ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 71 පාඩම 168 පි.-169 පි. 1 ¶
  • යෙහෝවා යේසුස්ව ආරක්ෂා කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා යේසුස්ව ආරක්ෂා කරයි
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • තාරකාවක් මිනිස්සුන්ට මඟ පෙන්වයි
    මගේ බයිබල් කතන්දර පොත
  • කෲර පාලකයෙක් වෙතින් පලා යෑම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • දුෂ්ට පාලකයෙක්ගෙන් ගැලවෙයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස් සහ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 71 පාඩම 168 පි.-169 පි. 1 ¶
මරියා පුංචි යේසුස් එක්ක බූරුවා පිටේ යද්දී යෝසෙප් ඇවිදගෙන යමින්

71වෙනි පාඩම

යෙහෝවා යේසුස්ව ආරක්ෂා කරයි

ඊශ්‍රායෙල් දේශයේ නැඟෙනහිර පැත්තේ හිටිය සමහර අය විශ්වාස කළා එයාලට මඟ පෙන්නන්න තරුවලට පුළුවන් කියලා. දවසක් රෑ එහේ හිටිය කිහිපදෙනෙක් දැක්කා දිලිසෙන ලොකු තරුවක් වගේ එකක් අහසේ ගමන් කරනවා. ඉතින් එයාලා ඒක පස්සෙන් ගියා. තරුව නැවතුණේ යෙරුසලමේ. එයාලා එහේ ඉන්න අයගෙන් මෙහෙම ඇහුවා. ‘යුදෙව්වරුන්ව පාලනය කරන්න ඉපදුණ රජ ඉන්නේ කොහෙද? අපි ආවේ ඔහුට ගරුබුහුමන් කරන්න.’

එයාලා කියපු දේ යෙරුසලමේ රජ වුණු හෙරොද්ට ආරංචි වුණාම එයා හුඟක් කලබල වෙලා නායක පූජකයන්ගෙන් ඇහුවා ‘ඔය කියන රජ ඉපදෙන්නේ කොහෙද’ කියලා. එයාලා කිව්වා “බෙත්ලෙහෙමේ” කියලා. හෙරොද් නැඟෙනහිර දේශයේ ඉඳන් ආපු අයට කතා කරලා මෙහෙම කිව්වා. ‘බෙත්ලෙහෙමට ගිහින් දරුවාව හොයාගන්න. එයා ඉන්න තැන දැනගත්තාම මට කියන්න. මටත් ඕනෙ එයාට ගෞරව කරන්න.’

තරුව ආයෙත් ඉස්සරහට ගිහින් බෙත්ලෙහෙමේ ගේකට උඩින් නතර වුණා. නැඟෙනහිර දේශයෙන් ආපු අය මරියාවයි යේසුස්වයි දැක්කාම එයාලා යේසුස් ඉස්සරහා දණ ගහලා ගරුබුහුමන් කළා. ඊටපස්සේ එයාලා ළඟ තිබුණු රත්තරන්, කට්ටකුමංජල්, සුවඳ ලාටු තෑගි කළා. යේසුස්ව හොයාගන්න එයාලව එව්වේ යෙහෝවාද? නැහැ.

එදා රෑ යෙහෝවා යෝසෙප්ට මෙහෙම කිව්වා. ‘හෙරොද් හදන්නේ යේසුස්ව මරන්න. බිරිඳයි පුතායි එක්ක ඊජිප්තුවට ගිහින් මං කියන කල් එහේ නැවතිලා ඉන්න.’ යෝසෙප් ඉක්මනටම එයාලත් එක්ක ඊජිප්තුවට ගියා.

යෙහෝවා නැඟෙනහිර දේශයෙන් ආපු අයට කිව්වා හෙරොද් ළඟට යන්න එපා කියලා. එයාලා එන්නේ නැහැ කියලා දැනගත්තාම හෙරොද්ට හුඟක් කේන්ති ගියා. යේසුස්ව හොයාගන්න බැරි නිසා එයා කිව්වා බෙත්ලෙහෙමේ ඉන්න යේසුස්ගේ වයසේ හැම පිරිමි ළමයෙක්වම මරලා දාන්න කියලා. ඒත් යේසුස් හිටියේ ඊජිප්තුවේ.

කාලෙකට පස්සේ හෙරොද් මැරුණාම යෙහෝවා යෝසෙප්ට කිව්වා ‘ඔයාට දැන් ඊශ්‍රායෙල්වලට යන්න පුළුවන්’ කියලා. ඉතින් යෝසෙප් මරියායි යේසුයි එක්ක නාසරෙත්වල පදිංචි වුණා.

‘මගේ මුවින් පිට වෙන මගේ වචනයත් ඒ වගේමයි. මං බලාපොරොත්තු වෙන දේ ඒ විදිහටම වෙනවා.’—යෙසායා 55:11

ප්‍රශ්න: යේසුස්ගේ ජීවිතේ අනතුරේ තිබුණේ ඇයි? යෙහෝවා යේසුස්ව ආරක්ෂා කළේ කොහොමද?

මතෙව් 2:1-23; මීකා 5:2

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න