පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?
නියම සතුට ලැබෙන්නේ . . .
ආදරේ ලැබෙන එකෙන්ද?
සල්ලිවලින්ද?
නැත්නම් වෙන දේකින්ද?
බයිබලයේ කියන්නේ මෙහෙමයි
“ඇත්තටම සතුටින් ඉන්නේ දෙවියන් කියන දේ අහලා ඒක පිළිපදින අයයි.”—ලූක් 11:28, ‘නව ලොව පරිවර්තනය.’
ඒක විශ්වාස කරද්දී ලැබෙන ප්රයෝජන
නියම ආදරය.—එෆීස 5:28, 29.
ගෞරවය.—එෆීස 5:33.
රැකවරණය.—මාක් 10:6-9.
බයිබලයේ තියෙන දේ විශ්වාස කරන්න පුළුවන්ද?
ඔව්. හේතු දෙකක් බලන්න.
පවුල් සැලැස්ම ඇති කළේ දෙවියන්. බයිබලයේ කියන්නේ “හැම පවුලකටම නම ලැබිලා තියෙන්නේ” යෙහෝවා දෙවියන්ගෙන් කියලයි. (එෆීස 3:14, 15) එහෙම කියලා තියෙන්නේ පවුල් සැලැස්ම ඇති කළේ යෙහෝවා නිසයි. ඒක තේරුම්ගන්න එක වැදගත් වෙන්නේ ඇයි?
ඔයාට රස කෑමක් කන්න ලැබෙනවා කියලා හිතන්න. ඒක හැදුවේ කොහොමද කියලා දැනගන්න නම් ඒ ගැන අහන්න ඕනෙ කාගෙන්ද? ඒක හදපු කෙනාගෙන්ම නේද?
ඒ වගේ තමයි, පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද කියලා අහන්න ඕනෙත් පවුල් සැලැස්ම ඇති කරපු යෙහෝවා දෙවියන්ගෙන්මයි.—උත්පත්ති 2:18-24.
දෙවියන් අපි ගැන ගොඩක් හිතනවා. යෙහෝවා ‘අපි ගැන ගොඩක් හිතන’ නිසා ඔහු අපිට උදව් වෙන මඟ පෙන්වීම් බයිබලයේ දීලා තියෙනවා. (1 පේතෘස් 5:6, 7) ඔහු ඒවා දීලා තියෙන්නේ අපේ සතුට ගැන හිතලා. ඒ නිසා ඔහු දෙන මඟ පෙන්වීම් පිළිපදිද්දී ප්රයෝජන ලැබෙන්නේ අපිටමයි.—හිතෝපදේශ 3:5, 6; යෙසායා 48:17, 18.
මේ ගැන හිතන්න
හොඳ සැමියෙක්, බිරිඳක්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද?
ඒකට උත්තරේ බයිබලයේ එෆීස 5:1, 2 සහ කොලොස්සි 3:18-21 තියෙනවා.