ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 47 පරි. 118 පි.-119 පි. 6 ¶
  • මිය ගිය දැරියකට නැවත ජීවිතය ලැබෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මිය ගිය දැරියකට නැවත ජීවිතය ලැබෙයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • කඳුළු ඉමහත් ප්‍රීති ප්‍රමෝදයට හැරේ
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස් මළවුන්ව නැඟිටුවයි
    මගේ බයිබල් කතන්දර පොත
  • අපි මැරුණත් අපිට ආපහු ජීවිතය ලැබෙනවා
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • යේසුස් බලවත් දේවල් කරයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 47 පරි. 118 පි.-119 පි. 6 ¶
යේසුස් යායිරස්ගේ දුවව නැවත නැඟිටුවයි

47වෙනි පරිච්ඡේදය

මිය ගිය දැරියකට නැවත ජීවිතය ලැබෙයි

මතෙව් 9:18, 23-26 මාක් 5:22-24, 35-43 ලූක් 8:40-42, 49-56

  • යේසුස් යායිරස්ගේ දුවව නැවත නැඟිටුවයි

ලේ ගැලීමක් නිසා පීඩා විඳිමින් හිටිය ස්ත්‍රිය සුව වුණු සිද්ධිය යායිරස් දැක්කා. සමහරවිට මේ වෙද්දීත් ඔහුගේ ‘දුව මිය ගිහින් ඇති.’ (මතෙව් 9:18) ඔහුගේ දුවටත් උදව් කරන්න යේසුස්ට පුළුවන් වෙයිද?

යේසුස් සුවය ලබපු ස්ත්‍රිය එක්ක කතා කරමින් ඉද්දී යායිරස්ගේ ගෙදරින් කිහිපදෙනෙක් ඇවිත් “ගුරුතුමාට තවත් කරදර කරන්න එපා. ඔබේ දුව මිය ගියා” කියා ඔහුට පවසනවා.—මාක් 5:35.

ඔවුන් දැනුම් දුන්නේ මොන තරම් දුක්බර පණිවිඩයක්ද! සමාජයේ ඉන්න හැමෝගේම ගෞරවය දිනාගෙන ඉන්න මේ නිලධාරියා දැන් අන්ත අසරණ තත්වයකට පත් වෙලයි ඉන්නේ. යේසුස්ට ඒ පණිවිඩය ඇහුණාම “භය වෙන්න එපා. ඔබේ විශ්වාසය නැති කරගන්නත් එපා” කියා පවසමින් ඔහු යායිරස්ව දිරිගන්වනවා.—මාක් 5:36.

යායිරස්ගේ දුව මිය යෑම ගැන වැලපෙන අය

දැන් යේසුස් යායිරස් එක්ක ඔහුගේ නිවසට යනවා. එතැන තියෙන්නේ හරිම නොසන්සුන් තත්වයක්. සමහර අය කලබල වෙලා ඝෝෂා නඟනවා. තවත් අය හඬා වැලපෙමින් පපුවට ගසාගන්නවා. හැබැයි නිවසට ඇතුල් වෙන යේසුස් ඔවුන්ට පවසන්නේ “කුඩා දැරිය මිය ගිහින් නැහැ. ඇය නිදාගෙන සිටිනවා” කියලයි. (මාක් 5:39) ඒත් දැරිය මිය ගිහින් කියලා ඔවුන් හොඳින්ම දන්න නිසා යේසුස් කියපු දේ ගැන ඔවුන් උපහාසාත්මක විදිහට හිනා වෙනවා. කොහොමවුණත් තද නින්දක ඉන්න කෙනෙක්ව අවදි කරනවා හා සමානව මිය ගිය කෙනෙක්ව නැවත නැඟිටුවන්න දෙවියන් තමන්ට බලය දීලා තියෙනවා කියලා යේසුස් ඒ අයට පෙන්වලා දෙයි.

දැන් එතැන ඉන්න හැමෝවම යේසුස් පිටත් කරනවා. දරුවාගේ දෙමාපියන්ට අමතරව ඔහුත් එක්ක දැන් ඉන්නේ පේතෘස්, යාකොබ් සහ යොහන් විතරයි. දරුවාගේ අතින් අල්ලමින් යේසුස් “තලිතා කූමි” කියා දරුවාට පවසනවා. ඒකෙන් අදහස් වෙන්නේ “දුවේ, දැන් නැඟිටින්න” කියලයි. (මාක් 5:41) ඒ මොහොතේම නැඟිටින දරුවා ඇවිදින්න පටන්ගන්නවා. ඒක දකිද්දී යායිරස්ටත් ඔහුගේ බිරිඳටත් කොහොම හැඟෙන්න ඇද්ද! වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටක් ඒ වෙලාවේ ඔවුන් අද්දකින්න ඇති. දරුවාට කන්න දෙයක් දෙන්න කියලා දැන් යේසුස් ඔවුන්ට කියන්නේ දරුවා ඇත්තටම ජීවත් වෙනවා කියලා ඔවුන්ට තවත් තහවුරු කරන්නයි.

බයිබල් වාර්තාවට අනුව මේක තමයි යේසුස් කරපු දෙවෙනි නැවත නැඟිටුවීම. යේසුස් ආශ්චර්යවත් විදිහට අසනීප සුව කළාම ඒ ගැන අනිත් අයට කියන්න එපා කියලා ඔහු කලින් වතාවලදී කියලා තිබුණා. දරුවාගේ දෙමාපියන්ටත් යේසුස් දැන් ඒ දේම කියනවා. ඒත් සිද්ධ වුණු දේ ගැන සතුටින් ඉපිලෙන ඔවුන් සහ තවත් අය ඒ ගැන හැමෝටම දැනුම් දෙන නිසා ඒ ආරංචිය ‘මුළු පළාත පුරාම පැතිරෙනවා.’ (මතෙව් 9:26) ඔබ හුඟක් ආදරේ කරපු කෙනෙක් මිය ගිය අවස්ථාවක ඒ කෙනාට නැවත ජීවිතය ලැබුණොත් ඔබ ඒ ගැන හරිම සතුටින් අනිත් අයට කියන්නේ නැද්ද?

  • අතරමඟදී යායිරස්ට දැනගන්න ලැබුණේ මොන පණිවිඩයද? යේසුස් ඔහුව දිරිගැන්නුවේ කොහොමද?

  • යේසුස් සහ යායිරස් නිවසට එද්දී එතැන තිබුණේ මොන වගේ වාතාවරණයක්ද?

  • දරුවා නිදාගෙන ඉන්නවා කියලා යේසුස් කිව්වේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න