ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 58 පරි. 140 පි.-141 පි. 2 ¶
  • යේසුස් මුහුන් ගැන අනතුරු අඟවයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් මුහුන් ගැන අනතුරු අඟවයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • රොටි සහ මුහුන්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • කෑම ටිකකින් දහස් ගණනකට කන්න දෙයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • “ඵරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද මුහුන්වලින් ප්‍රවේසම්වෙන්ට බලාගනිල්ලා”
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් දහස් ගණනකට ආශ්චර්යවත් ලෙස කන්න දෙයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 58 පරි. 140 පි.-141 පි. 2 ¶
යේසුස් සහ ගෝලයන් කිහිපදෙනෙක් බෝට්ටුවක

58වෙනි පරිච්ඡේදය

යේසුස් මුහුන් ගැන අනතුරු අඟවයි

මතෙව් 15:32–16:12 මාක් 8:1-21

  • යේසුස් 4,000කට කන්න දෙයි

  • ඔහු පරිසිවරුන්ගේ මුහුන් ගැන අනතුරු අඟවයි

යේසුස් ගලීල මුහුදට නැඟෙනහිරෙන් පිහිටි දෙකපොලිසයේ ඉද්දී ලොකු සෙනඟක් ඔහුව හොයාගෙන එනවා. ඒ, ඔහුගෙන් ඉගෙනගන්නත් ලෙඩ සුව කරගන්නත් ඔවුන්ට තියෙන ආශාව නිසයි. දුර ඈත ඉඳන් එන ඔවුන් අවශ්‍ය දේවල් විශාල කූඩවලට දාගෙන එන්නත් අමතක කරලා නැහැ.

යේසුස් දැන් ගෝලයන්ට මෙහෙම කියනවා. “මට මේ සෙනඟ ගැන මහත් අනුකම්පාවක් දැනෙනවා. දවස් තුනක් පුරා ඔවුන් මා සමඟ ඉන්නවා. ඔවුන්ට කන්නත් කිසි දෙයක් නැහැ. සමහරුන් ඇවිත් ඉන්නේ ඉතා දුර බැහැර සිටයි. කෑමට බීමට කිසිවක් නොදී ඔවුන්ව යැව්වොත් යන අතරමඟදී ඔවුන් ක්ලාන්ත වී වැටෙයි.” ඒත් “අපි ඉන්නේ පාළු තැනක. ඉතින් මෙතරම් විශාල සෙනඟකට අපි රොටි හොයන්නේ කොහොමද” කියලා ඔවුන් අහනවා.—මාක් 8:2-4.

යේසුස් රොටියක් කඩද්දී මිනිසෙක් කූඩයක් අල්ලාගෙන සිටියි

“ඔබ ළඟ රොටි කීයක් තිබෙනවාද” කියලා යේසුස් අහද්දී “රොටි හතකුත් කුඩා මසුන් කිහිපදෙනෙකුත් අපි ළඟ තිබෙනවා” කියා ඔවුන් කියනවා. (මතෙව් 15:34) රැස් වෙලා ඉන්න සෙනඟට බිම ඉඳගන්න කියන යේසුස් රොටි සහ මසුන් අතට අරන් දෙවිට ස්තුති කරනවා. දැන් යේසුස් ගෝලයන්ට කියන්නේ ඒවා සෙනඟට බෙදලා දෙන්න කියලයි. මේ අවස්ථාවේදී ස්ත්‍රීන් සහ දරුවන්ට අමතරව පුරුෂයන් 4,000ක් එතැන ඉන්නවා. ඒ හැමෝම කාලා තෘප්තිමත් වුණාට පස්සේ ගෝලයන් ඉතුරු කෑමවලින් විශාල කූඩ හතක් පුරවගන්නවා.

සෙනඟව පිටත් කළාට පස්සේ යේසුස් ගෝලයන් එක්ක ඔරුවක නැඟලා ගලීල මුහුදේ බටහිර වෙරළ තීරයේ තියෙන මගදානයට යනවා. යේසුස්ව හොයාගෙන එතැනට එන පරිසිවරුන් සහ සද්දුසිවරුන් ඔහුගේ වරදක් අල්ලගන්න හිතාගෙන අහසෙන් ලකුණක් අපිට පෙන්වන්න කියලා ඉල්ලනවා.

ඒක තේරුම්ගන්න යේසුස් කියන්නේ මෙහෙමයි. “ඔබ සාමාන්‍යයෙන් පුරුදු වී සිටින්නේ සවස් වූ විට ‘අහස ගින්දර මෙන් රතු පාට නිසා අද කාලගුණය හොඳ වෙයි’ කියා කීමට හා, උදේට ‘අහස ගින්දර මෙන් රතු පාට වී අඳුරුව තිබුණොත් අද ශීත, වැසි සහිත කාලගුණයක් වෙයි’ කියා කීමටයි. අහස දෙස බලා දවසේ කාලගුණය තෝරා දෙන්න ඔබ දැන සිටියත් මේ කාලයට අදාළ ලකුණු තෝරා දෙන්න ඔබට බැහැ.” (මතෙව් 16:2, 3) යෝනාගේ ලකුණ මිස වෙන ලකුණක් දෙන්නේ නැහැ කියලා යේසුස් කියනවා.

දැන් යේසුස් සහ ගෝලයන් යන්නේ ගලීල මුහුදේ ඊසානදිග වෙරළ තීරයේ පිහිටලා තියෙන බෙත්සයිදාවට. පරිසිවරුන් සහ හෙරොද්ගේ පක්ෂයේ ඉන්න සද්දුසිවරුන් එක්ක කතා කරපු දේවල් ගැන මනසේ තියාගෙන යේසුස් ගෝලයන්ට මෙහෙම අනතුරු අඟවනවා. “සෝදිසියෙන් සිටින්න. පරිසිවරුන්ගේ මුහුන්වලින්ද හෙරොද්ගේ මුහුන්වලින්ද පරෙස්සම් වීමට වගබලා ගන්න.” යේසුස් මුහුන් ගැන කියන්නේ ඔවුන්ට රොටි ගේන්න අමතක වුණු නිසා කියලයි ගෝලයන් හිතන්නේ. මොකද ඔවුන් ළඟ තිබුණේ එක රොටියක් විතරයි. ඒත් යේසුස් කිව්වේ ඒ ගැන නෙවෙයි. ඒ නිසයි “ඔබ ළඟ රොටි නැති එක ගැන එකිනෙකාට චෝදනා කරන්නේ ඇයි” කියා යේසුස් අහන්නේ.—මාක් 8:15-17.

මේ වෙද්දී යේසුස් දහස් ගණනකට රොටි දීලා තිබුණා. ඒ නිසා ඇති තරම් රොටි නැති එක ගැන ළත වෙන්න යේසුස්ට කිසිම හේතුවක් නැහැ කියලා ගෝලයන් තේරුම්ගන්න තිබුණා. යේසුස් දැන් ඔවුන්ගෙන් මෙහෙම අහනවා. “ඔබට මතක නැද්ද, මා පුරුෂයන් පන්දහසට රොටි පහකින් කන්න දුන්නා? එයින් ඉතුරු වූ කෑමවලින් කූඩ කීයක් පුරවාගත්තාද කියා ඔබට මතකද?” “දොළහක්” කියලා ගෝලයන් කියනවා. “මා පුරුෂයන් හාරදහසකට රොටි හතක් කඩා දුන් අවස්ථාවේ, ඔබ ඉතුරු කෑමවලින් විශාල කූඩ කීයක් පුරවාගත්තාද” කියලත් යේසුස් අහනවා. ගෝලයන් පිළිතුරු දෙන්නේ “හතක්” කියලයි.—මාක් 8:18-20.

දැන් යේසුස් ඔවුන්ගෙන් මෙහෙම අහනවා. “මා ඔබට ඒ රොටි ගැන කතා නොකළ බව ඔබට නොතේරුණේ ඇයි? මම කිව්වේ පරිසිවරුන්ගේ සහ සද්දුසිවරුන්ගේ මුහුන්වලින් පරෙස්සම් වෙන්න කියායි.”—මතෙව් 16:11.

යේසුස් කතා කරන්නේ මොනවා ගැනද කියලා අන්තිමේදී ගෝලයන් තේරුම්ගන්නවා. සාමාන්‍යයෙන් පිටි පිඩකට මුහුන් දැම්මාම ඒක පිපෙනවා. මේ අවස්ථාවේ යේසුස් මුහුන් ගැන සඳහන් කළේ පරිසිවරුන්ගේ ඉගැන්වීම්වලින් ඇති වෙන්න පුළුවන් නරක බලපෑම ගැන කාවද්දන්න. ඒ නිසා තමයි “පරිසිවරුන්ගේ සහ සද්දුසිවරුන්ගේ ඉගැන්වීම්වලින් පරෙස්සම් වන්න” කියලා ඔහු කිව්වේ.—මතෙව් 16:12.

  • මිනිසුන් යේසුස්ව හොයාගෙන ආවේ ඇයි?

  • යේසුස් මුහුන් ගැන සඳහන් කළාම ගෝලයන් හිතුවේ මොනවාද?

  • ‘පරිසිවරුන්ගේ සහ සද්දුසිවරුන්ගේ මුහුන්’ කියලා කියද්දී යේසුස් ඒකෙන් අදහස් කළේ මොකක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න