ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 92
  • යේසුස් මළවුන්ව නැඟිටුවයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් මළවුන්ව නැඟිටුවයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • අපි මැරුණත් අපිට ආපහු ජීවිතය ලැබෙනවා
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • මිය ගිය දැරියකට නැවත ජීවිතය ලැබෙයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • කඳුළු ඉමහත් ප්‍රීති ප්‍රමෝදයට හැරේ
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ඇය ඔහුගේ වස්ත්‍රයට අත තැබුවාය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 92
යේසුස් යායිරස්ගේ දුවව මරණයෙන් නැවත නැඟිටෙව්වා

කතන්දර 92

යේසුස් මළවුන්ව නැඟිටුවයි

මේ පින්තූරයේ ඉන්න ගෑනු ළමයාට වයස අවුරුදු 12යි. යේසුස් තමයි ඇගේ අත අල්ලාගෙන ඉන්නේ. ළඟ හිටගෙන ඉන්නේ ඇගේ අම්මයි තාත්තායි. ඒ දෙන්නා මෙච්චර සන්තෝෂෙන් ඉන්නේ ඇයි කියලා ඔයා දන්නවාද?

මේ ගෑනු ළමයාගේ තාත්තාගේ නම යායිරස්. එයා ඒ නගරයේ වැදගත් මිනිසෙක්. දවසක්දා එයාගේ දුව ලෙඩ වුණ හින්දා ඒගොල්ලන් ඇයව නිදි කරවනවා. ඒ වුණාට ඇගේ අසනීපය හොඳ වෙන්නේම නැහැ. ලෙඩේ තවත් වැඩි වෙනවා. ඒගොල්ලන්ගේ පොඩි දුව මැරෙන්න ළඟයි වගේ පෙනෙද්දී යායිරස් හා එයාගේ භාර්යාව ගොඩක් කලබල වෙනවා. ඇය ඒගොල්ලන්ගේ එකම දුව. ඉතින් යායිරස් මොනවාද කරන්නේ? එයා යේසුස්ව හොයන්න යනවා. එයා අහලා තියෙනවා යේසුස් කරන පුදුම දේවල් ගැන.

යායිරස්ට යේසුස්ව දකිද්දී, ඔහු වටේ මිනිස්සු ගොඩදෙනෙක් ඉන්නවා. කොහොම හරි යායිරස් මිනිස්සු අතරින් රිංගගෙන ගිහින් යේසුස්ගේ කකුල් දෙක ළඟ වැටෙනවා. ‘මගේ දුවට හොඳටම අමාරුයි’ කියලා එයා කියනවා. ‘කරුණාකරලා, ඇවිත් ඇයව සුව කරන්න’ කියලා එයා හුඟාක් ඕනෑකමින් ඉල්ලනවා. තමා දැන් එනවා කියලා යේසුස් කියනවා.

ඒගොල්ලන් ඇවිදගෙන යද්දී, යේසුස් ළඟට එන්න ඕනේ වෙලා මිනිස්සු තල්ලු කරන්න ගන්නවා. හදිස්සියේම යේසුස් නතර වෙලා ‘කවුද මාව ඇල්ලුවේ’ කියලා අහනවා. යේසුස්ගෙන් බලය පිට වුණා කියලා යේසුස්ට දැනුණු නිසා, ඔහු දන්නවා කවුරු හරි ඔහුව අල්ලන්න ඇතියි කියලා. නමුත් කවුද එහෙම කෙරුවේ? ඒ අවුරුදු 12ක් තිස්සේ හරිම අමාරු ලෙඩක් හැදිලා තිබුණු ස්ත්‍රියක්. ඇය ඇවිත් යේසුස්ගේ ඇඳුම් අල්ලපු හින්දා සුව වෙලා!

මේක දැක්කාම යායිරස්ට ගොඩක් සන්තෝෂයි. ඒකට හේතුව, යේසුස්ට සුව කරන්න කොච්චර ලේසිද කියලා එයා දකින නිසයි. නමුත් එවෙලේම පණිවුඩකරුවෙක් ඇවිත් යායිරස්ට කියනවා: ‘යේසුස්ට තව කරදර කරන්න එපා, ඔයාගේ දුව මැරුණා’ කියලා. යේසුස්ට මේක ඇහිලා ඔහු යායිරස්ට කියනවා: ‘කලබල වෙන්න එපා, ඇය සනීප වෙයි’ කියලා.

ඒගොල්ලන් යායිරස්ගේ ගෙදරට එද්දී එහේ ඉන්න මිනිස්සු හරිම දුකින් අඬ අඬ ඉන්නවා. නමුත් යේසුස් කියනවා: ‘අඬන්න එපා. දරුවා මැරුණේ නැහැ. ඇය නිදාගෙන ඉන්නවා විතරයි’ කියලා. ඒ වුණාට ඒගොල්ලන් හොඳටම දන්නවා ඇය මැරිලයි කියලා. ඉතින් ඒ නිසා ඒගොල්ලන් යේසුස්ට සමච්චල් කරලා හිනා වෙනවා.

ඊට පස්සේ, යේසුස් දරුවා නිදාගෙන ඉන්න කාමරයට දරුවාගේ තාත්තාවයි අම්මාවයි ඔහුගේ ප්‍රේරිතයන් තුන්දෙනෙකුවයි අරන් යනවා. ඔහු ඇයව අතින් අල්ලාගෙන කියනවා: ‘නැඟිටින්න!’ කියලා. ඉතින් ඔයාට මේ පින්තූරෙන් පේන විදිහට ඇයට ආයෙත් පණ එනවා. ඒ විතරක් නෙමෙයි, ඇය නැඟිටිලා ඇවිදිනවා! ඉතින් මේ නිසයි ඇගේ අම්මයි තාත්තයි මෙච්චර සන්තෝෂෙන් ඉන්නේ.

මේ යේසුස් මළවුන්ගෙන් නැඟිටවපු පළවෙනි කෙනා නෙවෙයි. බයිබලයේ කියන්නේ ඔහු නායින් නගරයේ ජීවත් වුණු වැන්දඹු ස්ත්‍රියකගේ පුතෙක්වයි මුලින්ම නැඟිට්ටුවේ කියලා. ඊට පස්සේ මරියා හා මාර්තාගේ සහෝදරයා වන ලාසරුස්වත් යේසුස් මළවුන්ගෙන් නැඟිට්ටෙව්වා. දෙවිගේ රජු හැටියට යේසුස් පාලනය කරනකොට ඔහු දැන් මැරිලා ඉන්න ගොඩක් අයව නැඟිටුවන්න යනවා. මේ ගැන අපිට හරිම සන්තෝෂයි නේද?

ලූක් 8:40-56; 7:11-17; යොහන් 11:17-44.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න