත් කිරීම පෙරහුරු කරන්න.

අභ්‍යාසය: සභා රැස්වීමකට පැමිණෙන විට, විනාඩි 15කට හෝ 20කට කලින් පැමිණීමට කටයුතු සැලසුම් කරන්න. ඊට ලකලෑස්ති වීම සඳහා ඔබ සහ ඔබේ පවුලේ සියලුදෙනාටම ප්‍රමාණවත් වේලාවක් වෙන් කරන්න. ගමනාගමනය සඳහාද වේලාවක් වෙන් කළ යුතුය. ප්‍රමාද වී පැමිණීමට පොදුවේ බලපාන ගැටලු හැසිරවිය හැක්කේ කෙසේදැයි සලකා බලන්න. අවශ්‍ය සකස්වීම් කරමින්, ඔබ සැලසුම් කර ඇති දේ කිහිප වතාවක්ම අත්හදා බලන්න. කතා ඉදිරිපත් කරද්දී අදාළ වන්නේද මීට අයත් ප්‍රතිපත්තිමය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න