ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 133 පරි. 302 පි.-303 පි. 5 ¶
  • යේසුස්ගේ දේහය තැන්පත් කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස්ගේ දේහය තැන්පත් කරයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • සිකුරාදා තැන්පත් කළ දේහය ඉරිදා අතුරුදහන් වෙයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස්ව නැවත නැඟිට්ටවයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • දෙවි තමන්ගේ පුතාව අමතක කළේ නැහැ
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • යේසුගේ මනුෂ්‍ය ජීවිතයේ අවසාන දවස
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 133 පරි. 302 පි.-303 පි. 5 ¶
යේසුස්ගේ දේහය තැන්පත් කිරීමට සූදානම් කරයි

133වෙනි පරිච්ඡේදය

යේසුස්ගේ දේහය තැන්පත් කරයි

මතෙව් 27:57–28:2 මාක් 15:42–16:4 ලූක් 23:50–24:3 යොහන් 19:31–20:1

  • යේසුස්ගේ දේහය කණුවෙන් පහතට ගනියි

  • යේසුස්ගේ දේහය තැන්පත් කරන්න සූදානම් කරයි

  • සොහොන් ගෙය හිස්ව තිබෙන ආකාරය ස්ත්‍රීන් දකියි

නීසාන් 14වෙනි සිකුරාදා දවසේ දවල් වරුවත් ගෙවීගෙන යනවා. හිරු බැස ගියාම උදා වෙන නීසාන් 15වෙනි දවස සබත් දවසක්. මේ වෙද්දී යේසුස් මිය ගිහින් තිබුණත් ඔහු ළඟ ඉන්න කොල්ලකරුවන් දෙන්නාට නම් තවමත් පණ තියෙනවා. දෙවියන් දීපු නීතියට අනුව මළ සිරුරු ‘මුළු රාත්‍රිය පුරාම කණුවල එල්ලා තියන්න’ බැහැ. ‘දවසක් ඇතුළත’ ඒවා තැන්පත් කරන්න ඕනේ.—ද්විතීය කතාව 21:22, 23.

සබත් දවසේදී කිසිම වැඩක් කරන්න බැරි නිසා ඒ දවසට අවශ්‍ය දේවල් කලින් දවසේ ලෑස්ති කරනවා. ඒ නිසා තමයි සබතට කලින් දවස සූදානම් වීමේ දවස විදිහට හඳුන්වන්නේ. නීසාන් 15වෙනිදායින් ඇරඹෙන මුහුන් නොදැමූ රොටි උත්සවයේ පළවෙනි දවස සැලකුවේ සබත් දවසක් විදිහට. (ලෙවී කතාව 23:5, 6) මේ වතාවේ ඒ දවස වැටිලා තියෙන්නේ යුදෙව්වන් සාමාන්‍යයෙන් සබතක් විදිහට සලකපු සෙනසුරාදා දවසකමයි. ඒ අනුව නීසාන් 14වෙනි සිකුරාදා හිරු බැස යෑමත් එක්කම ඇරඹෙන සබත මහ සබතක් වෙනවා.—යොහන් 19:31.

ඒ නිසා යුදෙව්වන් පිලාත්ට කියනවා යේසුස්වත් අනිත් කොල්ලකරුවන් දෙන්නාවත් ඉක්මනින්ම මරන්න කියලා. සාමාන්‍යයෙන් ඒක කරන්නේ කකුල් කඩා දැමීමෙනුයි. එහෙම කළාම හුස්ම ගන්න උදව්වක් විදිහට කකුල් දෙකෙන් වැර දාලා ශරීරය ඉහළට ඔසවන්න ඔවුන්ට බැරි වෙනවා. දැන් හේවායන් ඇවිත් කොල්ලකරුවන් දෙන්නාගේ කකුල් කඩනවා. හැබැයි මේ වෙද්දී යේසුස් මැරිලා නිසා ඔවුන් ඔහුගේ කකුල් කඩන්නේ නැහැ. ඒ නිසා ගීතාවලිය 34:20 සඳහන් මේ අනාවැකිය ඉටු වෙනවා. “ඔහු ධර්මිෂ්ඨයාගේ සෑම ඇටකටුවක්ම ආරක්ෂා කරයි. එයින් එකක්වත් නොබිඳෙයි.”

යේසුස් ඇත්තටම මැරිලාද කියලා දැනගන්න හේවායෙක් හෙල්ලයකින් ඔහුගේ ළයට පහළින් තියෙන පෙදෙසට අනිනවා. එතකොට ‘එතැනින් ලේත් වතුරත් පිටතට’ එනවා. (යොහන් 19:34) ‘ඔවුහු තම හෙල්ලයෙන් තුවාල කළ තැනැත්තා දෙස බලයි’ කියලා සඳහන් අනාවැකියත් දැන් ඉටු වෙනවා.—සෙකරියා 12:10.

අරිමාතිය නම් නුවරේ විසූ “ධනවතෙකු” වගේම මන්ත්‍රණ සභාවේ ප්‍රකට සාමාජිකයෙක් වන යෝසෙප් මේ වෙලාවේ මෙතැන ඉන්නවා. (මතෙව් 27:57) ‘දෙවිගේ රාජ්‍යය ගැන බලා සිටින’ ඔහුව හඳුන්වන්නේ “යහපත් සහ ධර්මිෂ්ඨ තැනැත්තෙක්” විදිහටයි. “යුදෙව්වරුන්ට ඇති බිය නිසා රහසින් යේසුස්ගේ ගෝලයෙකුව” සිටින ඔහු යේසුස්ට විරුද්ධව මන්ත්‍රණ සභාව ගත්ත ක්‍රියාමාර්ගයට අනුමැතිය දුන්නේ නැහැ. (ලූක් 23:50; මාක් 15:43; යොහන් 19:38) දැන් ඔහු ධෛර්යය වඩවාගෙන යේසුස්ගේ දේහය භාරගන්න පිලාත්ගෙන් අවසර ඉල්ලනවා. යේසුස් මිය ගිහින් කියලා හමුදා නිලධාරියාගෙන් ස්ථිර කරගත්තාට පස්සේ පිලාත් යෝසෙප්ගේ ඉල්ලීමට අවසර දෙනවා.

පිරිසිදු අනර්ඝ ලිනන් රෙදි අරන් එන යෝසෙප් යේසුස්ගේ දේහය කණුවෙන් පහළට අරන් ඔහුගේ දේහය ලිනන් රෙදිවලින් ඔතනවා. මුල්ම වතාවේදී රාත්‍රියක යේසුස්ව හමු වුණු නිකදේමස් ඒකට උදව් කරන්න ඇවිත්. (යොහන් 19:39) ඔහු සුවඳ ලාටු සහ අගිල් රාත්තල් සියයක් (කිලෝග්‍රෑම් 33ක්) විතර ගෙනල්ලා. යුදෙව්වන්ගේ සිරිතට අනුව දැන් යේසුස්ගේ දේහය සුවඳ ද්‍රව්‍ය එක්ක රෙදි පටිවලින් ඔතලයි තියෙන්නේ.

ළඟපාත තිබුණු පර්වතයක කපපු අලුත්ම සොහොන් ගෙයක් යෝසෙප්ට තියෙනවා. යේසුස්ව ඒකේ තැන්පත් කරන ඔවුන් ලොකු ගලකින් ඒකේ දොරකඩ වහනවා. ඔවුන් මේ හැම දෙයක්ම කඩිමුඩියේ කරන්නේ සබත් දවස ඇරඹෙන්න තව වැඩි වෙලාවක් නැති නිසයි. සමහරවිට යේසුස්ගේ දේහය සූදානම් කරන්න මරියා මග්දලේනාත් කුඩා යාකොබ්ගේ අම්මා වන මරියාත් උදව් කරන්න ඇති. ඔවුන් දැන් ඉක්මනින්ම නිවෙස් බලා යන්නේ සබත් දවසට පස්සේ දවසේ යේසුස්ගේ දේහයට ගල්වන්න අවශ්‍ය කරන “සුවඳ ද්‍රව්‍ය සහ සුවඳ තෙල් සූදානම් කිරීමටයි.”—ලූක් 23:56.

සබත් දවසේදී පිලාත් ළඟට යන නායක පූජකයන් සහ පරිසිවරු ඔහුට මෙහෙම කියනවා. “ඒ ප්‍රෝඩාකාරයා ජීවත්ව සිටියදී, ‘දවස් තුනකට පසු මාව මරණයෙන් නැඟිටුවනු ලබනවා’ කියා පැවසූ බව අපට මතක් වුණා. එමනිසා තුන්වෙනි දවස දක්වා සොහොන් ගෙය ආරක්ෂා කරන ලෙස අණ කරන්න. නැතහොත් සමහරවිට ඔහුගේ ගෝලයන් ඇවිත් ඔහුගේ දේහය සොරාගෙන ගොස්, ‘ඔහුව මරණයෙන් නැඟිටුවනු ලැබුවා’ කියා ජනයාට කියන්න පුළුවන්. එවිට මේ අවසන් වංචාව මුලින් සිදු වූ වංචාවටත් වඩා දරුණු වෙයි.” ඔවුන්ට පිළිතුරු දෙන පිලාත් “ඔබට මුරකරුවන් සිටිනවා නේද? ඉතින්, ගොස් ඔබට පුළුවන් විදිහට සොහොන ආරක්ෂා කරගන්න” කියලා කියනවා.—මතෙව් 27:63-65.

මරියා මග්දලේනා, යාකොබ්ගේ අම්මා වන මරියා සහ තවත් ස්ත්‍රීන් ඉරිදා උදෙන්ම යේසුස්ගේ දේහයට ගල්වන්න සුවඳ ද්‍රව්‍ය අරන් එනවා. ඔවුන් දැන් කතා වෙන්නේ “අපි කාට කියලද සොහොන් ගෙයි දොරකඩ තබා තිබෙන ගල පෙරළාගන්නේ” කියලයි. (මාක් 16:3) ඔවුන් එන්න කලින් භූමිකම්පාවක් ඇති වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දේවදූතයෙක් සොහොන් ගෙය වහලා තිබුණු ගලත් පෙරළලා දාලා. මුරකරුවනුත් පේන්න නැහැ. සොහොන් ගෙයත් හිස් වෙලා වගෙයි පෙනෙන්නේ.

  • සිකුරාදා දවස සූදානම් වීමේ දවස විදිහට හැඳින්නුවේ ඇයි? මේ සබත ‘මහ සබතක්’ වුණේ ඇයි?

  • යෝසෙප් සහ නිකදේමස් යේසුස්ගේ දේහයට කළේ මොනවාද? ඔවුන් යේසුස්ව හඳුනන්නේ කොහොමද?

  • පූජකයන්ට ඕන වුණේ මොනවා කරන්නද? ඒත් ඉරිදා උදෙන්ම සිද්ධ වුණේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න