ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 61 පරි. 146 පි.-147 පි. 5 ¶
  • භූතයෙක් ආවේශ වුණු පිරිමි දරුවෙක්ව යේසුස් සුව කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • භූතයෙක් ආවේශ වුණු පිරිමි දරුවෙක්ව යේසුස් සුව කරයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • ආවේශ වූ පිරිමි ළමයාව සුව කරයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් කපර්ණවුමේදී බලවත් ක්‍රියා කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • ආශ්චර්යයන් කරන්නේ කාගේ බලයෙන්ද?
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 61 පරි. 146 පි.-147 පි. 5 ¶
භූතයෙක් ආවේශ වෙලා ඉන්න තමන්ගේ පුතාව සුව කරන්න කියා පියෙක් යේසුස්ගෙන් ඉල්ලයි

61වෙනි පරිච්ඡේදය

භූතයෙක් ආවේශ වුණු පිරිමි දරුවෙක්ව යේසුස් සුව කරයි

මතෙව් 17:14-20 මාක් 9:14-29 ලූක් 9:37-43

  • භූතයෙක් ආවේශ වුණු පිරිමි දරුවාව සුව කරන්න ශක්තිමත් විශ්වාසයක් අවශ්‍යයි

පේතෘස්, යාකොබ් සහ යොහන් එක්ක යේසුස් කන්ද බැහැගෙන එද්දී ලොකු සෙනඟක් ගෝලයන්ව වට කරගෙන ඉන්නවා ඔවුන් දකිනවා. සෙනඟ අතරේ ඉන්න නීතිය පිටපත් කරන්නන් ගෝලයන් එක්ක විවාදයක්. මේ වෙලාවේ යේසුස් එතැනට එනවා දකිද්දී පුදුම වෙන සෙනඟ දුවගෙන ගිහින් ඔහුව සාදරයෙන් පිළිගන්නවා. යේසුස් ඔවුන්ගෙන් අහන්නේ “ඔබ ඔවුන් සමඟ විවාද කරන්නේ කුමක් ගැනද” කියලයි.—මාක් 9:16.

එක මිනිසෙක් යේසුස් ඉදිරියේ දණින් වැටිලා මෙහෙම කියනවා. “ගුරුතුමනි, මගේ පුතාට භූතයෙක් වැහිලා. ඒ නිසා ඔහු ගොළු වෙලා. මම පුතාව ඔබ වෙතට ගෙනාවේ ඔහුව සුව කරගන්නයි. භූතයා මගේ පුතාට ආවේශ වන ඕනෑම තැනකදී ඔහුව බිම දමනවා. ඊටපස්සේ ඔහු කටින් පෙණ දමමින්, දත්මිටි කනවා. ඒ වෙලාවලදී ඔහුගේ ඇඟට කිසිම පණක් නැහැ. ඒ භූතයාව දුරු කරන්න කියලා මා ඔබේ ගෝලයන්ට කිව්වා. නමුත් ඔවුන්ට ඒ දේ කරන්න බැරි වුණා.”—මාක් 9:17, 18.

ගෝලයන්ට දරුවාව සුව කරන්න බැරි වුණු නිසා නීතිය පිටපත් කරන්නන් ඔවුන්ව විවේචනය කරන්න ඇති. සමච්චල් කරන්නත් ඇති. මේ වෙලාවේ දරුවාගේ පියා එක්ක කතා කරනවා වෙනුවට යේසුස් සෙනඟට මෙහෙම කියනවා. “ඔබ සියලුදෙනා තුළ කිසිම විශ්වාසයක් නැහැ. ඔබ නොමඟ ගිය පරම්පරාවක්. මා ඔබ සමඟ තව කොපමණ කල් සිටින්නද? ඔබ ගැන තව කොපමණ කල් ඉවසන්නද?” යේසුස් කියපු දේ අදාළ වෙන්නේ ගෝලයන් එක්ක වාද කරමින් හිටිය නීතිය පිටපත් කරන්නන්ට. දරුවාගේ පියාට දැන් යේසුස් කියන්නේ “ඔහුව මා වෙතට ගෙනෙන්න” කියලයි.—මතෙව් 17:17.

දරුවාව යේසුස් ළඟට අරන් ආවාම භූතයා ඔහුව බිම වට්ටලා ගැහෙන්න සලස්වනවා. බිම වැටී ඉන්න දරුවා පෙරළෙමින් කටින් පෙණ දානවා. “මෙය කොතරම් කාලයක් පුරා මොහුට සිදු වෙනවාද” කියලා යේසුස් අහද්දී පියා පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “කුඩා කාලයේ ඉඳලා. ඔහුට වැහෙන භූතයා ඔහුව විනාශ කර දැමීමේ අදහසින් වරින් වර ඔහුව ගින්නටත් වතුරටත් දමනවා. අනේ, අපට අනුකම්පා කරන්න. පුළුවන් නම් මොනව හරි කරලා අපට උපකාර කරන්න.”—මාක් 9:21, 22.

යේසුස්ගේ ගෝලයන්ටවත් දරුවාව සුව කරන්න බැරි වුණු නිසා ඒ පියා ඉන්නේ හරිම අසරණ තත්වයක. ඒක තේරුම්ගත්ත යේසුස් ඔහුව දිරිගන්වමින් මෙහෙම කියනවා. “‘පුළුවන් නම්’ කියා ඔබ කිව්වා නේද? කෙනෙකුට විශ්වාසය තිබෙනවා නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන්.” ඒ මොහොතේම පියා හඬ නඟමින් කියන්නේ මෙහෙමයි. “මට විශ්වාසය තිබෙනවා. ඒත් මගේ විශ්වාසය ශක්තිමත් කරගන්න මට උපකාර කරන්න.”—මාක් 9:23, 24.

භූතයෙක් ආවේශ වුණු පිරිමි දරුවෙක්ව යේසුස් සුව කරයි

දැන් ලොකු සෙනඟක් යේසුස් ළඟට දුවගෙන එනවා. ඒ හැමෝම ඉදිරියේ භූතයාට තදින් කතා කරන යේසුස් මෙහෙම කියනවා. “ගොළු වීමත් බිහිරිකමත් ඇති කරන භූතයෙක් වන ඔබට මා අණ කරන්නේ මොහුගෙන් පිටතට ඇවිත් නැවතත් ඔහුට ආවේශ වෙන්න එපා කියායි.” ඒ වෙලාවේදී දරුවාව ගැහෙන්න සලස්වන භූතයා මොරගසමින් දරුවාගෙන් පිටතට එනවා. දරුවා දැන් ඉන්නේ මැරුණු කෙනෙක් වගේ නිසා මිනිසුන් කියන්නේ “ඔහු මැරිලා” කියලයි. (මාක් 9:25, 26) ඒත් යේසුස් දරුවාගේ අතින් අල්ලලා ඔහුව නැඟිට්ටවනවා. ඔව්, “ඒ පැයේදී දරුවාට සුවය” ලැබෙනවා. (මතෙව් 17:18) ඒ ගැන මිනිසුන් මොන තරම් පුදුම වෙන්න ඇද්ද!

යේසුස් ගෝලයන්ව දේශනා සේවයට පිටත් කළාම භූතයන්ව දුරු කරන්න ඒ අයට පුළුවන් වුණා. ඒත් දැන් “අපට ඒ භූතයාව දුරු කරන්න බැරි වුණේ ඇයි” කියලා ඔවුන් යේසුස්ගෙන් අහනවා. ඒ වෙලාවේ යේසුස් ළඟ හිටියේ ඔවුන් විතරයි. භූතයාව දුරු කරන්න බැරි වුණේ ඔවුන්ගේ විශ්වාසයේ අඩුවක් තිබුණු නිසා කියලා පැහැදිලි කරන යේසුස් මෙහෙම කියනවා. “ඒ වගේ භූතයන්ව දුරු කරන්න ලෙහෙසි නැහැ. ඒ සඳහා යාච්ඤාව ඉතාමත් වැදගත්.” (මාක් 9:28, 29) ඒ බලවත් භූතයාව දුරු කරන්න නම් ශක්තිමත් විශ්වාසයක් තියෙන එකත් දෙවිගෙන් උපකාර ඉල්ලලා යාච්ඤා කරන එකත් හුඟක් වැදගත්.

අන්තිමේදී යේසුස් මෙහෙම කියනවා. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, අබ ඇටයක් තරම්වත් විශ්වාසයක් ඔබ තුළ ඇත්නම් ඔබ මේ කන්දට, ‘මෙතැනින් අතනට යන්න’ කියා කිව්වොත් එය එතැනට යයි. ඔබට කළ නොහැකි කිසිවක් නැහැ.” (මතෙව් 17:20) විශ්වාසය කොයි තරම් බලවත් දෙයක්ද කියලා ඒකෙන් පැහැදිලියි.

යෙහෝවා දෙවිගේ සංවිධානයේ අපි ලබන දියුණුව වළක්වන සමහර බාධා, දුෂ්කරතාවලට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. සමහරවිට අපිට ඒ දේවල් ලොකු කඳු වගේ පෙනෙයි. ඒත් ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්නවා නම් ඕනම බාධාවක් ජය ගන්න අපිට පුළුවන්.

  • කන්දෙන් බැහැලා එද්දී යේසුස් දැක්කේ මොනවාද?

  • පිරිමි දරුවාට ආවේශ වෙලා හිටිය භූතයාව දුරු කරන්න ගෝලයන්ට බැරි වුණේ ඇයි?

  • විශ්වාසය කොයි තරම් බලවත් දෙයක් වෙන්න පුළුවන්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න