ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bm 20 කොටස 23 පි.
  • යේසුස්ව මරණයට පත් කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස්ව මරණයට පත් කරයි
  • බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • සමාන තොරතුරු
  • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුගේ මනුෂ්‍ය ජීවිතයේ අවසාන දවස
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රිස්තුස්ව පාවා දීම සහ අත්අඩංගුවට ගැනීම
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සිහි කිරීමේ සන්ධ්‍යා භෝජනය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
bm 20 කොටස 23 පි.
යේසුස්

20වන පාඩම

යේසුස්ව මරණයට පත් කරයි

යේසුස් සැමරිය යුතු අලුත් උත්සවයක් හඳුන්වා දෙයි. ඔහුව පාවා දී මරණයට පත් කරයි

යේසුස් දෙවි ගැන උගන්වමින් ශුභාරංචිය දේශනා කිරීමේ වැඩය අවුරුදු තුනහමාරක කාලයක් පුරා සිදු කළා. ඒ වන විට මිහිපිට තමන් ගත කළ ජීවිතය අවසන් වීමට ආසන්නයි කියා ඔහු දැන සිටියා. ඒ අතරතුර ආගමික නායකයන් පිරිසක් ඔහුව මරණයට පත් කරන්න කුමන්ත්‍රණය කරමින් සිටියා. නමුත් එසේ කළොත් සෙනඟ අතරේ කෝලහලයක් ඇති වෙයි කියා ඔවුන් සිටියේ භයෙනුයි. මන්ද යේසුස්ව සෙනඟ සැලකුවේ අනාගතවක්තෘවරයෙකු ලෙසයි. කෙසේනමුත් යේසුස්ගේ ගෝලයෝ 12දෙනාගෙන් කෙනෙක් වූ යූදස් ඉස්කාරියොත් සාතන්ගේ බලපෑමට හසු වී යේසුස්ට විරුද්ධව ක්‍රියා කිරීමට පටන්ගත්තා. යූදස් යේසුස්ව පාවා දුන්නොත් රිදී කාසි 30ක් ඔහුට දෙන බව ආගමික නායකයන් පොරොන්දු වුණා.

යේසුස් මිහිපිට ගත කළ අවසන් රාත්‍රියේදී තම ගෝලයන් සමඟ පාස්කු උත්සවය සැමරීමට රැස් වුණා. යූදස්ව එතැනින් පිටත් කර යැවූ ඔහු, සැමරිය යුතු අලුත් උත්සවයක් හඳුන්වා දුන්නා. එය හඳුන්වන්නේ ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ලෙසයි. යේසුස් රොටියක් ගෙන දෙවිට ස්තුති කර එය ගෝලයන් 11දෙනා අතිනත යවමින් මෙසේ පැවසුවා. “මෙයින් නියෝජනය වන්නේ ඔබ වෙනුවෙන් මා පූජා කරන්න යන මගේ ශරීරයයි. මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න.” ඉන්පසු ඔහු වයින් පිරවූ කුසලානයක් ගෙන එයද අතිනත යවමින් මෙසේ පැවසුවා. “මේ කුසලානයෙන් නියෝජනය වන්නේ ඔබ උදෙසා වගුරුවනු ලබන මගේ රුධිරයයි.”—ලූක් 22:19, 20.

එදින රාත්‍රියේ යේසුස්ට තම ගෝලයන්ට පැවසීමට තව බොහෝ දේ තිබුණා. ඒ අවස්ථාවේ ඔහු ඔවුන්ට අලුත් ආඥාවක් දුන්නා. එනම් තමන්ගේ ජීවිතය පවා නොසලකා අන් අයට ප්‍රේමය පෙන්විය යුතු බවයි. ඔහු තවදුරටත් මෙසේ පැවසුවා. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.” (යොහන් 13:34, 35) එමෙන්ම තව ටික වේලාවකින් ඔවුන්ට මුහුණ දීමට සිදු වන සිත් කම්පිත කරවන සිදුවීම් නිසා කලබලයට පත් නොවන්න කියාත් ඔහු ඔවුන්ට පැවසුවා. ඉන්පසු යේසුස් තම ගෝලයන් වෙනුවෙන් මහත් උනන්දුවකින් යාච්ඤා කළා. ඔවුන් සියලුදෙනාම දෙවිට ප්‍රශංසා ගී ගායනා කළ පසු එතැනින් පිටත්ව ගෙත්සෙමන නම් උයනට ගියා.

යේසුස් එහිදී දණින් වැටී දෙවිට මහත් ඕනෑකමින් යාච්ඤා කළා. ටික වේලාවකට පසු යේසුස්ව අත්අඩංගුවට ගැනීමට පිරිසක් එතැනට පැමිණියා. ඒ පිරිස අතර ආයුධ අතැති සෙබළුන් හා පූජකයන්ට අමතරව තවත් අයද සිටියා. එතැන සිටි යූදස් අන් අයට යේසුස්ව හඳුනාගැනීමට හැකි වන ලෙස ඉදිරියට පැමිණ ඔහුව සිඹගනිද්දී සෙබළුන් ඇවිත් යේසුස්ව අල්ලාගත්තා. එවිට යේසුස්ගේ ගෝලයෝ එතැනින් පලා ගියා.

පසුව ඔවුන් යේසුස්ව යුදෙව් මහාධිකරණයට ගෙන ගියා. එහිදී යේසුස් තමා දෙවිගේ පුත්‍රයා බව නොසඟවා පැවසුවා. යේසුස් දෙවිට අපහාස කරන්නෙකු බව පැවසූ ඔවුන්, ඔහු මරණ දණ්ඩනය ලැබීමට සුදුසු බව තීරණය කළා. ඉන්පසු ඔවුන් යේසුස්ව රෝම ආණ්ඩුකාරයා වූ පොන්තියුස් පිලාත් ළඟට ගෙන ගියා. යේසුස් අත කිසි වරදක් නොතිබූ බව පිලාත් තේරුම්ගත්තත් ඔහුට මරණ දණ්ඩනය නියම කරන්න කියා ඉල්ලා සිටි අය අතට නැවත ඔහුව භාර දුන්නා.

රෝම සෙබළුන් යේසුස්ව ගොල්ගොතා නම් ස්ථානයට ගෙන ගොස් වධකණුවක ඇණ ගසා එල්ලා තැබුවා. එය සිදු වුණේ දහවල් කාලයක වුණත් ආශ්චර්යවත් ලෙස ආලෝකය අන්ධකාරයට හැරුණා. එදින සවස් වරුවේ යේසුස් මිය ගිය අතර මහා භූමිකම්පාවක්ද ඒ අවස්ථාවේදී ඇති වුණා. පසුව යේසුස්ගේ ශරීරය පර්වතයක කපා තිබූ සොහොන් ගෙයක තැන්පත් කළා. පසු දින පූජකයන් එම සොහොන් ගෙය විශාල ගලකින් වැසූ අතර එහි ආරක්ෂාව සඳහා මුරකරුවන්ද තැබුවා. යේසුස් හැමදාටම මරණ නින්දේ සැතපී සිටිනු ඇද්ද? නැහැ. ඊට හේතුව අපි ඊළඟ පාඩමේදී සලකා බලමු.

—මතෙව් 26 හා 27 පරිච්ඡේද; මාක් 14 හා 15 පරිච්ඡේද; ලූක් 22 හා 23 පරිච්ඡේද; යොහන් 12-19.

  • සැමරීම සඳහා යේසුස් හඳුන්වා දුන් අලුත් උත්සවය කුමක්ද?

  • යේසුස්ගේ මරණයට පෙර සිදු වූ සිදුවීම් මොනවාද?

යේසුස් තුළින් ඉටු වූ දේ

යෙහෝවා දෙවි අරමුණු කළ දේ ඉටු කිරීමට යේසුස්ගේ මරණය ඉතා වැදගත් වුණා. යේසුස් මිනිසෙකු හැටියට ඉපදුණේ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයෙන් නිසා පව්කාර ස්වභාවය ඔහුට උරුම වුණේ නැහැ. ඒ නිසා ඔහුට නොමැරී සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව තිබුණා. නමුත් ආදම්ගේ අකීකරුකම නිසා මුළු මිනිස් වර්ගයාටම අහිමි වූ සදාකාල ජීවිතය නැවත ලබා දීම සඳහා යේසුස් තම ජීවිතය කැමැත්තෙන්ම පූජා කළා.a—මතෙව් 20:28; ලූක් 1:34, 35; යොහන් 3:16, 36; 2 පේතෘස් 3:13.

a වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 5වන පරිච්ඡේදය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න