ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 87 පාඩම 204 පි.-205 පි. 3 ¶
  • යේසුස් නියෝජිතයන් එක්ක හිටපු අන්තිම රාත්‍රිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් නියෝජිතයන් එක්ක හිටපු අන්තිම රාත්‍රිය
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • යේසුස්වහන්සේගේ සමුගැනීමේ වචනවලට අවනත වෙමින්
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • උඩු මහලේ කාමරයක
    මගේ බයිබල් කතන්දර පොත
  • ‘මාව සිහි කිරීමට මේ දේ කරන්න’
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 87 පාඩම 204 පි.-205 පි. 3 ¶
යේසුස් නියෝජිතයන් 11දෙනා එක්ක ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පවත්වමින්

87වෙනි පාඩම

යේසුස් නියෝජිතයන් එක්ක හිටපු අන්තිම රාත්‍රිය

යුදෙව්වරු හැම අවුරුද්දකම පාස්කුව පැවැත්තුවේ නීසාන් 14වෙනිදා. යෙහෝවා ඊජිප්තුවෙන් එයාලව ගලවගෙන පොරොන්දු දේශයට ගෙනාපු විදිහ ඒකෙන් එයාලට මතක් වුණා. ක්‍රි.ව. 33දී යේසුස් නියෝජිතයන් එක්ක යෙරුසලමේ උඩුමහල් කාමරයක පාස්කුව සැමරුවා. කෑම කාලා ඉවර වුණාම යේසුස් කිව්වා “ඔයාලාගෙන් එක් කෙනෙක් මාව පාවලා දෙනවා” කියලා. එතකොට නියෝජිතයන් හැමෝම පුදුමෙන් ඇහුවා ‘ඒ කවුද’ කියලා. යේසුස් කිව්වා ‘මං මේ රොටිය දෙන කෙනා’ කියලා. ඊටපස්සේ යේසුස් යූදස් ඉස්කාරියොත්ට රොටි කෑල්ලක් දුන්නාම එයා ඉක්මනින්ම එළියට ගියා.

යේසුස් යාච්ඤාවක් කියලා රොටි කඩලා ඒක නියෝජිතයන්ට දීලා මෙහෙම කිව්වා. ‘මේ රොටි අරන් කන්න. මේකෙන් නියෝජනය වෙන්නේ මං ඔයාලා වෙනුවෙන් දෙන මගේ ශරීරයයි.’ ඊටපස්සේ යේසුස් වයින් අරන් යාච්ඤා කරලා ඒකත් නියෝජිතයන්ට දීලා මෙහෙම කිව්වා. ‘මේ වයින් බොන්න. ඒකෙන් නියෝජනය වෙන්නේ ඔයාලාගේ පව්වලට සමාව ලබාගන්න මං වගුරුවන මගේ ලේ. ඔයාලා මාත් එක්ක ස්වර්ගයේදී රජකම් කරනවා කියලා මං පොරොන්දු වෙනවා. හැම අවුරුද්දකම මාව සිහි කරන්න මේ දේ කරන්න.’ අදටත් යේසුස්ගේ අනුගාමිකයන් හැම අවුරුද්දකම ඒ දිනේදීම ඒක සමරනවා. ඒකට කියන්නේ ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය කියලා.

කෑම කෑවාට පස්සේ නියෝජිතයන් තමන් අතරින් උසස්ම කෙනා කවුද කියන එක ගැන වාද කළා. ඒ වෙලාවේ යේසුස් මෙහෙම කිව්වා. ‘ඔයාලා අතරේ ඉන්න උසස්ම කෙනා බාලම කෙනා වගේ වෙන්න ඕනේ. ඔයාලාගේ සේවකයා වෙන්න ඕනේ.

‘ඔයාලා මගේ යාළුවෝ. මගේ තාත්තා ඔයාලට කියන්න කියපු හැම දේම මං ඔයාලට කියනවා. ළඟදීම මං ස්වර්ගයේ ඉන්න මගේ තාත්තා ළඟට යනවා. ඔයාලා එකිනෙකාට ආදරේ කරද්දී හැමෝම දැනගනී ඔයාලා මගේ ගෝලයන් කියලා. මං ඔයාලට ආදරේ කරපු විදිහටම ඔයාලත් එකිනෙකාට ආදරේ කරන්න.’

අන්තිමේදී යේසුස් තමන්ගේ ගෝලයන්ව ආරක්ෂා කරන්න කියලා යෙහෝවාට යාච්ඤා කළා. සාමයෙන් එකමුතුව වැඩ කරන්න එයාලට උදව් කරන්න කියලත් යේසුස් ඉල්ලුවා. දෙවියන්ගේ නම ගැනත් යාච්ඤා කළා. ඊටපස්සේ හැමෝම යෙහෝවාට ප්‍රශංසා ගී ගායනා කළා.

“කුඩා රැළ, බය වෙන්න එපා. මොකද ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ තාත්තා ඔයාලට රාජ්‍යය දෙන්න ඔහුගේ අනුමැතිය දීලා තියෙනවා.”—ලූක් 12:32

ප්‍රශ්න: යේසුස් නියෝජිතයන්ට දීපු පොරොන්දුව මොකක්ද? යේසුස් නියෝජිතයන්ට ඉගැන්නුවේ මොන වැදගත් දේවල් ගැනද?

මතෙව් 26:20-30; ලූක් 22:14-26; යොහන් 13:1, 2, 26, 30, 34, 35; 15:12-19; 17:3-26

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න